හරිතලව වනාහි ප්‍රභාසංස්ලේෂණය සිදුකරන සූන්‍යෂ්ටික සෛලවල පමණක් දැකිය හැකි ද්විපටලමය ඉන්‍ද්‍රිකා ය.

හරිතලව අධිව්‍යුහය:
1. පිටත පටලය
2. අන්තර් සෛලීය අවකාශය
3. ඇතුලත පටලය
4. පංජරය
5. තයිලකොයිඩ කුහරය (තයිලකොයිඩයක ඇතළ)
6. තයිලකොයිඩ පටලය
7. පංජර කණිකා (ග්‍රැනා)
8. තයිලකොයිඩය (කුහරය)
9. පිෂ්ටය
10. රයිබොසෝම
11. චක්‍රීය DNA
12. ලිපිඩ ගෝලිකා (ප්ලාස්ටග්ලොබියුල)

ව්‍යුහමය ලක්‍ෂණ

සංස්කරණය

සිනිඳු ද්විපටලයකින් යුතුය. එම පටල අතර අන්තර් සෛලීය අවකාශය නමැති කුඩා අවකාශයක් වේ. අභ්‍යන්තර පටලයෙන් ඇතුලට නෙරායාමක් සේ ඇතිවන තරලමය හා කුහරමය නාල ‘සූස්තර‘ නමින් හඳුන්වයි. මෙම සූස්තරවල සමහර ස්ථාන විශාලවී කැටි බඳු ව්‍යුහ සාදයි. ඒවා ‘තයිලකොයිඩ‘ නම් වේ. තයිලකොයිඩ එකක් මත එකක් පිහිටා ‘පංජරකණිකා‘ සෑදේ. ක්ලෝරෆීල් ආදී වර්ණක එතුල ගිලී පවතී.
සෑම හරිතලවයක ම, ක්ලෝරෆීල් a පවතී. එසේ ම ක්ලෝරෆීල් b, කැරොටිනයිඩ හෙවත් කැරටීන් හා සැන්තෆීල් ආදිය ද හරිතලව තුල පවතී.හරිතලවය ද්විකරණය වියහැකි ඉන්ද්‍රිකාවකි. හරිතලවයක පූරකයෙහි චක්‍රීය DNA අණුවක්, 70 s රයිබසෝම , ප්‍රභාසoස්ලෙෂණයේ එන්සයිම , ජලය දක්නට ලැබේ.තවද

කෘත්‍ය

සංස්කරණය

ප්‍රභාසංස්ලේෂණයේදී සූර්ය ශක්තිය රසායනික ශක්තිය බවට පත්වන්නේ හරිතලව තුලය. මෙහි ඇති රයිබසෝම මගින් ප්‍රෝටීන සංස්ලේෂණය කෙරෙන අතර හරිතලව තුළ ප්‍රභාසංස්ලේෂණ එන්සියම ගබඩා කෙරේ. හරිතලව කොපුවෙන් ආරක්‍ෂාව ද පංජර කණිකා මගින් ආලෝක ප්‍රතික්‍රියාව ද පංජරයෙන් අඳුරු ප්‍රතික්‍රියාව ද පිෂ්ට කණිකා හා තෙල් බිඳු මගින් ආහාර සංචිත කිරීම ද චක්‍රීය DNA මගින් ආවේණික ලක්‍ෂණ පාලනය ද සිදු වේ.

"https://si.wikipedia.org/w/index.php?title=හරිතලව&oldid=613848" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි