ක්ෂුද්‍ර ජීවීන්

ක්ෂුද ජීවීන් යනුවෙන් හඳුන්වනු ලබන්නේ අනිත් අයියේ එකෙන් හෝ සල්ලි කිහිපයකින් තැනිනි ඇති පියවි ඇස

ක්ෂුද්‍ර ජීවීන් යනුවෙන් හඳුන්වනු ලබන්නේ තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් තැනී ඇති පියවි ඇසට නොපෙනෙන මෙන් ම මිනිසා හට ජීවත් විය නොහැකි විවිධ ආන්තික පරිසරවල ජීවත් වන ඉතා කුඩා ජීවීන් කොට්ඨාසයකි.මෙම ක්ෂුද්‍ර ජීවීන් අතරින් මිනිසාට,සත්ත්වයන්ට මෙන් ම ශාකවලට ද හිතකර මෙන් ම අහිතකර ක්ෂුද්‍ර ජීවීන් ද සිටිති. ක්ෂුද්‍ර ජීවීන් ගිනි කඳු,සාගර පතුල,හිම කඳු,ලවණ වගුරු බිම් , උණු දිය උල්පත් හා කාන්තාර වැනි මිනිසාට ජීවත් වීමට නොහැකි ආන්තික පරිසරවල ජීවත් වෙයි.බැක්ටීරියා/ඇතැම් ඇල්ගී/දිලීර වර්ග/ඇමීබා/යීස්ට්/පැරමීසියමී/එවුග්ලිනා සහ ක්ලැමිඩොමොනාස් වැනි නම්වලින් ක්ෂුද්‍ර ජීවීන් කිහිප දෙනෙකු හැඳිනගත හැකි ය.මෙවැනි ක්ෂුද්‍ර ජීවීන් අතරින් වෛරස් නම් ක්ෂුද්‍ර ජීවී කාණ්ඩය සුවිශේෂී වෙයි.ඒ මන්ද කිවහොත් මෙම වෛරස ජීවී මෙන් ම අජීවී ලක්ෂණ ද පෙන්වන අතර මොවුන් ප්‍රමාණයෙන් ඉතා කුඩා බැවින් මේ වෛරස නිරීක්ෂණය කළ හැක්කේ ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයෙන් පමණක් වෙයි.ඉහත සඳහන් වූ ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ ව මුල් වරට නිරීක්ෂණය කරන ලද්දේ ඇන්ටන් වෑන් ලීවන්හුක් නම් නෙදර්ලන්ත ජාතිකයා විසිනි.ඒ වර්ෂ 1674 දී ය.එම නිරීක්ෂණය සඳහා උපකාරී වී ඇත්තේ සරල අණ්වීක්ෂයේ සොයා ගැනීමයි.

"https://si.wikipedia.org/w/index.php?title=ක්ෂුද්‍ර_ජීවීන්&oldid=507290" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි