"විලී බ්‍රන්ට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
67 පේළිය:
 
[[නාසි]] පාලනාධිකාරියට හසු නොවන පරදී නෝර්වේ රාජ්‍යයට සහ පසුව ස්වීඩන් රාජ්‍යයට පලාගොස් [[වාමාංශික දේශපාලනය |වාමාංශික]] මාධ්‍යවේදියෙක් ලෙසින් ක්‍රියාකාරීවූ ඔහු , විලී බ්‍රන්ට් යන ආරූඨ නම භාවිතයට ගත්තේ නාසි ඒජන්තයන් විසින් ඔහු සොයාගැනුම වලක්වා ලනු පිණිස වන අතර, 1948 දී එම නම විධිමත් ලෙසින් භාවිතයට ගත්තේය. බ්‍රන්ට් මුලින්ම සැලකුනේ එස්පීඩී පක්ෂයෙහි දක්ෂීණාංශයෙහි නායකයන් අතරින් එක් අයෙකු ලෙසින් වන අතර, [[බටහිර බර්ලිනය|බටහිර බර්ලිනයෙහි]] [[බර්ලිනයෙහි ගවර්නිං මේයර් |ගවර්නිං මේයර්]] ලෙසින් මුල් ජනප්‍රියත්වය ලබා ගති. [[කුඕර්ට් ගියෝග් කීසිංගර් | කුඕර්ට් ගියෝග් කීසිංගර්ගේ]] කැබිනට් මණ්ඩලයෙහි [[විදේශ කටයුතු අමාත්‍යවරයා (ජර්මනිය)|විදේශ අමාත්‍යවරයා]] ලෙසින් සහ [[බටහිර ජර්මනියෙහි වයිස්-චාන්සලර්වරයා | වයිස්-චාන්සලර්වරයා]] ලෙසින් ඔහු සේවය කල අතර, 1969 වසරෙහිදී චාන්සලර්වරයා බවට පත් විය.
 
චාන්සලර්වරයා ලෙසින්, එක්සත් ජනපදය සමග බටහිර ජර්මනියෙහි සමීප බැඳියාව ඔහු විසින් පවත්වා ගෙන යන ලද අතර බටහිර යුරෝපයෙහි [[යුරෝපියානු සමෝධානය]] ශක්තිමත් කරන අතරම, නැගෙනහිර යුරෝපය සමග සබඳතා වැඩි දියුණු කිරීම සඳහා ''[[ඔස්ට්පොලිටික්]]'' නම්වූ නව ප්‍රතිපත්තියක් එළිදැක්වීය.
 
1974 වසරෙහිදී බ්‍රන්ට් චාන්සලර් තනතුරෙන් ඉල්ලා අස්වුනේ, ඔහුගේ සමීපතම පුද්ගලික සහායකයෙකු වූ [[ගුන්ටා ගියෝම්]], [[ෂ්ටාසී]] නම්වූ, [[ජීඩීආර්|නැගෙනහිර ජර්මානු]] [[රහස් ඔත්තු සේවය|රහස් ඔත්තු සේවයෙහි]] ඒජන්තවරයෙකු බවට [[ගියෝම් පලහිලව්ව|හෙළිවීම]] සමගය.
"https://si.wikipedia.org/wiki/විලී_බ්‍රන්ට්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි