"මැග්ඩලියනා අන්ඩර්සොන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
46 පේළිය:
අන්ඩර්සොන් [[ස්වීඩන සෝෂල් ඩිමොක්‍රටික් යෞවන ලීගය]] හා බැඳුනේ 1983 වසරෙහිදීය. 1992 වසරෙහිදී ඇය ආර්ථික විද්‍යා විශාරද උපාධියක් [[ස්ටොක්හොල්ම් ආර්ථික විද්‍යා ශාස්ත්‍රාලය]] වෙතින් ලබා ගති. [[යෝරන් පෑෂොන්| යෝරන් පෑෂොන්ගේ]] පරිපාලනයෙහි උපදේශිකාවක් හා සැලසුම් අධ්‍යක්ෂක ලෙසින්ද [[මෝනා සලීන්]] සඳහා උපදේශිකාවක් ලෙසින්ද ඇය සේවය කලාය. [[2014 ස්වීඩන මහා මැතිවරණය |2014 මැතිවරණයෙන්]] පසුව, අන්ඩර්සොන් [[රික්ස්ඩා]] වෙත තේරී පත්වූ අතර [[ස්ටේෆන් ලේවියන් | ස්ටේෆන් ලේවියන්ගේ]] පරිපාලනයෙහි ඇය [[මුදල් ඇමති (ස්වීඩනය)|මුදල් ඇමති]] බවට පත් විය. 2021 අගෝස්තු මාසයෙහිදී තනතුරෙන් ඉවත්වීමට සැලසුම් ලේවියන් විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමගින්, ඔහු වෙනුවට පත් වීමට ප්‍රධාන අපේක්ෂකයා ලෙසින් ඇය සැලකිණි. එයට ඉතා සුළු කලකින් පසුව, සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂයෙහි නායකයා වශයෙන් ඇය තේරී පත් විය.
 
2021 නොවැම්බර් 29 දිනදී රික්ස්ඩා විසින් ස්වීඩනයෙහි අග්‍රාමාත්‍යවරිය ලෙසින් අන්ඩර්සොන් තෝරා ගත් කරගන්නා ලදි.<ref>{{උපන්‍යාස වෙබ් |title=ස්වීඩන් ඉලෙක්ට්ස් අන්ඩර්සොන් ඈස් ෆර්ස්ට් ෆීමේල් පීඑම් ෆො සෙකන්ඩ් ටයිම් ඉක් අ වීක් |url=https://www.france24.com/en/europe/20211129-sweden-elects-andersson-as-first-female-pm-for-second-time-in-a-week |website=France 24 |access-date=1 දෙසැම්බර් 2021}}</ref> පෙරදී, නොවැම්බර් 24 දිනදී, අන්ඩර්සොන් මෙම තනතුරට තේරී පත් වුනු නමුදු, රික්සඩාහිදී කොන්සර්වෙටිව් විරුද්ධ ක්ෂයට එරෙහිව වාර්ෂික අයවැය ඡන්දයෙහිදී පරාජය වීමත් සමගම ඇයගේ සභාග සහායක [[ග්‍රීන් පක්ෂය (ස්වීඩනය)|ග්‍රීන් පක්ෂය]] රජයෙන් ඉවත්වන බවට නිවේදනය කිරීමත් සමගම ඉල්ලා අස්වූවාය. නොවැම්බර් 30 දිනදී අන්ඩර්සොන් අග්‍රාමත්‍ය පදවියෙහි වැඩබාරගත් අතර ස්වීඩනයෙහි පළමුවන කාන්තා රජයෙහි නායක ලෙසින් පළමුවෙන් තේරී පත්වූ තැනැත්තිය බවට සනාථ කෙරිණි.
"https://si.wikipedia.org/wiki/මැග්ඩලියනා_අන්ඩර්සොන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි