ශබ්දය
ශබ්දය යනු යම් කම්පනයක් ඝණ, ද්‍රව හෝ වායු මාධ්‍යන් තුලින් ගමන් කරන්නාවූ මූලධර්මයකි. විශේෂයෙන් මෙම කම්පන තරංග, සංඛ්‍යාත ගොනුවක් ලෙස කන හදුනා ගැනීම ශබ්දය ලෙස හදුන්වා දිය හැක.
ශබ්දයේ භෞතික විද්යාවසංස්කරණය
අන්වායාම සහ තීර්යක් තරංගසංස්කරණය
වායු, ප්ලාස්මාවන්, සහ ද්‍රවයන් තුලින් ශබ්දය ප්‍රචාරණය වන්නේ අන්වායාම තරංග ලෙසින් වන අතර, සම්පීඩන තරංග ලෙසින්ද හැඳින්වෙයි. කෙසේවෙතත්, ඝන ද්‍රව්‍ය්‍යන් තුලින්, එය අන්වායාම තරංග ලෙසින්ද තීර්යක් තරංග ලෙසින්ද යන දෙයාකාරයෙන්ම ප්‍රචාරණය විය හැක.