"ජර්මනියෙහි චාන්සලර්වරයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
30 පේළිය:
}}
 
'''ජර්මනියෙහි චාන්සලර්වරයා''', නිල වශයෙන් '''ජර්මානු ෆෙඩරල් සමූහාණ්ඩුවෙහි ෆෙඩරල් චාන්සලර්වරයා''' ({{බස-de|Bundeskanzler([[:wikt:-in#German|in]]) der Bundesrepublik Deutschland}}), යනු [[ජර්මානු රජය |ජර්මානු ෆෙඩරල් රජයෙහි]] නායකයා සහ යුද්ධ කාලයෙහිදී [[ජර්මානු සන්නද්ධ හමුදා|ජර්මානු සන්නද්ධ හමුදාවන්හී]] [[හමුදා ආඥාපතිවරයා]] වෙයි. චාන්සලර්වරයා ෆෙඩරල් කැබිනෙට්ටුවෙහි ප්‍රධාන විධායක නිලධාරියා වන අතර විධායක අංශයෙහි නායකයා වෙයි. [[ජර්මනියෙහි ජනාධිපතිවරයා |ෆෙඩරල් ජනාධිපතිවරයාගේ]] යෝජනාව පරිදී සහ විවාදයකින් තොරව ( [[ජර්මානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව|ජර්මානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි]] 63 වන ඡේදය) [[බුන්ඩස්ටාග්]] විසින් චාන්සලර්වරයා තෝරා පත් කර ගනු ලැබෙයි.<ref>{{උපන්‍යාස වෙබ්|last=පාර්ලිමෙන්ටරි කවුන්සිල් ඔෆ් ද ෆෙඩරල් රිපබ්ලික් ඔෆ් ජර්මනි |date=|title=බේසික් ලෝ ෆො ද ෆෙඩරල් රිපබ්ලික් ඔෆ් ජර්මනි |url=https://en.wikisource.org/wiki/Basic_Law_for_the_Federal_Republic_of_Germany_(2010)#Article_63_[Election_of_the_Federal_Chancellor|url-status=live|archive-url=|archive-date=|access-date=24 නොවැම්බර් 2020|website=Wikisource|publisher=Wikimedia}}</ref>
 
'''ජර්මනියෙහි චාන්සලර්වරයා''' යනු, [[ජර්මනිය|ජර්මනියෙහි]] [[රජයෙහි ප්‍රධානියා]] වෙයි. ජර්මානු බසින් නිල පදවිය වන්නේ ''බුන්ඩෙස්කන්ස්ලර්(ඉන්)'' (වචනාර්ථයෙන්, ෆෙඩරල් චාන්සලර්වරයා) වන අතර, සමහරවිට ''කන්සලර්(ඉන්)'' ලෙසින් කෙටි කොට භාවිතා කෙරෙයි. මධ්‍යතන යුගයන්හී සිට පැවතෙන මෙම පදය, ''කැන්සලැරියස්'' යන ලතින් පදයෙන් ව්‍යුත්පන්නව ඇත.
 
[[ජර්මනියෙහි දේශපාලනය |ජර්මානු දේශපාලනයෙහිදී]], ''චාන්සලර්වරයා'' යන්න සමතුල්‍යවන්නේ වෙනත් බොහෝ රටවල අග්‍රාමාත්‍යවරයා යන්නටයි. අග්‍රාමත්‍යවරයා යන්නට ජර්මානු බසින් ''ප්‍රෙමියෙමිනිස්ටර්'' සහ ''මිනිස්ටර්ප්‍රාසිඩන්ට්'' යනුවෙන් සමතුල්‍ය පරිවර්තන දෙකක් ඇත. ප්‍රෙමියෙමිනිස්ටර් යන්නෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ විදේශ රටවල රජයේ ප්‍රධානින් වන අතර (නිද., [[එක්සත් රාජධානිය]]), මිනිස්ටර්ප්‍රාසිඩන්ට් යන්න විසින් බොහෝ [[ජර්මනියෙහි ප්‍රාන්ත |ජර්මානු ප්‍රාන්තයන්හී]] රජයෙහි ප්‍රධානින්ද හැඳින්වෙයි.
 
වර්තමාන චාන්සලර්වරයා වන්නේ [[ජර්මනියෙහි සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂය |එස්පීඩී]] පක්ෂයෙහි [[ඕලෆ් ශොල්ෂ්]] වන අතර, [[ඇන්ගෙලා මෑකල්]] ප්‍රතිස්ථාපනය කරමින් 2021 දෙසැම්බර් මාසයෙහිදී තේරී පත්විය. ඔහු තේරී පත්වූයේ එස්පීඩී පක්ෂය විසින් [[අලාන්ස් 90/ද ග්‍රීන්ස්]] සහ the [[ෆ්‍රී ඩිමොක්‍රටික් පක්ෂය (ජර්මනිය)|එෆ්ඩීපී]] හා සමගින් [[ශොල්ෂ් කැබිනට් මණ්ඩලය|සභාග සම්මුතියකට]] එළඹීමත් සමගිනි.
 
[[ඔටෝ ෆන් බිස්මාර්ක්]] විසින් 1867 වසරෙහිදී [[උතුරු ජර්මානු සන්ධීය රාජ්‍යය]] තුල නිමැවුනු මෙම තනතුර වෙතින් නූතන චාන්සලර් තනතුර පරිණාමය වී ඇත; 1871 වසරෙහිදී [[ජර්මනිය ඒකච්ඡත්‍ර කිරීම]] සමග, ජර්මානු ජාතික රාජ්‍යයක් වෙතට සන්ධීය රාජ්‍යය පරිණාමය විය. ජර්මනියෙහි නූතන ඉතිහාසය තුලදී, චාන්සලර්වරයාගේ භූමිකාව මහත් වෙනස්කම් වලට ලක්වී ඇත. වර්තමානයෙහි, චාන්සලර්වරයා යනු රටෙහි කාර්යසාධක නායකයා වෙයි.
 
== ජර්මනියට නව චාන්සලර්වරයා ==
"https://si.wikipedia.org/wiki/ජර්මනියෙහි_චාන්සලර්වරයා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි