"මුද්‍රණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව පිටුව: කිසියම් බසකට අයත් ලිය කියවිලි ‍ෙපාත් වශයෙන් යන්ත්‍ර මගින් පිටපත්...
 
No edit summary
1 පේළිය:
 
කිසියම් බසකට අයත් ලිය කියවිලි ‍ෙපාත් වශයෙන් යන්ත්‍ර මගින් පිටපත් කිරීමයි.
මුද්‍රණය යනු මුද්‍රණ ශිල්පය භාවිතයෙන් කලා නිර්මාණ සකස් කිරීමේ ක්‍රියාවලිය වන අතර සාමාන්‍යයෙන් මෙහි දී කඩදාසි මත මුද්‍රණය කිරීම සිදු කෙරේ. විශේෂයෙන් තනි මුද්‍රණයක් ලබා ගන්නා අවස්ථාවන් හැරුණු විට මෙම ක්‍රමය මඟින් එකම නිර්මාණයක මුද්‍රණ විශාල සංඛ්‍යාවක් ලබා ගත හැක. මෙම එක් එක් මුද්‍රණයක් කළා නිර්මාණයක් ලෙසම සැලකෙන අතර එය පිටපතක් ලෙස නොසැලකේ. ඊට හේතුව අදාල මුද්‍රණය වෙනත් කළා නිර්මාණයක පිටපතක් නොවීමයි. මේ අනුව මේවා තාක්ෂණික වශයෙන් අදාල නිර්මාණයේ මුද්‍රණයක් ලෙස හැඳින්වේ. නමුත් චිත්‍රයක් ඇඳීම සිදු කරන විට එමඟින් තනි සුවිශේෂී කළා නිර්මාණයක් බිහි වන අතර එම වර්ගයෙන් එකක් පමණක් නිර්මාණය කළ හැකි වේ. මුද්‍රණයන් නිර්මාණ‍ය‍කෙ‍රෙනුයේ න්‍යාසයක් ලෙස තාක්ෂණිකව හැඳින්වෙන එකම පෘෂ්ටයක් භාවිතයෙන් වේ. මේ ආකාරයේ න්‍යාසයන් අතරට ලෝහ තහඩු (සාමාන්‍යයෙන් කැටයම් නිර්මාණය සඳහා සින්ක් ‍හෝ තඹ තහඩු භාවිතා කෙරේ), පාෂාණමය පෘෂ්ට (ලිතෝග්‍රැෆික මුද්‍රණ කටයුතු සඳහා) , ලී අච්චු (වුඩ් කට් ආකාර මුද්‍රණ සඳහා), ලිනෝලියම් (ලිනෝ කට් මුද්‍රණ සඳහා) සහ රෙදි භාවිතයෙන් නිර්මාණය කළ තිර මුද්‍රණ කටයුතු සඳහා යොදා ගන්නා පෘෂ්ට යනාදිය අයත් වේ. කෙසේ නමුත් මේ හැරුණු විට තවත් විවිධාකාර මුද්‍රණ න්‍යාස පවතින අතර ඒවා පිළිබඳව පහත කරුණු දක්වා ඇත. තනි පෘෂ්ටයක් හෙවත් තහඩුවක් භාවිතයෙන් මුද්‍රණය කරන කළා නිර්මාණයක් මුද්‍රණයක් ලෙස හැඳින්වෙන අතර සාමාන්‍යයෙන් වර්තමානයේ දී සීමිත මුද්‍රණ සංඛ්‍යාවක් නිකුත් කරනු පිණිස මෙම එක් එක් මුද්‍රණයක් සඳහා අංකයක් ලබා දෙන අතර ඒවා තුළ අත්සනක් ද අන්තර්ගත කෙරේ. මුද්‍රණයන් පොතක් ආකාරයෙන් පළ කිරීම ද කළ හැකි අතර එවැන්නක් චිත්‍ර නිර්මාපකයකුගේ ග්‍රන්ථයක් ලෙස හැඳින්වේ. කිසියම් තනි මුද්‍රිත නිර්මාණයක් තනි තාක්ෂණික ක්‍රමයක් හෝ තාක්ෂණික ක්‍රම ගණනාවක සංකලනය සිදු කළ නිර්මාණයක් විය හැක.
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Printmaking
 
 
 
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"https://si.wikipedia.org/wiki/මුද්‍රණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි