වේධය කුමරු හෙවත් වීදිය බණ්ඩාර යනු කෝට්ටේ රාජධානි සමයේ සිටි අභීත සෙන්පතියෙකි. පෘතුගීසි හමුදාවට එරෙහිව ඔහු සිදු කළ සටන් නිසා ඔහු කෝට්ටේ ඉතිහාසයේ කැපීපෙනෙන චරිතයක් විය. "කෝට්ටේ ව්‍යාඝ්‍රයා" යන අනුවර්ත නාමයෙන්[1] ද හැඳින්වූ ඔහු, දමිළයන් විසින් තිරුවැල්ලේ බණ්ඩාර ලෙස ද, පෘතුගීසීන් විසින් තිඹුලේ බණ්ඩාර ලෙස ද හඳුන්වා ඇත. මොහුගේ මව, අටවන වීරපරාක්‍රමබාහු (අම්බුළුගල) රජුගේ පුතෙකු වූ තනියවල්ලභ ගේ දුවෙකු වූ කපුරු ළමා එතනා [2] බව පැවසෙන අතර, පියා පිලිබඳ විවිධ මූලාශ්‍රයන්හි විවිධ තොරතුරු දැක්වෙන බැවින් මතභේදාත්මකය. ඇතැම් මූලාශ්‍ර වලට අනුව ඔහු පැරැණි රජ පෙළපතකට අයත් වූ කුමාර බණ්ඩාර නම් ප්‍රදේශාධිපතියෙකි.[3]

වීදිය බණ්ඩාර
උපත
මියගිය දිනය1555 (?)
මිය යාමට හේතුවසතුරු හේවායෙකුගේ හෙල්ල පහරකින්
නිවහනකෝට්ටේ
වෙනත් නම්කෝට්ටේ ව්‍යාඝ්‍රයා, වේධය කුමරු, තිරුවැල්ලේ බණ්ඩාර, තිඹුලේ බණ්ඩාර
පුරවැසිබවසිංහල
රැකියාවමහා සේනාධිපති, කෝට්ටේ රාජධානිය (7 වන බුවනෙකබාහු රජු යටතේ)
සක්‍රීය වසර1521 - 1551 (7 වන බුවනෙකබාහු රාජ්‍ය සමය)
1551 - 1555(?) (දොන් ජුවන් ධර්මපාල රාජ්‍ය සමය)
යුගයකෝට්ටේ යුගය
ප්‍රසිද්ධව ඇත්තේපෘතුගීසීන්ට විරුද්ධව කළ සටන් වල අභීත සෙන්පතියෙකි.
කලත්‍රයා(යන්)සමුද්‍රදේවි කුමරිය (1538 - ??),

සුරීය දේවිය (මහා ටිකිරි බිසෝ බණ්ඩාර),

ශාන්තානා දේවිය (?)
දරුවන්
දෙමව්පියන්
  • කුමාර බණ්ඩාර (?) (පියා)
  • කපුරු ළමා එතනා (මව)
ඥාතීන්

මූලාශ්‍ර සංස්කරණය

  1. "අපේ රාජධානිවල නෑ සබඳකම් බිඳ දැමූ පෘතුගීසි බලපෑම්". සම්ප්‍රවේශය 2018-06-27.
  2. "දියවන්නාවේ සැඟවුන සමුද්‍රදේවී - රාජාවලිය XXXVIII". පහන් යාය බ්ලොග් අඩවිය. සම්ප්‍රවේශය 2018-06-27.
  3. "හෙල්ල පහරින් මරු දුටු කෝට්ටේ ව්‍යාඝ්‍රයා". දිනමිණ. සම්ප්‍රවේශය 2018-06-27.
"https://si.wikipedia.org/w/index.php?title=වීදිය_බණ්ඩාර&oldid=424097" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි