සෞන්දර්ය අධ්‍යයන ආයතනය

Sridaran

2005 දී පීඨ තුනක් යටතේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය බවට පත් වීමට පෙර අධ්‍යයනාශ තුනක් යටතේ 1974 සිට 2005 දක්වා සෞන්දර්ය අධ්‍යයන ආයතනය හැටියට පැවතුණ අධ්‍යාපන ආයතනය පිලිබඳ තොරතුරු ගබඩා කිරීමේ හා යාවත්කාලීන කෙරෙන විකිපීඩියා පිටුවකි.

සෞන්දර්ය අධ්‍යයන ආයතනය ( I A S ) 1974-2005
thumb|2000 දී සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ චිත්‍ර මූර්ති අධ්‍යනාංශයේ නාම පුවරුව ඉදිරිපිට ඡායාරූපයකට පෙනී සිටින සිසුන් දෙදෙනෙක්.(මෙම ආයතනයේ පැතිකඩ ඡායාරූපයක් හැටියට මෙම ඡායාරූපයට වඩා සුදුසු නාමපුවරුව සහිත වෙනත් ඡායාරූපයක් සතු අයකු වේනම් එය ඇතුලත් කොට මෙය යාවත්කාලීන කරන්න.)

'ශ්‍රී ලංකා ජාතික කලා ආයතනය' යටතේ කුරුඳුවත්ත  හෝර්ටන් පෙදෙසේ  තිබුණ 'කලා හා ශිල්ප අංශය' 1965 දී තව දුරටත්  උසස් තත්වයක පිහිටුවා  එය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ 'රජයේ කලා හා ශිල්ප විද්‍යාලය' ලෙස  පිහිටුවීමත්,   'ශ්‍රී ලංකා ජාතික කලා ආයතනය' යටතේ ම තිබුණ සංගීත අංශය 'රජයේ සංගීත විද්‍යාලය' ලෙස උසස් තත්වයක පිහිටුවීමත් මගින්   'සෞන්දර්ය අධ්‍යයන ආයතනය' නිර්මාණය වීමට පසුබිම ඇති විය. රජයේ නර්තන හා මුද්‍රා නාට්‍ය විද්‍යාලය ද  'ශ්‍රී ලංකා ජාතික කලා ආයතනය'ය යටතට ගැනුණ අතර  එවකට    රජයේ කලා හා ශිල්ප විද්‍යාලයේ විදුහල්පති ලෙස පත් ව සිටියේ ස්ටැන්ලි අබේසිංහ ය. රජයේ සංගීත විද්‍යාලයේ  විදුහල්පති ලෙස පත් ව සිටියේ ලයනල් එදිරිසිංහ  ය. රජයේ නර්තන හා මුද්‍රා නාට්‍ය විද්‍යාලයේ විදුහල්පති වූයේ පණිභාරත ය. 1973 දී බොම්බායේ ශ්‍රීමත් ජේ. ජේ. ව්‍යවහාරික කලා ආයතනයේ පීඨාධිපති  මහාචාර්ය එච්.ජී. හන්මන්ටේ සහ ඉන්දියාවේ බොම්බායේ ශ්‍රීමත් ජේ. ජේ. ලලිත කලා පාසලේ පීඨාධිපති මහාචාර්ය පල්සිකාර් යන අයට රජයේ කලා හා ශිල්ප විද්‍යාලය ප්‍රතිසංවිධානය කිරීමෙහිලා  සැලසුම් කිරීමට  ශ්‍රී ලංකා රජය විසින් ආරාධනා කරන ලද නමුත් එවැනි ප්‍රවණතාවක්  රජයේ සංගීත විද්‍යාලය සහ රජයේ නර්තන හා මුද්‍රා නාට්‍ය විද්‍යාලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඇති  වී නැත. කෙසේ නමුත් 1974 දී රජයේ කලා හා ශිල්ප විද්‍යාලය, රජයේ සංගීත විද්‍යාලය, රජයේ නර්තන හා මුද්‍රා නාට්‍ය විද්‍යාලය හා යාපනයේ රාමනාදන් ඇකඩමිය ඒකාබද්ධ කිරීමෙන් 'සෞන්දර්ය අධ්‍යයන ආයතනය' නිර්මාණය විය. එය කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කරන ලද අතර උපාධි පිරි නමන ලද්දේ කැලණිය විශ්ව විද්‍යාලය මගිනි.. වැඩිදුර බලන්න. https://vpa.ac.lk/history/[permanent dead link]thumb|සරත් සූරසේන

70 දශකය

80 දශකය

90 දශකය

මේවා ද බලන්න




Living in India

Living in india 112.135.67.160 12:48, 18 මැයි 2023 (යූටීසී)[reply]