පාකිස්තාන–ශ්‍රී ලංකා සබඳතා

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර වර්ථමානයේ ඉතා සමීප වූ සබඳතාවයක් පවතී. දෙරටම දකුණු ආසියාවට අයත් අසල්වැසි රාජ්‍යයන් දෙකක් වන අතර සාර්ක් සංවිධානයේ සාමාජිකයෝද වෙති.

පාකිස්තානු-ශ්‍රී ලාංකික සබඳතා
Map indicating locations of පාකිස්තානය and ශ්‍රී ලංකාව

පකිස්තානය

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව තුල පාකිස්තානු තානාපති කාර්යාලය කොළඹ නගරය තුලත්,[1] පාකිස්තානය තුල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉස්ලාමාබාද් නුවරත් ස්ථාපනය කොට තිබෙයි.[2]

ආර්ථික සබඳතා සංස්කරණය

දකුණු ආසියාව තුල ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ගණුදෙණුකරුවා වන්නේ පාකිස්තානයයි.[3] පාකිස්තානය සමග නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹුණු ප්‍රථම රට ශ්‍රී ලංකාව වන අතර, එම ගිවිසුම 2005 ජුනි 12 වන දින සිට බල ගැන්වුනි. 4,000 පමණ වෙළඳ භාණ්ඩ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ සිට පාකිස්තානය වෙත අපනයනය කෙරේ.[4] දෙරට අතර සිදුවන වාර්ෂික වෙළඳ ගනුදෙණු ප්‍රමාණය සැලකිය යුතු ඉහල අගයක් ගන්නා අතර, 2010 වසරේදී එම අගය අමෙරිකා ඩොලර් මිලියන 500 ක් පමණ විය.[5] 2010 නොවැම්බරයේදී පාකිස්තානය, ශ්‍රී ලංකාව වෙත අමෙරිකා ඩොලර් 250 ක ණය ආධාර මුදලක් ලබා දෙන ලදී.[6]

මෑතකදී, ශ්‍රී ලංකාවේ නිල ගුවන් සමාගම වන ශ්‍රීලංකන් ගුවන් සේවය සමාගම පාකිස්තානයේ තවත් ප්‍රධාන නගර කීපයක් දක්වා සිය ගුවන් සේවාව පුළුල් කිරීමට අවධානය යොමු කල අතර, ශ්‍රී ලංකාවට නව ගුවන් වාර ගමන් අරඹන ලෙස පාකිස්තානු ජාත්‍යන්තර ගුවන් සේවයටද (Pakistan International Airlines) ආරාධනා කෙරිණි.[7]

ආරක්ෂක සහයෝගීතාවය සංස්කරණය

1999 වර්ෂයේ පටන් ශ්‍රී ලංකාව, පාකිස්තානයෙන් අවි ආයුධ මිලදී ගැනීම සිදු කරයි. 2007 දෙසැම්බර් වන විට එතෙක් සිදුව තිබුණු අවි ගනුදෙණු වල වටිනාකම අමෙරිකා ඩොලර් මිලියන 50 ක් පමණ වූවත්, 2009 වසර වන විට එම අගය තුන් ගුණයත් ඉක්මවීය. ඊට හේතුව වූවේ එම කාලයේදී ශ්‍රී ලංකාව සමග අවි ආයුධ ගිවිසුම් වලට එළඹීමට, එතෙක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන අවි සැපයුම්කරුවෙකු වූ ඉන්දියාව මැලි වීමයි. එනිසා සිය අවි ආයුධ අවශ්‍යතාව සපුරා ගැනීමට කොළඹ, ඉස්ලාමාබාදය වෙත යොමුවුණි.[8][9]

ශ්‍රී ලංකාවේ දෙමළ කොටි ත්‍රස්ථවාදීන් 200 වසරේදී, යාපනය තමන් නතු කර ගැනීමට උත්සාහ කල අතර එම අවස්ථාවේදී එවක පාකිස්තාන ජනපති මුෂාරෆ්, ශ්‍රී ලංකාවට අවශ්‍ය හදිසි ආධාර උපකාර සිදු කරන ලදී.[10] 2006 අගෝසතුවේදී, දෙමළ කොටි ත්‍රස්ථවාදියෙකු විසින් එවක ශ්‍රී ලංකාවේ පාකිස්තාන තානාපති වූ Bashir Wali Mohamed මහතාව ක්ලේමෝ බෝම්බයක් මගින් කොළඹ දී ඝාතනය කිරීමට උත්සාහ කලද, එය ව්‍යර්ථ විය. තානාපතිවරයා ඉන් දිවි ගලවා ගත්තද, බෝම්බය නිසා පුද්ගලයෝ හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්විය.[11] 2008 මැයි වලදී, ශ්‍රී ලංකාවේ යුධ හමුදාපතිවරයා වූ ලුතිනර් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා එවක පාකිස්තාන හමුදාපති සමග ශ්‍රී ලංකාවට අවශ්‍ය අවි ආයුධ පිළිබඳ සාකච්ඡා සිදුකර, අමෙරිකා ඩොලර් මිලියන 100 ඉක්මවූ ගණුදෙනුවකට යොමුවිය.[12]

2009 අප්‍රියෙල්, එනම් ශ්‍රී ලංකාවේ යුද ගැටුම් වල අවසන් සමයේ ලංකා රජයට අවශ්‍ය වූ හදිසි ආයුධ සැපයීමට පාකිස්තානය පියවර ගන්නා ලදී.[13] ශ්‍රී ලාංකික බුද්ධි අංශ නිලදාරීන් පුහුණු කරවීමටද පාකිස්තානය සිය දායකත්වය ලබා දී තිබෙන අතර[14] ශ්‍රී ලාංකික පොලිස් භටයින්ටද පුහුණුව ලබා දීමට කටයුතු කර තිබෙයි.

පාකිස්තානය සමග න්‍යශ්ටික ගිවිසුමකට එළඹීමට ශ්‍රී ලංකාව මෑතකදී අවධානය යොමු කරන ලදී.[15]

සංචාර සංස්කරණය

පාකිස්තාන ජනපති අසිෆ් අලි සර්දාරි (Asif Ali Zardari) මහතා 2010 නොවැම්බරයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.

ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා 2012 පෙබරවාරි 10 දින පාකිස්තානයේ නිල සංචාරයක් සිදු කරන ලදී.[16]

මිත්‍රත්වය සංස්කරණය

ශ්‍රී ලංකා රජය, දෙමළ කොටි ත්‍රස්ථවාදීන් පරාජය කල බවට නිල වශයෙන් ප්‍රකාශ කොට සුළු මොහොතක් ඇතුලත, පාකිස්තානය සිය සුභ පැතුම් ලංකා රජයට පිළි ගන්වන ලදී.

2011 ජුනි මසදී, පාකිස්තානය සිය රට සතුව තුබූ බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා කීප නමක් ශ්‍රී ලංකාවට ලබා දුන් අතර,[17] පාකිස්තාන මහ කොමසාරිස් Seema Ilahi Baloch මහත්මිය, ගම්පහ ප්‍රදේශයේ පාසලක් සංවර්ධනයටද අනුග්‍රහය දක්වා තිබෙයි.[18]

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. The High Commission for Pakistan Colombo, Sri Lanka, http://www.pakistanhc.lk/pages/index1.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-01-29 
  2. High Commission of Sri Lanka in Pakistan
  3. Pak 2nd Trading partner of Lanka in SAARC Pakistan Board of Investment
  4. Sri Lanka gets more duty free access to Pakistan සංරක්ෂණය කළ පිටපත 2011-07-13 at the Wayback Machine Lanka Business Online - April 2, 2009
  5. Pakistan-Sri Lanka trade to reach US $ 500 m Sri Lanka Daily News - November 30, 2010
  6. Pakistan offers credit facility to Sri Lanka, Dawn Business, 11/Jan/2011
  7. "SriLankan Airlines wants more routes in Pakistan". Express Tribune. 7 July 2012. සම්ප්‍රවේශය 7 July 2012.
  8. Sri Lanka’s SOS to Pakistan for urgent arms supplies සංරක්ෂණය කළ පිටපත 2012-04-07 at the Wayback Machine Thaindian - April 2, 2008
  9. Had enough? Tigers turn on Pakistan සංරක්ෂණය කළ පිටපත 2006-08-30 at the Wayback Machine Asia Times - August 16, 2006
  10. [1]
  11. LTTE TARGETS ISI STATION CHIEF IN COLOMBO South Asia Analysis Group - August 15, 2006
  12. "'Pak played key role in Lanka's victory over Tamil Tigers'". Indian Express. 2009-05-28. සම්ප්‍රවේශය 2013-06-20.
  13. "Sri Lanka's SOS to Pakistan for urgent arms supplies - Thaindian News". Thaindian.com. 2008-04-02. සම්ප්‍රවේශය 2013-06-20.
  14. Pak. to train SL spies සංරක්ෂණය කළ පිටපත 2011-07-19 at the Wayback Machine Daily Mirror - January 11, 2011
  15. "Tit-for-tat: Sri Lanka considers nuclear deal with Pakistan". The Express Tribune. 15 July 2013. සම්ප්‍රවේශය 15 July 2013.
  16. http://archives.dailynews.lk/2012/02/13/news02.asp
  17. Pakistan envoy hands over relics to S. Lankan monks Dawn - June 18, 2011
  18. Pakistan aid for school building Sri Lanka Daily News - July 2, 2011

භාහිර සබැදි සංස්කරණය