ශුද්ධ වූ ජුසේ තුමා

මම කව්වරඔ

ශු. ජුසේ තුමා කතෝලිකන් විසින් ජේසුගේ සුරැකි පියා ලෙස ගෞරවාධරයට පාත්‍ර වන සුවිශේෂකවල හමුවන පුද්ගලයෙකි. ඒ අනුව එතුමා, ජේසුස් වහන්සේගේ මවවූ මරියතුමියගේ ස්වාමි ප්ෂයා වන්නේ ය. (මතෙව් 1 /16) වෘත්තියෙන් එතුමා වඩුවෙකි. තුමන් විසුයේ නාසරෙත් නමැති ග‍්‍රාමයේ බවද, දාවිත් රජුගේ පෙළපතින් පැමිණෙන බවද කිව යුතුයි. එතුමාගේ පියා හෙළි නම් වු බව ශු. ලූක් සුපුවතේ සඳහන් වෙයි. (3/23) ශු. මතෙව් සුවිශේෂය අනුව එතුමාගේ පියා ජාකොබ් වෙයි. (1/16)

ශු. ජූසේ තුමා ඉතා ධර්මිෂ්ඨ වූ පුද්ගලයෙක් ලෙස කතෝලික සභාව හඳුන්වයි.මෙම ගුණාංග නියම කිතුණු පුරුෂ ලක්‍ෂණ ලෙස ආදර්ශයට ගැන්මට සෑම කිතුණු තරුණයෙකුම උනන්දු කරවයි. මේ ගුණංගයන්ට පසුබිම් වු සිද්ධියක් ශු. ලියැවිල්ලෙන් උපුටා දැක්විය හැකිවන්නේ මතෙව් සුපුවතේ 1 පරිච්ඡේදයේ 18 - 25 වගන්ති තුළිනි.

ජේසු වහන්සේගේ මැණියන්වු මරියතුමිය ජුසේ තුමා සමඟ විවාහ ගිවිසගෙන තිබුනත් ඔවුන් දෙදෙනා  එක වන්නට පෙර ශුද්ධාත්මයාණන්ගේ අනුහසින් ඈ ගැබ්ගෙන ඇති බව දැනගන්නා ලදී. ජුදා සම්ප්‍රධායට අනුව දෙදෙනෙකු එක්වන්නටත් පෙර ගැබ් ගැනීම ඉතාමත් බරපතල පාපයක් ලෙස සලකන ලදී. නමුත් ජුසේ තුමා ඇයව ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවා රහසින් ඇයව  අත්හැර දමන්නට තීරණය කරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=ශුද්ධ_වූ_ජුසේ_තුමා&oldid=656716" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි