"අයෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
10 පේළිය:
 
අයෝ චන්ද්‍රයා සොයාගැනීම 17 හා 18 වැනි ශත වර්ෂවලදී අභ්‍යවකාශ විද්‍යාවේ දියුණුවට විශාල ලෙස උපකාරී විය. එය 1610 දී ගැලීලියෝ ගැලිලි විසින් අනෙකුත් ගැලීලියානු උපග්‍රහයන් සමඟ සොයාගන්නා ලදී මෙම සොයාගැනීම සෞරග්‍රහ මණ්ඩලයේ කොපර්නිකන් ආකෘතිය (Copernican model).පිළි ගැනීමට කෙප්ලර්ගේ චලිතය පිළිබඳ නියමයන්වල දියුණුවට හා මුල් වරට ආලෝකයේ ප්‍රවේගය මැනීමට ද එය උපකාරී විය. 19 හා 20වන සියවස් ‍දක්වාම පෘථිවියට අයෝ චන්ද්‍රයා ආලෝක ලපයක්ම පමණක් විය. ඉන් පසු එහි අඳුරු රතු ධ්‍රැව හා දීප්තිමත් සමක ප්‍රදේශ වැනි මහා පරිමාණ පෘෂ්ඨ ලක්ෂණ හැදෑරීමට හැකි විය. 1979 දී වොයේජර් අභ්‍යවකාශ යානා දෙක අයෝ ,ගිනිකඳු , විශාල කඳු හා නැවුම් පෘෂ්‍ඨයකින් යුත් හා ගැටුම් ආවාටවලින් තොර භූවිද්‍යාත්මක සක්‍රීය ග්‍රහලොවක් බව හෙළි කෙරිණි.ගැලීලියෝ අභ්‍යවකාශ යානය 1990 ගණන්වලදී හා 2000 දී එය අසලින් ගමන් කරමින් එහි අභ්‍යන්තර ව්‍යුහය හා පෘෂ්‍ඨයේ සංයුතිය සොයා බලන ලදී. තවද මෙම යානා විසින් බ්‍රහස්පතිගේ චුම්භක ගෝලය හා උපග්‍රහයා අතර ඇති සබැඳියාව ද අයෝ ග්‍රහයාගේ කක්ෂයේ කේන්ද්‍රගත වී ඇති විකිරණ තීරුව පිළිබඳව ද සොයා බැලීය. මෙම පර්යේෂණ 2007 මුල් මාස කිහිපය තුළදී නැවත සක්‍රීය වුණු අතර ඒ ප්ලූටෝ‍ වෙත යැවූ නිවු හොරයිසන් (New horizons) හි දුරස්ත පියැඹීම තුලිනි.
 
http://en.wikipedia.org/wiki/Io_%28moon%29
"https://si.wikipedia.org/wiki/අයෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි