ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා

ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා
ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා (දකුණේ)
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Aves
ගෝත්‍රය: Passeriformes
කුලය: Turdidae
ගණය: 'Zoothera'
විශේෂය: Z. imbricata
ද්වීපද නාමය
Zoothera imbricata
ඊ. එල්. ලෙයාර්ඩ්, 1854
පර්යාය නාම(ය)

Zoothera dauma imbricata

ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා හෙවත් පෙතිගෝමර වල් අවිච්චියා (Zoothera imbricata) යනුවෙන් හැඳන්වෙන්නේ ටුර්ඩිඩේ කුලයට අයත් තිරාසික පක්ෂියෙකි. මෙම පක්ෂියා සංක්‍රමණික-නොවන නේවාසික අභිජනන පක්ෂියකු වන අතර, ශ්‍රී ලංකාවේ නිරිතදිග තෙත්බිම්වලින් හමුවේ.

Zoothera imbricata යන විද්‍යාත්මක නාමය හිමි මෙම පක්ෂියා අතීතයේ සැලකුණේ කායුරු තිරාසිකයාගේ ප්‍රභේදයක් ලෙසයි. පසුව කායුරු තිරාසිකයා යනු පක්ෂි සමූහයක් හෝ බොහෝවිට උපරිවිශේෂයක් යැයි සොයාගැනිණි. එම සමූහයට ඉහත විශේෂය ද ඇතුළුව Z. lunulata, Z. heinei, Z. machiki, Z. talaseae, Z. margaretae වැනි විශේෂ ද අයත් විය.[2] මෙම Z. imbricata විශේෂය ප්‍රමාණයෙන් කුඩා අතර දිගු හොටයක් දරයි. පහළ පෙදෙස බොරත් පැහැයක් ගනියි.

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Zoothera imbricata". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2012.1. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. 2012. සම්ප්‍රවේශය 16 July 2012. {{cite web}}: Invalid |ref=harv (help)
  2. http://ibc.lynxeds.com/species/sri-lanka-scaly-thrush-zoothera-imbricata

බාහිර සබැඳි සංස්කරණය


සැකිල්ල:Turdidae-stub