මහගම සේකර
ශ්‍රී ලාංකික කලාකරුවෙකි
මහගමගේ සමරසේකර - මහගම සේකර (1929 අප්‍රියෙල් මස 7 – 1976 ජනවාරි මස 14) ශ්‍රී ලංකාවෙන් බිහිවුණු අග්‍රගණ්‍ය කලාකරුවෙකු වශයෙන් සැලකේ. ඔහු කවියකු, ගීත රචකයකු, නවකතා කරුවෙකු, කෙටි කතා කරුවෙකු, නාට්‍ය රචකයකු සහ චිත‍්‍රපට අධ්‍යක්ෂකයෙකු වශයෙන් සුපතළ විය. ඔහු වැඩි වශයෙන්ම ප්‍රසිද්ධ වූයේ සිංහල ගීත රචකයෙකු වශයෙනි. සිංහල නිසඳැස් පද්‍ය කලාවේ ඔහු සුවිශේෂී සලකුණක් තැබුවේය.
මහගම සේකර මහතා | |
---|---|
උපත | සේකර අප්‍රේල් 7, 1929 |
මිය යාම | January 14, 1976 | (වයස 46)
ජාතිකත්වය | ![]() |
රැකියාව | රජයේ ලලිත කලා ආයතනයේ විදුහල්පති |
සංගණ්‍ය වන්නේ | ගීත රචක, නවකතා, කෙටිකතාකරුවකු, නාට්‍ය රචකයකු සහචිත‍්‍රපට අධ්‍යක්ෂක |
දෙමව්පියන්(s) | මහගම ගේ ජෝන් සිංඤෝ |
ළමා කාලයසංස්කරණය
මහගමසේකර 1929 අප්‍රේල් මස 7වන දින ගම්පහ, රදාවානේ දී උපත ලබන ලදී.ඔහු ඉගෙනුම ලැබුවේ රදාවාන රජයේ පිරිමි පාසලේය.ඔහුගේ බොහෝ නිර්මාණ සඳහා තම කුඩා කාලය තුළ ලැබූ අත්දැකීම් වස්තු විෂය කරගනු ලැබීය. උදා: තුංමංහන්දිය නවකතාව
මහගම සේකර ගේ චිත්ර නිර්මාණසංස්කරණය
මහගම සේකර ගේ චිත‍්‍ර නිර්මාණ විග‍්‍රහයේ පහසුව තකා කොටස් කීපයකට බෙදා දැක්විය හැකි ය. ඒ
- (1) ප්‍රදර්ශන සඳහා ඉදිරිපත් කළ චිත්ර
- (2) තුංමං හංදිය සඳහා නිර්මාණය කළ චිත්ර
- (3) පුවත්පත් කාටුන්
- (4) පොත් කංචුක නිර්මාණ
- (5) ඉලස්ටේ්රෂන් (සන්නිදර්ශන)
- (6) බතික් නිර්මාණ
- (7) එම්බ්‍රොයිඩර් නිර්මාණ
- (8) පෝස්ටර් යනාදි වශයෙනි..
ප්රකාශනසංස්කරණය
අනුවාදසංස්කරණය
- ධවල සේනාංකය - (1956)
ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්ගේ "ද වයිට් කම්පනි" නම් කෘතියේ අනුවාදයකි
ළමා සාහිත්යසංස්කරණය
- පුංචි අයට කයි කතන්දර - (1958)
- සරු පොළවක් අපට ඇතේ - (1973)
- කොටි වලිගය - (1990)
කාව්යසංස්කරණය
- ව්‍යංගා (කේ. ජයතිලක සමඟ) - (1960)
- සක්වා ලිහිණී - (1962)
- හෙට ඉරක් පායයි - (1963)
- මක්නිසාද යත් - (1964)
- රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත - (1967)
- බෝඩිම - (1970)
- නොමියෙමි - (1973)
- ප්‍රබුද්ධ - (1977)
නාට්යසංස්කරණය
- සද්දන්ත සහ තවත් නාටක - (1961)
- මූදු පුත්තු (ගුණසේන ගලප්පත්ති සමඟ) - (1964)
- හංස ගීතය සහ වෙනත් නිර්මාණ - (1985)
නවකතාසංස්කරණය
- තුංමංහංදිය - (1967)
- මනෝමන්දිර - (1972)
කෙටිකතාසංස්කරණය
- මහගම සේකරගේ කතා සහ චිත්‍ර - (1981) මන් තනන්නෝ
- පීතර
- පුතාට කාර් එකක්
ගීත රචනාසංස්කරණය
- ඈත ගව් ගණන් දුරින්
- මා මළ පසු සොහොන් කොතේ
- ඔබේ නමින් සෑය බදිමි
- පාළු අදුරු ලිය අහස මමයි
- මේ සිංහල අපගේ රටයි
- රත්න දීප ජන්ම භූමි
චිත්‍රපට තිර රචනාසංස්කරණය
- තුංමං හංදිය තිර රචනය - (1993)
ශාස්ත්රීයසංස්කරණය
- සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හී රිද්ම ලක්ණhg - (2001)
සම්මානසංස්කරණය
- 1966 සරසවි චිත්‍රපටි සම්මාන උළෙල - හොඳම ගීත පද රචක සම්මානය, "සාර විට" චිත්‍රපටිය වෙනුවෙන් "මේ සිංහල අපගෙ රටයි" ගීතය
- 1968 - සරසවි චිත්‍රපටි සම්මාන උළෙල - හොඳම ගීත පද රචක සම්මානය, "සත් සමුදුර" චිත්‍රපටිය වෙනුවෙන් "සිනිඳු සුදු මුදු තලාවේ" ගීතය
- 1970 - සරසවි චිත්‍රපටි සම්මාන උළෙල - හොඳම ගීත පද රචක සම්මානය, "බිනරමලී" චිත්‍රපටිය වෙනුවෙන් "රටකින් රටකට පාර අසාගෙන" ගීතය