"විද්‍යුතය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
34 පේළිය:
 
== විද්‍යුත් ‍ක්ෂේත්‍රය ==
{{ප්‍රධාන|විද්‍යුත් ‍ක්ෂේත්‍රයවිද්‍යුත්_ක්ෂේත්‍රය}}
විද්‍යුත් ‍ක්ෂේත්‍රය යන සංකල්පය ඉදිරිපත් කරන ලද්දේ මයිකල් ෆැරඩේ විසිනි. යම් ආරෝපිත වස්තුවක් වටා වූ අවකාශය තුළ විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇතිවන අතර මේ ක්ෂේත්‍රය තුළ වෙනත් ඕනෑම ආරෝපිත වස්තුවක් මත ක්ෂේත්‍රය මඟින් බලයක් ඇති කරයි. ස්කන්ධයන් දෙකක් අතර ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් ක්‍රියා කරන්නා සේ ආරෝපණ දෙකක් අතර අනන්තය දක්වා වූ ක්ෂේත්‍රයක් හටගන්නා අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝම ලෙස එය අනන්තය දක්වා පැතිරේ. නමුත් මෙම ක්ෂේත්‍ර යුගල අතර වැදගත් වෙනසක් ඇත. ගුරුත්වාකර්ෂණය සෑම විටම ස්කන්ධ දෙකක් එකිනෙකට ආකර්ෂණය කරන නමුත් විද්‍යුත් ක්ෂේත්‍රයක දී ආරෝපණ දෙකක් ආකර්ෂණයකට හෝ විකර්ෂණයකට භාජනය විය හැක. ග්‍රහලෝක වැනි විශාල වස්තූන්ගේ ශුද්ධ ආරෝපණයක් නොමැති නිසා යම් දුරකින් වූ විද්‍යුත් ක්ෂේත්‍රය ශුන්‍ය වේ. ඒ නිසා දුර්වල වූවත් විශ්වයේ විශාල දුර ප්‍රමාණ හරහා ක්‍රියාකරන ප්‍රධානම බලය ගුරුත්වාකර්ශනය වේ.
"https://si.wikipedia.org/wiki/විද්‍යුතය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි