ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස්ට එල්ලකල ප්‍රහාරය

2006 අගෝස්තු 14 වන දින, එවක ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස්වරයා වූ බෂීර් වලි මොහමඩ් ( Bashir Wali Mohamed) මහතාව කැටුව යමින් සිටි රථ පෙලකට දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් විසින් කොළඹ දී බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් මහ කොමසාරිස්වරයා දිවි ගලවා ගත්තද, ඔහුව කැටුව යමින් සිටි ආරක්ෂක නිළදාරීන් ඇතුළු 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ. තවත් පුද්ගලයෝ 17 දෙනෙකු ප්‍රහාරය නිසා තුවාල ලැබූහ.[1]

පාකිස්තානු-ශ්‍රී ලාංකික සබඳතා
Map indicating locations of පාකිස්තානය and ශ්‍රී ලංකාව

පකිස්තානය

ශ්‍රී ලංකාව

තාම සංවිධානය විසින් සිදුකරන සිවිල් පුද්ගලයන්ට කරන කිසිදු ප්‍රහාරයක වගකීම භාර නොගන්නා දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් සුපුරුදු පරිදිම මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීමද භාර නොගන්නා ලදී. ශ්‍රී ලංකා රජය විසින් මෙම ප්‍රහාරය එල්ටීටීඊ සංවිධානය විසින් සිදු කරන ලද්දක් බවට චෝදනා කරන ලදී. ශ්‍රී ලංකා හමුදා ප්‍රකාශකවරයෙකු මේ සිද්ධිය පිළිබඳව විස්තර කරමින් කියා සිටියේ, මේ ප්‍රහාරය දෙමළ ඊළාම් විමුක්ති කොටි විසින් පාකිස්තානු මහ කොමසාරිස්වරයා ඝාතනය කිරීම අරමුණු කොට ගෙන ක්‍රියාත්මක කරන ලද ප්‍රහාරයක් විය හැකි බවයි. පාකිස්තානු රජය ශ්‍රී ලංකා රජය වෙත මිලිටරි ආධාර ලබා දීම එල්ටීටීඊ සංවිධානයේ කෝපයට හේතු වූ නිසා මෙම ප්‍රහාරය දියත් කරන්නට ඇතැයි, ඔහු තවදුරටත් ප්‍රකාශ කරමින් කියා සිටින ලදී. [2]

පසුව, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ටීටීඊ සැකකරුවන් කිහිපදෙනෙකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලදී.[3]


විකල්ප මත සංස්කරණය

පාකිස්තානු මහ කොමසාරිස්වරයා එය, ශ්‍රී ලංකා රජයට මිලිටරි ආධාර සිදු කරන පාකිස්තානය බිය ගන්වනු පිණිස, ඉන්දියාව විසින් ක්‍රියාවට නංවනු ලැබූ ප්‍රහාරයක් ලෙස හඳුන්වන ලදී.[4] එනමුත් මෙම මතය තහවුරු කිරීම සඳහා කිසිදු සාක්‍ෂියක් ඉදිරිපත් නොවුනි.

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. Rica Roy & Anisa Khan (August 14, 2006). "Lanka blast: Pak envoy safe, 7 killed". NDTV.
  2. Simon Gardner (August 14, 2006). Dozens killed in Sri Lanka blast. Reuters. 2008-05-05 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-03-09.
  3. http://wwwupdate.un.org/ga/sixth/63/Prot_Dipl_TEXT/2007SriLanka.pdf[permanent dead link]
  4. Sudha Ramachandran (September 22, 2006). "The Pakistani muscle behind Colombo". Asia Times.