ශ්‍රී සුමංගල ජාතික පාසල, නිල්දණ්ඩාහින්න

  ශ්‍රී සුමංගල ජාතික පාසල, නිල්දණ්ඩාහින්න යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න [1] හි පිහිටි පාසලකි. එය ද්විභාෂා(සිංහල හා ඉංග්‍රීසි) අධ්‍යාපන වැඩසටහනක් සහිත ජාතික පාසලක් වන අතර [2] වලපනේ අධ්‍යාපන කලාපයට අයත් ප්‍රධාන පාසලකි. [3]

ක්‍රීඩා සංස්කරණය

Sri Sumangala National School, Nildandahinna
  • ශ්‍රී සුමංගල ජාතික පාසල
  • ஶ்ரீ சுமங்கல தேசிய கல்லூரி
 
Location
 
,
ශ්‍රී ලංකා
ඛණ්ඩාංක7°4′44″N 80°53′30″E / 7.07889°N 80.89167°E / 7.07889; 80.89167ඛණ්ඩාංක: 7°4′44″N 80°53′30″E / 7.07889°N 80.89167°E / 7.07889; 80.89167
තොරතුරු
පාසල් වර්ගයNational
ආදර්ශ පාඨයනොනැවතී ඉදිරියට
(Keep moving forward)
ආරම්භ කලේආ. 1864
ආදිකර්තෘඒ.ඩී. ඉෂෙඩ් සිරිවර්ධන [4]
පාසල් දිස්ත්‍රික්කයNuwara Eliya
විදුහල්පතිකපිල අත්තනායක
ශ්‍රේණි6-13
Secondary years taught6-13
බාලක/බාලිකාමිශ්‍ර
වයස් පරාසය6-19
වර්ණ(ය)Maroon and Yellow
         
NicknameS.N.C.
වෙබ් අඩවියhttps://sumangalans.wordpress.com/

2017 වසරේ අන්තර් පාසල් ටයිකොන්ඩෝ ශූරතාවලියේදී නිල්දණ්ඩාහින්න ශ්‍රී සුමංගල ජාතික පාසලේ ටයිකොන්ඩෝ කණ්ඩායම ශූරතාව[5] දිනා ගත්තේ වසර හතරක් පිට පිටම ජයග්‍රහණය කළ එකම පාසල ලෙස ඉතිහාසයට එක්වෙමිනි.

2017 අන්තර් පාසල් ජාතික ශූරතාවලියේදී රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් 6ක් සහ ලෝකඩ පදක්කම් 13ක් සමඟින් සුමංගල කණ්ඩායම පෙරමුණ ගැනීමට සමත් විය. ඒමෙන්ම ශ්‍රී සුමංගල ජාතික පාසලේ ටයිකොන්ඩෝ කණ්ඩායම 2015 සහ 2014 සහ 2016 යන වසර වලදී ද සමස්ත ශූරතා ශූරතාව ද දිනා ගත්තේය [6] .

ඉතිහාසය සංස්කරණය

ඉතා ඈත ඉතිහාසයකට උරුමකම් කියන වර්ථමාන ශ්‍රී සුමංගල ජාතික පාසල ක්‍රි.ව 1864 වර්ෂයේ දී ආරම්භ වූ අතර ප්‍රථම විදුහල්පතිවරයා වූයේ ඒ.ඩි ඉෂෙඩ් සිරිවර්ධන මහතා ය.ආරම්භයේ දී ඉතා අඩු ශිෂ්‍ය සංඛ්‍යාවකින් ආරම්භ වූ මෙම විදුහල මිශ්‍ර පාසලක්ව පැවති මුල් යුගයේ “නිල්දණ්ඩාහින්න රජයේ පාසල” යනුවෙන් නම් කෙරුණු අතර,මෙම පාසල සතුව එවකට තිබුනේ එක් ගොඩනැගිල්ලක් පමණි.පසුකාලීනව මෙම විදුහල පිරිමි හා ගැහැණු වශයෙන් කොටස් දෙකකට වෙන්කර පවත්වාගෙන යන ලදී.පිරිමි පාසල වර්ථමාන මෙම විද්‍යාලයේ ආනන්ද ශාලාව පිහිටි ස්ථානයේ පවත්වාගෙන ගිය අතර ගැහණු පාසල නිල්දණ්ඩාහින්න නගරයේ සමූපකාර ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ පවත්වාගෙන යන ලදි.ගැහණු පාසලේ ආරම්භක විදුහල්පතිනිය වූයේ මීගස්දෙණිය මහත්මිය වූ අතර,පසුකාලීනව වැරැල්ලගම මහත්මිය විදුහල්පතිනිය වශයෙන් කටයුතු කරන ලදි.

ඉන් පසු නැවතත් මෙම විදුහල මිශ්‍ර පාසලක් බවට පත් කෙරුණු අතර ක්‍රමයෙන් දියුණුව කරා පිය නගන්නට විය.රජයේ අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය මෙම පාසල සදහා එවකට පැවති රජයෙන් ගොඩනැගිලි කිහිපයක් හා විද්‍යාගාරයක් ලබා දෙන ලදි.ශ්‍රී සුමංගල යන නාමය මෙම පාසලට ලබා දීමට හේතු වූයේ එවකට මල්වතු පාර්ශ්වයේ මහානායක පදවිය හෙබ වූ මෙම පාසලේ ආදි ශිෂ්‍යයකු වූ “අඹන් ඇල්ලේ ශ්‍රී සුමංගල” නායක ස්වාමින්වහන්සේට උපහාර පිදීම සදහා ය.මෙම කාර්‍යයේ දී පුරෝගාමී ව කටයුතු කරණ ලද්දේ එවකට වලපනේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා වශයෙන් කටයුතු කළ ටි.බි.එම් හේරත් මැතිතුමා ය.

ක්‍රමික විකාශනයක් පෙන්නුම් කරන මෙම පාසල පසු කාලීනව ‘මහා විද්‍යාලයක් බවට පත් වූ අතර ’1982 දී මධ්‍ය මහා විද්‍යාලයක්’ බවට පත් කරණු ලැබීය. “1993 වර්ෂයේ දී මෙම පාසල ජාතික පාසලක්” දක්වා දියුණු වූ අතර මෙම පාසලේ ප්‍රගතිය වෙනුවෙන් අතීතයේ සිට වර්ථමානය දක්වා උරදුන් විදුහල්පතිවරුන් ගණන 30ක් පමණ විය. [1]

  1. 1.0 1.1 "ශ්‍රී සුමංගල විද්‍යාලය,නිල්දණ්ඩාහින්න-නුවර එළිය". ශ්‍රී සුමංගල විද්‍යාලය,නිල්දණ්ඩාහින්න-නුවර එළිය. (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-01-19.
  2. Schools Having Bilingual Education Programme සංරක්ෂණය කළ පිටපත 2013-11-10 at the Wayback Machine
  3. "Walapane Zonal Education Office". November 10, 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  4. https://sumangalans.wordpress.com/
  5. "Sri Sumangala National School bags taekwondo championship". Daily News (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-01-19.
  6. "Sri Sumangala National School, Nildandahinna - Taekwondo champions". Daily News (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-01-19.