ශ්‍රී ලංකාවේ සමකාලීන දෘශ්‍ය කලාවේ ඉතිහාසය

thumb|බන්දුල පීරිස්, ප්‍රජාතන්ත්‍රවාදයේ නිරුවත 1989, මිශ්‍ර මාධ්‍ය |242x242පික්ශ්‍රී ලංකාව තුල නවීකාරක කලාව හෙවත් මොඩර්න් කලාව ස්ථාපිත වූයේ 43 කණ්ඩායමෙන් බව පොදු පිළිගැනීම ය. 43 කණ්ඩායමෙන් පසු විවිධ පිරිස් හරහා නවීකාරක කලාව තවදුරටත් පැතිරිණ. නවීකාරක කලාව හුදෙක් එවක සමකාලීන ප්‍රස්තුතයන් පාදක කලාවක් නොවුන අතර එම ධාරාවෙන් මුලික වශයෙන් පෙන්නුම් කළේ සමාජ විශ්ලේශනීය මානයකට වඩා මානව සන්වේදනාවන්ගේ මුඛ්‍ය ලක්ෂණයන් ය. ලංකාව තුළ මොඩර්න් කලාවේ විවිධ ශෛලීන් යටතේ වැඩ කළ කලාකරුවන් රාශියක් බිහිව සිටියත් එම සෑම  ශෛලියක්ම පොදුවේ මොඩර්න් යන තත්වයක් යටතේ මිස යුරෝපීය මොඩර්න් කලා වපසරියේ මෙන් උපස්ථිතිවාදී, ප්‍රකාශනවාදී, සංකල්පරුප වාදී ආදී ලෙස ශානරගතව හැඳින්වූයේ නැති තරම් ය. මෙහිදී එච්. ඒ. කරුණාරත්න වියුක්ත කලාකරුවෙකු ලෙස පසු කලෙක වෙනම කැපී පෙනුණ නමුත් එම ධාරාව පවා මොඩර්න් කලාවේම දිගුවක්  හැටියට මිස සමකාලීන නව ශානරයක් හැටියට සැලකූ බවක් පෙනෙන්නට නැත. සමකාලීන කලාවට පදනම වැටුණේ පොප් කලාවෙනි. දැනට ඇති තොරතුරුවලට අනුව මොඩර්න් කලාවේ ලක්ෂණ  ඛණ්ඩනය වීමට අදාළ පෙර නිමිති පෙන්නුවේ ශ්‍රී ලංකාවේ බර්ගර් ජාතික සිත්තරකු වන රිචර්ඩ් වෙය්න්මාන්  ය. එහෙත් ඔහු මහජන අවකාශයක පැවැත් වූ කලා ප්‍රදර්ශන හා ඔහු පිලිබඳ තොරතුරු නැත. එම තත්වයෙන් බැහැරව සමකාලීන ප්‍රස්තුත පාදකව ඊට සංගත වන ආකෘතීන් සමග සමකාලීනත්වය පිළිබිඹු කිරීම ඇරඹෙන්නේ බන්දුල පීරිස්ගෙනි. 1989 දී ප්‍රජාතන්ත්‍රවාදයේ නිරුවත මැයෙන් ඔහු කළ මුර්තිය ශ්‍රී ලංකාව තුළ සමකාලීන කලාවේ එතිහාසික කෘතියකි.විවිධ පැතිමාන හා ආකෘති ඔස්සේ සමකාලීන කලාවේ නියැලෙන දෘශ්‍ය කලාකරුවන් කිහිපදෙනෙකු හැටියට මෙසේ නම් කළ හැකිය. චන්ද්‍රගුප්ත තේනුවර, තිස්ස ද අල්විස්, කිංස්ලි ගුණතිලක, ජගත් වීරසිංහ, අනෝලි පෙරේරා, ප්‍රදීප් චන්ද්‍රසිරි, කෝරලේගෙදර පුෂ්පකුමාර, සුජිත් රත්නායක, උපාලි ආනන්ද, මොහොනඩ් කාඩර් , ටී. ශානාතනන්, සරත් කුමාරසිරි.යන අය සමකාලීන කලා වපසරිය තුළ ක්‍රියාකාරී කිහිප දෙනෙකි.

කාලානුරූප නිදර්ශන පෙළ ගැස්ම සංස්කරණය


මෙයද බලන්න. සංස්කරණය