සනායා ඉරානි

ඉන්දියානු නිළිය

සනායා ඉරානි යනුවෙන් හැඳින්වෙන්නේ නිළියක බවට පත් ඉන්දියානු නිරූපිකාවකි‍. ඇය සිය පළමු ප්‍රධාන චරිතය නිරූපණය කළේ ඉන්දියානු යොවුන් වැඩසටහනක් වූ මිලේ ජබ් හම් තුම්හි ය. අනතුරුව ඇය ඊස් ප්‍යාර් කෝ ක්‍යා නාම් දූන්?, ඡන්ඡන් සහ රන්ග්රාසියා යන රූපවාහිනී කතාමාලා සඳහා රංගනයෙන් දායක වූවා ය.[3][4]

සනායා ඉරානි[1]
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිළියක, නර්තන ශිල්පිනියක, නිරූපිකාවක
සක්‍රීය වසර2006 - වර්තමානය
කලත්‍රයා(යන්)මෝහිත් සේගාල් (2016 - වර්තමානය)[2]

පෞද්ගලික දිවිය සංස්කරණය

ඉරානි ඌටිහි නේවාසික පාසලක වසර හතක් අධ්‍යාපනය ලබා තිබේ.[5] ඉන් අනුතරුව ඇය සිඩ්න්හැම් විද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපනය හදාළා ය.[6] ඇයට MBA උපාධිය ලබා ගැනීමට අවශ්‍ය වුවත්, පසුව නිළියක බවට පත්වීමට තීරණය කළා ය.

2010 නොවැම්බර් 19 දින ඉරානි මිලේ ජබ් හම් තුම් කතාමාලාවේ සිය ප්‍රධාන සහෝදර නළුවකු සමගඅඇති සම්බන්ධතාව අනාවරණය කළා ය. මෙය නිවේදනය කෙරුණේ එම කතාමාලාවේ රූගත කිරීම්වල අවසන් දිනයේ ය.[7]

සිය වෘත්තියේ මුල් කාලයේ ඉරානි හින්දි බස මැනවින් හැසිරවීමට අපොහොසත් වූවා ය. ඇය අවස්ථා කිහිපයක දී කථා කිරීමේ අපහසුතාවන්ට මුහුණ පෑවා ය.[8]

2016 ජනවාරි 25 දින ඉරානි සිය දිගු කාලීන පෙම්වතා මෙන්ම මිලේ ජබ් හම් තුම් කතාමාලාවේ සිය සහායක නළුවා ලෙස කටයුතු කළ නළු මෝහිත් සේගාල් සමග විවාහ වූයේ ගෝවේදී ය.[9][10]

වෘත්තිය සංස්කරණය

රූපවාහිනිය සංස්කරණය

ඉරානි සිය වෘත්තිය ආරම්භ කළේ නිරූපණ ශිල්පිනියක ලෙස ය. ඇය සිය රංගන දිවියේ ප්‍රවේශය සනිටුහන් කළේ යෂ් රාජ් ෆිල්ම්ස් නිෂ්පාදනයක් වන ෆනා (2006) චිත්‍රපටයේ පසුබිම් චරිතයක් නිරූපණය කරමිනි. මෙහි ඇය මෙහ්බූබා නම් චරිතය නිරූපණය කළා ය.[6] ඉරානිගේ පළමු ප්‍රධාන චරිතය වූයේ ස්ටාර් වන් නාළිකාවේ වැඩසටහනක් වූ මිලේ ජබ් හම් තුම් (2008-2010)[11] රූපවාහිනී කතාමාලාවේ ගුන්ජන් නම් චරිතයයි.[12] ඉන් අනතුරුව ඇය ඊස් ප්‍යාර් කෝ ක්‍යා නාම් දූන්? (2011-2012) කතාමාලාවේ ප්‍රධාන කාන්තා චරිතය වන ඛුෂි කුමාරි ගුප්තා සිං රයිසාදා නම් චරිතය නිරූපණය කළා ය.[13] ඉරානි විසින් මිලේ ජබ් හම් තුම් සහ ඊස් ප්‍යාර් කෝ ක්‍යා නාම් දූන්? කතාමාලාවන් තුළ සිදුකළ චරිත නිරූපණය හේතුවෙන් ඇය වඩාත්ම ප්‍රචලිත සහ ඇගයුමට පත් ඉන්දියානු රූපවාහිනී කතාමාලාවන්ගෙන් එකක් බවට පත් විය.[14] මෙම වැඩසටහනේ අවසන් කථාංගය 2012 නොවැම්බර් 30 දින විකාශය විය.

ඉරානි ‘වසරේ මුහුණ’ සම්මානයෙන් තෙවරක් පිදුම් ලැබුවා ය. එසේම ඉන්දියාවේ People Magazine සඟරාව විසින් නම් කරන ලද වඩාත්ම රූමත් කාන්තාවන් හතළිස් දෙනා අතරට ඇතුළත් වූ එකම රූපවාහිනී නිළිය ද ඇයයි. ඇය ජීවමාන 3වන සරාගීම ආසියානු වනිතාව ලෙස ද නම් ලබා ඇත.[15]

2013 මුල් කාලයේ ඉරානි විසින් කරන් ග්‍රෝවර් සමග ඉෂ්ක් වාලා ලව් වැඩසටහන මෙහෙයවන ලදී.[16] අනතුරුව ඇය ඡන් ඡන් (2013) රූපවාහිනී කතාමාලාවේ ක්‍රියාශීලී නූතන යුවතියකගේ චරිතය නිරූපණය කළා ය.[17][18] මෙම වැඩසටහන ලිහිල්ව ඛුබ්සූරත් නැමැති හින්දි චිත්‍රපටය පාදක කොටගෙන නිපදවා ඇත.[19] 2014 ඉරානි විසින් රන්ග්රසියා කතාමාලාවේ පාර්වතීගේ චරිතය නිරූපණය කරන ලදී.[20] එය සැප්තැම්බරයේ දී අවසන් විය.[21] 2015දී ඉරානි අනුගාමී කතාමාලාවක් වූ ඊස් ප්‍යාර් කෝ ක්‍යා නාම් දූන්?... ඒක් ජාෂ්න් කෙටි කතාමාලාවේ ඛුෂි කුමාරි ගුප්තා සිං රයිසාදාගේ චරිතය නැවත වරක් නිරූපණය කරන ලදී. මෙය දෙසැම්බර් මස අවසන් විය.[22]

රියැලිටි රූපවාහිනී වැඩසටහන් සහ වෙනත් නිරූපණ සංස්කරණය

2010දී ඉරානි කෙටි කාලයක් ස්ටාර් ප්ලස් නාළිකාවේ සාරා නච්කේ දිඛා වැඩසටහනේ දෙවන වාරය මෙහෙයවන ලද්දේ සිය පෙම්වතා වූ මෝහිත් සේගාල් සමගයි.[23] 2013දී ඉරානි වෙල්කම් - බාසි මෙහ්මාන්-නවාසි කි වැඩසටහන සඳහා තරගකාරිණියක ලෙස සහභාගී වූවා ය.[24] මෙය මෙහෙයවන ලද්දේ රාම් කපූර් විසිනි. රියැලිටි වැඩසටහනේ පළමු සතියේ මෙම නිළිය රාගිනී ඛන්නා, නිගාර් ඛාන් ඇතුළු පිරිස සම තරගවැදුණා ය. මීට අමතරව ඇය 2013දී සී ටීවී නාළිකාවේ වැලන්ටයින් දින විශේෂ ඉෂ්ක් වාලා ලව් වැඩසටහන මෙහෙයවන ලද්දේ කරන් ග්‍රෝවර් සමගිනි.[25] 2013 අප්‍රේල් 30 දින ඇය ලන්ඩනයේ බර්මිංහැම්හි නිරූපණයන් සඳහා සහභාගී වූ අතර, 2013 මැයි 1 දින ලයිසෙස්ටර් වෙත පැමිණියේ ඇගේ රසික හමුවක් සඳහායි. එහි දී ඇයව පිළිගැනීමට රසිකයෝ විශාල සංඛ්‍යාවක් පැමිණ සිටියහ.[26] 2017දී, ඉරානි සිය සැමියා වන මෝහිත් සේගාල් සමග නාච් බලියේ 8 වැඩසටහනට සහභාගී වූවා ය.[27]

නිර්මාණ දායකත්වය සංස්කරණය

චිත්‍රපට
  • 2006 - ෆනා : මෙහ්බූබා ලෙස
රූපවාහිනිය
ප්‍රබන්ධ වැඩසටහන්
රියැලිටි වැඩසටහන්

සම්මාන සහ නිර්දේශ සංස්කරණය

වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය කෘතිය ප්‍රතිඵලය
2008 ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන Gr8! මුහුණ (කාන්තා) මිලේ ජබ් හම් තුම් දිනාගති[29]
2012 ජනතාවගේ තේරීම සම්මාන ඉන්දියාව ප්‍රියතම තිරයේ යුවළ (බරුන් සොබ්ති සමග හවුලේ) ඊස් ප්‍යාර් කෝ ක්‍යා නාම් දූන්? දිනාගති[30]
ඉන්දියානු ටෙල්ලි සම්මාන හොඳම තිරයේ යුවළ සඳහා ඉන්දියානු ටෙල්ලි සම්මානය (බරුන් සොබ්ති) දිනාගති[31]
2013 ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන හොඳම නිළිය ජනප්‍රිය නිර්දේශිත[32]
බොරෝප්ලස් ස්වර්ණ සම්මාන බොරෝප්ලස් වසරේ මුහුණ ඡන්ඡන් දිනාගති[33]
2014 ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන හොඳම නිළිය (ජනප්‍රිය) රන්ග්‍රාසියා නිර්දේශිත[34]
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන GR8! වසරේ රංගන ශිල්පියා නිර්දේශිත[34]

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Congratulations Mr.and Mrs. Sehgal". The Telly Tadka.
  2. "From reel to real life jodis". The Times of India.
  3. "Bigg Boss: 'Don't like Tanishaa anymore' - The Times of India". Timesofindia.indiatimes.com. 2013-12-20. සම්ප්‍රවේශය 2014-04-19.
  4. "Learnt what not to do after Chhanchhan: Sanaya Irani - The Times of India". Timesofindia.indiatimes.com. 2014-01-03. සම්ප්‍රවේශය 2014-04-19.
  5. "From Fanaa to Mile Jab Hum Tum". Rediff.com. 2004-12-31. සම්ප්‍රවේශය 2014-04-19.
  6. 6.0 6.1 "From Fanaa to Mile Jab Hum Tum". Rediff.com. සම්ප්‍රවේශය 2012-06-09. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  7. "We are opposites who attract: Sanaya, Mohit - The Times of India". Articles.timesofindia.indiatimes.com. 2011-08-14. සම්ප්‍රවේශය 2014-04-19.
  8. "From Fanaa to Mile Jab Hum Tum". Rediff.com. 2004-12-31. සම්ප්‍රවේශය 2014-04-19.
  9. "Sanaya Irani and Mohit Sehgal ties the knot in Goa". The Indian Express.
  10. "Sanaya Irani: Women just want to take a selfie and men just want to steal a kiss".
  11. "College days are back with Miley Jab Hum Tum". Oneindia.in. සම්ප්‍රවේශය 2012-06-09. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  12. "Sanaya Irani / Gunjan - Miley Jab Hum Tum". STAROne.in. සම්ප්‍රවේශය 2012-06-09. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  13. "Replacement stars rewrite TRPs". Times Of India. සම්ප්‍රවේශය 2012-06-09. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  14. "Soap star 'overwhelmed' by welcome from crowds". This is Leicestershire. සම්ප්‍රවේශය 2012-06-09. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  15. "Katrina Kaif named world's sexiest Asian woman for the fourth time - The Times of India". Articles.timeofindia.indiatimes.com. 2013-12-07. සම්ප්‍රවේශය 2014-04-19.
  16. "Sanaya Irani & Karan V Grover to host Ishq Wala Love". The Times of India.
  17. Vijaya Tiwari (2013-03-04). "Few more names join Modern Bahoo". Times of India. සම්ප්‍රවේශය 5 March 2013.
  18. "Chhan Chhan". Sony Entertainment Television India. 29 September 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 February 2013. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  19. Chaya Unnikrishnan (27 February 2013). "Sanaya Irani reprises Rekha's role". Mumbai: DNA India. සම්ප්‍රවේශය 27 February 2013.
  20. Chaya Unnikrishnan (2013-11-16). "First look | Latest News & Updates at Daily News & Analysis". Dnaindia.com. සම්ප්‍රවේශය 2014-04-19.
  21. "Rangrasiya to end next month". The Times of India.
  22. "Popular TV actors comeback". The Times of India.
  23. "Shilpa, Arshad, Vaibhavi to judge 'Zara Nach Ke Dikha'". Deccan Herald. සම්ප්‍රවේශය 2012-05-28. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  24. "TV celebs take up cooking challenge". Times of India. 18 January 2013. 16 February 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 January 2013. {{cite web}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  25. "Sanaya Irani & Karan V Grover to host Ishq Wala Love". Times of India. 6 Feb 2013. සම්ප්‍රවේශය 12 February 2013.
  26. Mercury, Leicester (2012-05-02). "Soap star 'overwhelmed' by welcome from crowds". Leicester Mercury. සම්ප්‍රවේශය 2014-04-19.
  27. HT Correspondent (9 April 2017). "Nach Baliye 8: Sanaya Irani, Mohit Sehgal confirm they are part of the dance show". Hindustan Times. සම්ප්‍රවේශය 2017-04-25.
  28. සංරක්ෂිත පිටපත, http://www.media247.co.uk/bizasia/ipkknd-to-return-for-8-episodes-online-2015, ප්‍රතිෂ්ඨාපනය 2017-11-18 
  29. "Indian Television Academy Awards 2008". සම්ප්‍රවේශය 2012-05-28.
  30. "2012 And the winners are..." People's Choice Awards India. සම්ප්‍රවේශය 30 November 2012.
  31. "Telly awards 2012 Popular Awards winners". 2012-07-02 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-18.
  32. "The ITA Awards 2012 - Popular Top-5".
  33. "Extra Category Awards 2012". GoldAwards. 1999-02-22. සම්ප්‍රවේශය 2014-04-19.
  34. 34.0 34.1 "IndianTelevisionAcademy.com". indiantelevisionacademy.com.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සනායා_ඉරානි&oldid=593619" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි