වෛද්‍ය විද්‍යාව

වෛද්‍ය විද්‍යාව (Medicine) සුවපත් කිරීමේ කලාව හා විද්‍යාවයි. දිනපතා ආශ්චර්යයන් සිදුවන විද්‍යාව නැමැති හස්තය යටතේ එක් අංගයක් ලෙස නූතන වෛද්‍ය විද්‍යාව හැදින්විය හැක.

මෙම පුරාණ ග්‍රීක සංකේතය වෛද්‍ය විද්‍යාවේ සංකේතය සමග සම්බන්ධය

වර්ෂ 1880 දී පාස්චර් හා කොක් විසින් ක්ෂුද්‍ර ජීවීන් හා රෝගයන් අතර පවතින සබදතාවය සොයාගැනීම නූතන වෛද්‍ය විද්‍යාවේ උපත ලෙස හැදින්විය හැකියි. විෂබීජ නාශක භාවිතය, නිර්වින්දනය හදුන්වා දීම හා මහජන සෞඛ්‍ය කටයුතු වැඩි දියණු වීම නිසා තව දුරටත් වෛද්‍ය විද්‍යාව දියුණු වූවාය. එතැන් පටන් වෛද්‍ය විද්‍යාව ඉතා සීඝ්‍ර දියුණුවක් ලැබුවාය. අද වන විට බිදුණු හදවත් නැවත පණ ගැන්වීමටත් නැතිවු දෑත් දෙපා නැවත ලබා දීමටත්, අදෘශ්‍යමාන ලෙඩ රෝග ‍සොයාගෙන, ප්‍රතිකාර කිරීමටත්, නිවාරණය කර ගැනීමටත් අවශ්‍ය මං පෙත් සැකසී අවසන්ය.

නව සොයා ගැනීම්සංස්කරණය

වෛද්‍ය විද්‍යාවේ විවිධ අංශවලින් නව සොයාගැනීම් සදහා පර්යේෂණ කටයුතු සිදුකරනු ලබයි. මේ අතරින් පිළිකා, හෘද රෝග වැනි බෝ නොවන රෝග හා වෙනත් ප්‍රජා සෞඛ්‍ය ප්‍රශ්න සම්බන්ධයෙනුත් ඉතා දියුණු මට්ටමේ පර්යේෂණ සිදු වෙමින් පවතී.

නව තාක්ෂණයසංස්කරණය

ලෝකයේ ව්‍යාප්ත වන අති නවීන තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගැනීම නිසා, මාරාන්තික රෝග ගණනාවකට ප්‍රතිකාර විධි සොයාගත හැකිව ඇත. ලෙඩ රෝග සොයා ගැනීමටත්, ප්‍රතිකාර ලබාදීමටත්, මෙම නව තාක්ෂණය යොදා ගැනීම ඉතා හොදින් සිදු කල හැක.

"https://si.wikipedia.org/w/index.php?title=වෛද්‍ය_විද්‍යාව&oldid=435664" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි