"ඇංග්ලෝ-සැක්සානු එංගලන්තයෙහි ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
 
4 පේළිය:
'''ඇංග්ලෝ-සැක්සානු එංගලන්තය''' යනු, [[රෝමානු බ්‍රිතාන්‍යය]] අවසානයෙහි සිට වසර 1066 දී වූ [[නෝර්මන් ආක්‍රමණය]] දක්වා, 5වන සිට 11වන සියවස් දක්වා පැවති [[මධ්‍යතන යුගයන්හී එංගලන්තය |මධ්‍යතන එංගලන්තයෙහි]] මුල් අවදිය වෙයි. [[එත්ල්ස්ටන් රජ]] (පා. 927–939) යටතෙහි වසර 927 දී [[එංගලන්ත රාජධානිය]] ලෙසින් එක්සත් කරණු ලැබීමට පෙර විවිධ [[ඇංග්ලෝ-සැක්සානු]] රාජධානි වලින් එය සමන්විත විය. 11වන සියවසෙහි එංගලන්තය, [[ඩෙන්මාර්කය]] සහ [[නෝර්වේ]] අතර පැවති [[පෞද්ගලික සංගමය|පෞද්ගලික සංගමයක්]] වූ කෙටි කලක් පැවති [[මහා කනූට් රජ| මහා කනූට් රජුගේ]] [[උතුරු මුහුදු අධිරාජ්‍යය|උතුරු මුහුදු අධිරාජ්‍යයෙහි]] කොටසක් බවට එය පත් විය.
 
ඇංග්ලෝ-සැක්සානුවරු යනු [[ඉන්ගේවොන්ස්වරු|ජර්මැනික් භාෂා-කතා කරණ කණ්ඩායම්හී]] සාමාජිකයන් වන අතර, අසල පිහිටි [[වයඹදිග යුරෝපය|වයඹදිග යුරෝපයෙහි]] සිට [[මහා බ්‍රිතාන්‍යය]] දිවයිනෙහි දකුණුදිග අර්ධය දක්වා [[බ්‍රිතාන්‍යයෙහි ඇංග්ලෝ-සැක්සානු වාසගත වීම |සංක්‍රමණය]] වී ඇත. . මෙනයින් ඇංග්ලෝ-සැක්සානු ඉතිහාසය ආරම්භ වන්නේ [[රෝමානු බ්‍රිතාන්‍යය|රෝමානු පාලනය]] අවසානයෙහිදී [[උප-රෝමානු බ්‍රිතාන්‍යය]] කාල පරිච්ඡේදයෙහි වන අතර, 5වන සහ 6වන සියවස් තුලදී [[ඇංග්ලෝ-සැක්සානු රජුන් සහ රාජධානි ලැයිස්තුව |ඇංග්ලෝ-සැක්සානු රාජධානි]] බිහිවීම එහිදී සිදු වන අතර ( [[සප්තරාජ්‍යය|ප්‍රධාන රාජධානි සත]] ලෙසින් සාම්ප්‍රදායිකව හඳුන්වන: [[නොතම්බ්‍රියා]], [[මර්සියා]], [[ඊස්ට් ඇංග්ල්ස් රාජධානිය |ඊස්ට් ඇංග්ලියා]], [[එසෙක්ස් රාජධානිය|එසෙක්ස්]], [[කෙන්ට් රාජධානිය |කෙන්ට්]], [[සසෙක්ස් රාජධානිය |සසෙක්ස්]], සහ [[වෙසෙක්ස්]]), 7වන සියවසෙහිදී ඒවා [[ඇංග්ලෝ-සැක්සානු එංගලන්තය ක්‍රිස්තියානි බවට පත්වීම | ක්‍රිස්තියානි බවට පත්වීම]], [[වයිකිං ව්‍යාප්තිය|වයිකිං ආක්‍රමණිකයන්ගේ]] සහ [[ඩේන්ලෝ|ඩෙන්මාර්ක පදිංචිකරුවන්ගේ]] තර්ජනය, 9වන සහ 10වන සියවස්හිදී [[වෙසෙක්ස්#වෙසෙක්ස් ආධිපත්‍යය සහ වයිකිං ආක්‍රමණ |වෙසෙක්ස් ආධිපත්‍යය]] යටතේ ක්‍රමයෙන් [[එක්සත් එංගලන්තය බිහිවීම]], සහ 1066 වසරෙහිදී අවසානයෙහිදී [[විලියම් ද කොන්කරර්]] විසින් [[නොර්මන් ආක්‍රමණය|එංගලන්තයෙහි නෝර්මන් ආක්‍රමණය]] සිදුවිය.