කාර්යබද්ධ බඩුතොග කාණ්ඩය හෝ FGB ලෙසින්ද හැඳින්වෙන, සර්යා (රුසියානු: Заря́; lit. රතු අහස දිළියුම, අවුරෝරා,[1] හිරු උදාව), යනු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙහි පළමුවෙන් අභ්‍යාවකාශ ගත කෙරුණු මොඩියුලයයි. [2] එකලස් කිරීමේ මුල් අවදියෙහිදී ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය සඳහා විදුලි බලය, ගබඩා පහසුකම්, ප්‍රචාලනය සහ මාර්ගෝපදේශනය සපයන ලද්දේ FGB විසිනි. වඩාත් විශේෂිත ක්‍රියාකාරිත්වයන් සහිත අනෙකුත් මොඩියුල අභ්‍යාවකාශගත කිරීම සහ කක්ෂයෙහි එකලස් කිරීම හා සමගින්, මොඩියුලයේ අභ්‍යන්තරික පීඩනය කෙරුණු කොටසෙහි සහ බාහිරව සවිකර ඇති ඉන්ධන ටැංකි තුලද ලබඩා කර තැබීම් සඳහා සර්යා දැන් ප්‍රාථමික වශයෙන් භාවිතා වෙයි. සර්යා යනු, රුසියානු සැලූට් වැඩසටහන් සඳහා සැලසුම් කෙරුණු TKS අභ්‍යාවකාශ යානයෙන් ව්‍යුත්පන්න වූවකි. හිරු උදාව යන අර්ථය දෙන සර්යා යන නම, [2] FGB වෙත දෙන ලද්දේ, ජාත්‍යන්තර අභ්‍යාවකාශ සහයෝගීතාවයෙහි නව පිටුවක් එය විසින් උදා කල නිසාය. එය රුසියානු සමාගමක් විසින් තැනුනු නමුදු, එහි හිමිකරු වූයේ එක්සත් ජනපදය වෙයි.[3]

  1. උදෑසනදී රතු අහස
  2. 2.0 2.1 නාසා, ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය, සර්යා සංරක්ෂණය කළ පිටපත 2006-09-14 at the Wayback Machine (සම්ප්‍රවේශණය 19 අප්‍රේල් 2014)
  3. Zak, Anatoly (15 ඔක්තොම්බර් 2008). "රිෂියන් සෙග්මන්ට්: එන්ටප්‍රයිස්". RussianSpaceWeb. සම්ප්‍රවේශය 4 අගෝස්තු 2012.
සර්යා
STS-88 වෙතින් සර්යා මොඩියුලය දිස් වන අයුරු (නාසා)
මධ්‍යස්ථාන සංඛ්‍යාන තොරතුරු
NSSDC ID:1998-067A
විදුම් දිනය:20 නොවැම්බර් 1998
විදුම් යානය:ප්‍රෝටෝන්-K
ස්කන්ධය:19,323 කිලෝග්‍රෑම් (42,600 රාත්)
දිග:12.56 මීටර (41.2 අඩි)
විෂ්කම්භය:4.11 මීටර (13.5 අඩි)
සර්යා සහ යුනිටි 1998 වසරෙහිදී පළමුවරට හමුවූ අයුරු
"https://si.wikipedia.org/w/index.php?title=සර්යා&oldid=597722" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි