ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2021-22

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2022 පෙබරවාරි සහ මාර්තු මාසවලදී ටෙස්ට් තරග දෙකකට සහ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරග තුනකට ක්‍රීඩා කිරීමට ඉන්දියාවේ සංචාරය කළේය.[1][2] ටෙස්ට් තරඟමාලාව 2021-2023 ICC ලෝක ටෙස්ට් ශූරතාවයේ කොටසක් විය.[3][4] 2021 සැප්තැම්බර් මාසයේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) සංචාරයේ කාලසටහන තහවුරු කළේය.[5][6] 2022 ජනවාරි මාසයේදී, ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් පළමුව වි20ජා තරඟ ක්‍රීඩා කරන ලෙස ඉල්ලීමක් කරන ලදී, මන්ද ඔවුන්ගේ වි20ජා සංචිතය ඕස්ට්‍රේලියානු සංචාරයෙන් පසු කෙලින්ම පැමිණෙන බැවිනි.[7] පෙබරවාරි මස මුලදී, බැංගලෝර් දිවා/රාත්‍රී ටෙස්ට් තරඟයක් පැවැත්වීමත් සමඟ, වෙනස් කිරීමට මණ්ඩල දෙකම එකඟ විය.[8][9] ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සංශෝධිත සංචාර කාලසටහන තහවුරු කලේය.[10]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2022
ඉන්දියාව
ශ්‍රී ලංකාව
දින වකවානුව 2022 පෙබරවාරි 24 – 2022 මාර්තු 16
නායකයන් රෝහිත් ෂර්මා දිමුත් කරුණාරත්න (ටෙස්ට්)
දසුන් ශානක (වි20ජා)
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ඉන්දියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු රවීන්ද්‍ර ජඩේජා (201) දිමුත් කරුණාරත්න (166)
වැඩිම කඩුළු රවිචන්ද්‍රන් අශ්වින් (12) ලසිත් ඇඹුල්දෙණිය (8)
තරගමාලාවේ ක්‍රීඩකයා ඉන්දියාව රිෂාබ් පාන්ට්
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින්
ඉන්දියාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු ශ්‍රේයාස් අයියර් (204) දසුන් ශානක (124)
වැඩිම කඩුළු බුවනේෂ්වර් කුමාර් (3) ළහිරු කුමාර (5)
තරගමාලාවේ ක්‍රීඩකයා ඉන්දියාව ශ්‍රේයාස් අයියර්

2022 පෙබරවාරි 2 වන දින, ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් මෙම තරඟාවලියෙන් පසුව සියලු ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් වලින් සමුගන්නා බව නිවේදනය කළේය.[11] 2022 පෙබරවාරි 19 වන දින, ඉන්දියාව තරඟ සඳහා ඔවුන්ගේ සංචිත නම් කරන ලද අතර, ඔවුන්ගේ නව ටෙස්ට් නායකයා ලෙස රෝහිත් ෂර්මා පත් කරන ලදී.[12] 2022 පෙබරවාරි 26 වන දින, ටෙස්ට් තරඟමාලාවේ පළමු තරඟය ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව ක්‍රීඩා කරන බව නිවේදනය කරන ලද අතර, දෙවන ටෙස්ට් තරඟයට ප්‍රේක්ෂකයින්ට සහභාගී වීමට අවසර දෙනු ලැබේ.[13] කෙසේ වෙතත්, 2022 මාර්තු 1 වන දින, පළමු ටෙස්ට් තරඟය සඳහා ප්‍රේක්ෂක ධාරිතාව 50% පමණක් අවසර දෙන ලදී.[14]

පළමු වි20ජා තරගයේදී ඉන්දියාව සිය පන්දුවාර 20 අවසානයේ ලකුණු 199/2 යි,[15] ඒ අනුව ලකුණු 62කින් තරගය ජයගැනීමට ඔවුන්ට හැකි විය.[16] දෙවැනි වි20ජා තරගය කඩුලු 7කින් ජයගත් ඉන්දියාව තරගයක් ඉතිරිව තිබියදී තරගමාලාව ජය ගත්තේය.[17] තෙවැනි සහ අවසන් වි20ජා තරගය කඩුලු 6කින් ජයගත් ඉන්දියාව තරගමාලාව 3-0ක් ලෙස ජය ගත්තේය.[18]

තරගමාලාවේ පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ 300 වැනි ටෙස්ට් තරගයයි.[19] එය ඉන්දියාවේ විරාත් කෝලිගේ 100 වැනි ටෙස්ට් තරගයද විය.[20] ටෙස්ට් තරගයේදී රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 175ක් රැස්කරමින් කඩුලු 9ක් දවා ගැනීමට සමත් විය.[21] දින තුනක් ඇතුළත තරගය ජය ගැනීමට ඉන්දියාව සමත් විය.[22] ඒ ඉනිමක සහ ලකුණු 222ක පරතරයකින්.[23] දෙවැනි ටෙස්ට් තරගය ද දින තුනකින් අවසන් වූ අතර ඉන්දියාව ලකුණු 238කින් ජය ගනිමින් තරගමාලාව 2-0ක් ලෙස ජය ගත්තේය.[24]


සංචිත සංස්කරණය

ටෙස්ට් වි20ජා
  ඉන්දියාව[25]   ශ්‍රී ලංකාව[26]   ඉන්දියාව[27]   ශ්‍රී ලංකාව[28]
  • රෝහිත් ෂර්මා (නා)
  • ජස්ප්‍රිත් බුම්රා (උප)
  • මායන්ක් අගර්වාල්
  • රවිචන්ද්‍රන් අශ්වින්
  • කේ.එස් භාරත් (කරැ)
  • ශුබ්මන් ගිල්
  • ශ්‍රෙයාස් අයියර්
  • රවීන්ද්‍ර ජඩේජා
  • විරාත් කෝලි
  • සෞරබ් කුමාර
  • ප්‍රියන්ක් පංචාල්
  • රිෂාබ් පාන්ත් (කරැ)
  • අක්සාර් පටෙල්
  • මොහොමඩ් ෂාමි
  • මොහොමඩ් සිරාජ්
  • හනුමා විහාරි
  • ජයන්ත් යාදෙව්
  • කුල්දීප් යාදෙව්
  • උමේෂ් යාදෙව්
  • රෝහිත් ෂර්මා (නා)
  • ජස්ප්‍රිත් බුම්රා (උප)
  • මායන්ක් අගර්වාල්
  • රවී බිෂ්නෝයි
  • යුස්වේන්ද්‍ර චාහල්
  • දීපක් චාහර්
  • රුතුරාජ් ගයික්වාඩ්
  • දීපක් හූඩා
  • ශ්‍රෙයාස් අයියර්
  • වෙන්කටේෂ් අයියර්
  • රවීන්ද්‍ර ජඩේජා
  • අවේශ් ඛාන්
  • ඉෂාන් කිෂාන් (කරැ)
  • බුවනේෂ්වර් කුමාර්
  • හර්ෂල් පටෙල්
  • සංජු සැම්සන් (කරැ)
  • මොහොමඩ් සිරාජ්
  • කුල්දීප් යාදෙව්
  • සූර්යකුමාර් යාදව්
  • දසුන් ශානක (නා)
  • චරිත් අසලංක (උප)
  • දුෂ්මන්ත චමීර
  • දිනේෂ් චන්දිමාල් (කරැ)
  • අෂියන් ඩැනියෙල්
  • බිනුර ප්‍රනාන්දු
  • ශිරාන් ප්‍රනාන්දු
  • ධනුෂ්ක ගුණතිලක
  • වනිඳු හසරංග
  • ප්‍රවීන් ජයවික්‍රම
  • චාමික කරුණාරත්න
  • ලහිරු කුමාර
  • ජනිත් ලියනගේ
  • කුසල් මෙන්ඩිස් (කරැ)
  • කමිල් මිෂාර
  • පැතුම් නිශ්ශංක
  • මහේෂ් තීක්ෂණ
  • ජෙෆ්රි වැන්ඩර්සේ

වි20ජා තරඟ වලට පෙර, දීපක් චාහාර් සහ සූර්යකුමාර් යාදව් යන දෙදෙනාම පිලිවෙලින් කලවයේ ආබාධයක් සහ අස්ථි බිඳීමක් හේතුවෙන් ඉන්දීය සංචිතයෙන් ඉවත් කරන ලදී.[29] බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන සහ අවසන් විස්සයි20 තරඟය අතරතුර මෙම ක්‍රීඩකයින් දෙදෙනාම තුවාල ලබා තිබේ.[30] කොවිඩ්-19 සුව නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ද වි20ජා තරගමාලාවෙන් ඉවත් කරන ලදී.[31]

පළමු වි20ජා තරගයෙන් පසුව මහීෂ් තීක්ෂණ සහ ශිරාන් ප්‍රනාන්දු යන දෙදෙනාම ආබාධ හේතුවෙන් ඉතිරි තරග සඳහා ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් විය.[32] වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ වෙනුවට ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට ඇතුළත් කර තිබේ.[33] ඉන්දීය වි20 කණ්ඩායමේ ඉතිරි තරග දෙක සඳහා රුතුරාජ් ගයික්වාඩ් වෙනුවට මායන්ක් අගර්වාල් කැඳවා ඇත.[34] දෙවැනි තරගයේදී හිසට පහරක් වැදීම හේතුවෙන් ඉන්දියාවේ ඉෂාන් කිෂාන් තෙවැනි වි20ජා තරගයෙන් ඉවත් විය.[35]

දෙවැනි ටෙස්ට් තරගයට පෙර ඉන්දියාව සිය සංචිතයෙන් කුල්දීප් යාදව් නිදහස් කළේය.[36] ඒ ඔහු වෙනුවට අක්සාර් පටෙල් එකතු කරමිනි.[37] ආබාධ හේතුවෙන් පැතුම් නිශ්ශංක සහ දුෂ්මන්ත චමීර යන දෙදෙනාම දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් විය.[38]

වි20ජා තරගමාලාව සංස්කරණය

1 වන වි20ජා තරගය සංස්කරණය

2022 පෙබරවාරි 24
19:00
(රාත්‍රී)
ලකුණු පුවරුව
ඉන්දියාව  
199/2 (ඕවර 20)
  ශ්‍රී ලංකාව
137/6 (ඕවර 20)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
  •   දීපක් හූඩා ඔහුගේ පළමු වි20ජා තරගය ක්‍රීඩා කළේය.

2 වන වි20ජා තරගය සංස්කරණය

2022 පෙබරවාරි 26
19:00
(රාත්‍රී)
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
183/5 (ඕවර 20)
  ඉන්දියාව
186/3 (ඕවර 17.1)
  • තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දු රැකීමට ඉන්දියාව තීරණය කලේය.

3 වන වි20ජා තරගය සංස්කරණය

2022 පෙබරවාරි 27
19:00
(රාත්‍රී)
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
146/5 (ඕවර 20)
  ඉන්දියාව
148/4 (ඕවර 16.5)
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  •   රෝහිත් ෂර්මා ඔහුගේ 125 වැනි තරගයට ක්‍රීඩා කළේ වි20ජා තරග වැඩිම ගණනක් සහභාගි වූ ක්‍රීඩකයා බවට පත්වෙමිනි.[39]

ටෙස්ට් තරගමාලාව සංස්කරණය

1 වන ටෙස්ට් තරගය සංස්කරණය

574/8d (ඕවර 129.2)
රවීන්ද්‍ර ජඩේජා 175* (228)
සුරංග ලක්මාල් 2/90 (ඕවර 25)
ඉන්දියාවට ඉනිමක සහ ලකුණු 222ක ජයක් හිමිවිය
එස් බින්ද්‍රා ක්‍රීඩාංගණය, මොහාලි
තරගයේ වීරයා:   රවීන්ද්‍ර ජඩේජා
විනිසුරුවන්:   නිතින් මෙනන් සහ   විරේන්ද්‍ර ෂර්මා
  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  •   රෝහිත් ෂර්මා පළමු වරට ටෙස්ට් තරඟාවලියකදී ඉන්දියාවට නායකත්වය දුන්නේය.[40]
  •   විරාත් කෝලි ඔහුගේ 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය,[41] සහ ඔහුගේ ටෙස්ට් ලකුණු 8,000 ලබා ගත්තේය.[42]
  • ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: ඉන්දියාව 12, ශ්‍රී ලංකාව 0.

2 වන ටෙස්ට් තරගය සංස්කරණය

  • කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: ඉන්දියාව 12, ශ්‍රී ලංකාව 0.

සටහන් සංස්කරණය

  1. 1.0 1.1 සෑම ටෙස්ට් තරගයක් සඳහාම දින පහක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණද, ටෙස්ට් තරග දෙකම දින තුනකින් ප්‍රතිඵල ලබා ගත්තේය.

යොමු කිරීම් සංස්කරණය

  1. "India Cricket Schedule Between 2021-2023 Announced by BCCI, Team to Play Non-stop Cricket". News18 (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 27 May 2021.
  2. "The SLC announces Sri Lanka's Cricketing Calendar for the year 2022". The Papare. සම්ප්‍රවේශය 5 January 2022.
  3. "Men's Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 October 2019.
  4. "ICC confirms details of next World Test Championship". International Cricket Council. සම්ප්‍රවේශය 21 September 2021.
  5. "India to host New Zealand, West Indies, Sri Lanka and South Africa in next nine months". ESPN Cricinfo. සම්ප්‍රවේශය 20 September 2021.
  6. "Update - 9th Apex Council Meeting". Board of Control for Cricket in India. සම්ප්‍රවේශය 20 September 2021.
  7. "SLC requests for rescheduling of India T20Is". The Papare. සම්ප්‍රවේශය 26 January 2022.
  8. "Sri Lanka tour of India set to begin with T20Is; Bengaluru to host day-night Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2 February 2022.
  9. "Mohali set to host Kohli's 100th Test; Sri Lanka series to kick off with T20Is". CricBuzz. සම්ප්‍රවේශය 8 February 2022.
  10. "BCCI announces revised schedule for home series against Sri Lanka". Board of Control for Cricket in India. සම්ප්‍රවේශය 15 February 2022.
  11. "Suranga Lakmal to retire from all forms of international cricket". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2 February 2022.
  12. "Rohit Sharma appointed as India's full-time Test Captain". International Cricket Council. සම්ප්‍රවේශය 19 February 2022.
  13. "India vs Sri Lanka Test series: Bengaluru will allow spectators, Mohali to keep doors closed". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 March 2022.
  14. "Fans allowed to attend Mohali Test at 50% capacity". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 March 2022.
  15. "Kishan, Shreyas fifties muscle India to huge win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 24 February 2022.
  16. "India vs Sri Lanka 1st T20I Highlights, Score Updates: India crush Sri Lanka by 62 runs to take 1-0 series lead". The Times of India. සම්ප්‍රවේශය 24 February 2022.
  17. "Second T20I: Shreyas Iyer, Ravindra Jadeja star as India beat Sri Lanka by 7 wickets to win series". Scroll India. සම්ප්‍රවේශය 26 February 2022.
  18. "Shreyas' third straight fifty powers India to 3-0 sweep". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 February 2022.
  19. "IND vs SL, 1st Test: Great Honour to Captain Sri Lanka in 300th Test match, Says Dimuth Karunaratne". News 18. සම්ප්‍රවේශය 4 March 2022.
  20. "Jadeja, Ashwin star as India go 1-0 up against Sri Lanka". International Cricket Council. සම්ප්‍රවේශය 6 March 2022.
  21. "Jadeja's all-round show gives India a win in three days". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 March 2022.
  22. "India v Sri Lanka: Ravindra Jadeja shines as visitors thrashed in first Test". BBC Sport. සම්ප්‍රවේශය 6 March 2022.
  23. "Jadeja stars in Virat Kohli's 100th Test as India win by 222 runs". The Times of India. සම්ප්‍රවේශය 6 March 2022.
  24. "India brush aside Sri Lanka despite Dimuth Karunaratne's resistance". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 March 2022.
  25. "Cheteshwar Pujara and Ajinkya Rahane dropped from India's Test squad for Sri Lanka series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 February 2022.
  26. "Sri Lanka Tour of India 2022 Test Squad". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 25 February 2022.
  27. "Ravindra Jadeja, Sanju Samson back in India squad for Sri Lanka T20Is". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 February 2022.
  28. "Sri Lanka T20I squad for India tour 2022". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 21 February 2022.
  29. "Deepak Chahar ruled out of Sri Lanka T20Is". CricBuzz. සම්ප්‍රවේශය 22 February 2022.
  30. "Injured Deepak Chahar, Suryakumar Yadav ruled out of SL T20Is". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 February 2022.
  31. "India vs Sri Lanka: Wanindu Hasaranga yet to recover from Covid-19, to miss T20I series". India Today. සම්ප්‍රවේශය 23 February 2022.
  32. "Maheesh Theekshana ruled out of T20Is, Sri Lanka fret over Kusal Mendis' fitness". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 February 2022.
  33. "Dharamsala weather in focus as India hunt for 11th straight T20 win against injury-hit Sri Lanka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 February 2022.
  34. "IND vs SL, 2nd T20I: Mayank Agarwal Replaces Injured Ruturaj Gaikwad For Remaining Games". News18. සම්ප්‍රවේශය 25 February 2022.
  35. "Ishan Kishan ruled out of third T20I". ESPN Cricinfo. සම්ප්‍රවේශය 27 February 2022.
  36. "India release Kuldeep Yadav after Axar joins Test squad". Cricbuzz. සම්ප්‍රවේශය 7 March 2022.
  37. "Axar Patel returns to Indian Test squad for Bangalore Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 7 March 2022.
  38. "Pathum Nissanka out of second Test with back injury". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 March 2022.
  39. "IND vs SL: Rohit Sharma goes past Pakistan's Shoaib Malik to reach unique T20I milestone". Hindustan Times. සම්ප්‍රවේශය 27 February 2022.
  40. "Ind vs SL: Rohit Sharma becomes 35th cricketer to captain Team India in Test matches". Times Now. සම්ප්‍රවේශය 4 March 2022.
  41. "Virat Kohli: 'I have given my heart and soul to Test cricket'". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 March 2022.
  42. "India vs Sri Lanka: Virat Kohli becomes 6th Indian batter to score 8000 Test runs". India Today. සම්ප්‍රවේශය 4 March 2022.

බාහිර සබැඳි සංස්කරණය