"සිංහල සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
පෙළපොතකින් එලෙස ම පිටපත් කර තිබූ කොටස් ඉවත් කිරීම
73 පේළිය:
 
=== කෙටිකතාව ===
කෙටිකතාව යනු මූලික අදහසක් ඉදිරිපත්වන සේ අත්දැකීමක් හා බැඳුණු සංසිද්ධියක් ඉස්මතු කරන කලා නිර්මාණයකි. සාමාන්‍ය වශයෙන් කෙටිකතාවක විවරණය වන්නේ, සීමිත චරිත සංඛ්‍යාවක් පමණි. එක් සිද්ධියක්හෝ සිද්ධි කිහිපයක් හෝ පාදක කර ගෙන නිර්මාණය කෙරෙන කෙටිකතාවක මුඛ්‍ය පරමාර්ථය වනුයේ, කිසි යම් විශේෂිත එක් කාරණයක් හුවා දැක්වීම ය. කෙටිකතාව හැඳින්වීම සඳහා දිය හැකි නිර්වචන බොහෝ ය. ඒ අතර, කෙටිකතාව වූකලී ජීවිතයෙන් පෙත්තකැයි(A slice of life) යන ඇන්ටන් චෙකොෆ්ගේ විවරණය, අතිශය අර්ථසම්පන්න වේ.
 
ප්‍රමාණයෙන් කෙටි වූ නිර්මාණ කෙටිකතා යනුවෙන් හැඳින්වීම සාවද්‍ය වේ. ලෝක සාහිත්‍යයෙහි එන ශ්‍රේෂ්ඨ කෙටිකතා හැම එකක් ම කෙටි නො වේ. ඒවා අතර පිටු සියය ඉක්මවන දීර්ඝ කෙටිකතා දක්නට ලැබේ. ඇන්ටන් චෙකොෆ්ගේ පළඟැටියා, හයේ වාට්ටුව වැනි කෙටිකතා ඊට නිදසුන් ය. ප්‍රතිභාපූර්ණ නූතන සිංහල කෙටිකතාකරුවකු වන දයාසේන ගුණසිංහ කෙටිකතාව නිර්වචනය කෙළේ මෙපරිදි ය.
{{Quote| කෙටිකතාව යනු කවරේ දැයි එක ම
වැකියකින් පවසන ලෙස යමකු මට කිව
හොත්, කෙටිකතාව යනු ජීවිතයේ සමීප
රූපයකැයි මම කියන්නෙමි. නිර්වචනයක්
වශයෙන් ඒ කියමන කිසිසේත් ම පරිපූර්ණ
නො වන බවට විවාදයක් නැත. එහෙත්
කෙටිකතාවේ සමස්ත ස්වභාවය පිළිබඳ
ඉඟියක්, ඒ තුළ ගැබ් වී ඇතැයි මම සිතමි.”
(දයාසේන ගුණසිංහ - කේතුමතී හෝටලයේ
රාත්‍රියක් - 1990)}}
 
එමෙන් ම සමාජ ජීවිතයෙන් අංශු මාත්‍රයක් නිරූපණය කරන රචනය කෙටිකතාව බව කේ. ජයතිලක මහතා පවසයි. එමතු නොව අර්ථවත් ලෙස චරිතාංගයක් හෝ චරිතයක් මතු කරන ප්‍රබල අවස්ථාව කෙටිකතාව බව ඒ.වී. සුරවීර මහතා පවසයි.
වර්තමාන කෙටිකතාව, ලොවෙහි පැරණිතම කතා කලාවක නවීනතම ස්වරූපය වෙයි. බෞද්ධ ජාතක කථා ද, හිතෝපදේශයේ එන උපදේශ කථා ද, පංචතන්ත්‍රයේ උපමා කථා ද, ක්‍රිස්තු පූර්ව දෙදහසටත් පෙර මිසරයේ බිහි වුණු කතාන්තර ද, ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසෙහි විසූ ග්‍රීක ජාතික වහලෙකැයි සැලකෙන ඊසොප්ගේ උපමා කතා ද, එමෙන් ම ග්‍රීසියෙහි ලියවුණු කෙටි ප්‍රේම වෘත්තාන්ත ද, අරාබි නිසොල්ලාසයෙහි දැක්වෙන කතාන්තර ද, වර්තමාන කෙටිකතාවේ පූර්වගාමී අවස්ථා ලෙස සැලකීම විවාද රහිත ය. ඉනුත් මෑත කාලයෙක, ඉංග්‍රීසි සාහිත්‍යයේ ජෙෆ්රි චෝසර්ගේ කැන්ටබරි කතා සහ ඉතාලි ජාතික ජියෝවන්නි බොකැසියෝගේ දිකැමරන් කතා පන්තිය ද වර්තමාන කෙටිකතාවේ සමීපතම ඥාතීහු වෙති. සිංහල කෙටිකතාවේ උත්පත්ති ස්ථානය ගැන අදහස් දක්වන මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ, ස්වකීය වහල්ලු (1951) නමැති කෙටිකතා සංග්‍රහය ''කෙටිකතාව'' යන මාතෘකාව යටතේ ලියූ දීර්ඝ ලේඛනයෙහි මෙසේ පවසයි.
{{Quote| අපගේ කවිකොළකාරයා, බටහිර හෝ
පෙරදිග හෝ කථා කලාව නො දැන
කෙටිකතා රචනා කළ ලේඛකයෙකි. එකල
උගත්තු ග්‍රන්ථාරූඪ පැරණි බණ කතා ද
පැරණි කවීන් රචනා කළ කව්සේකරය,
ගුත්තිලය, කුසදාව ආදි කවි කතා ද
කියවීමෙන් ආස්වාදයක් ලැබූහ. එයින්
ආස්වාදයක් නො ලැබිය හැකි පොදු
ජනයාගේ කථා ඇසීමේ කුහුල දුටු
කවිකොළකාරයා, සංවේගජනක පුවත්
වස්තු කොට ගෙන, ඔවුන් උදෙසා කවියෙන්
කෙටිකතා රචනා කෙළේ ය. අලංකාර
ශාස්ත්‍රය හා වියරණය විසින් තළා පෙළා
බැඳීමෙන් සීමා නො කරන ලද කල්පනාවත්
ශක්තියත් ඇති කවිකොළකාරයා, පණ්ඩිත
කවීන්ට වඩා හොඳ කථාකාරයෙක් විය. ඔහු
යම් කිසි උගැන්මක් හා ආවේශයක් ලැබී
නම්, එය ජන කථාවෙනි. ජන කවියෙනි.”}}
 
බටහිර ලෝකයේ බිහි වූ කෙටිකතාව ද නීතිරීතිවලින් නො බැඳුණු සාහිත්‍යාංගයකැයි ඔහු තව දුරටත් පෙන්වා දුන්නේ ය.
{{Quote| "බටහිර කෙටිකතාව බෙහෙවින්
වෙනස් වූයේත්, විකාසනය වූයේත් එය
විචාරකයන්ගේ නීතිරිතිවලින් නො බඳිනු
ලැබූ නිසාය. අපූරු රටවල් සොයා යාත්‍රා
කළ නැවියන් මෙන් බටහිර ලේඛකයෝ
ද, ගතානුගතික නීතිරීතිවලින් නො බඳිනු
ලැබූ කල්පනාව ඇත්තෝ වූහ.”}}
 
ඉනික්බිති ව, එසමයෙහි (ඉකුත් සිය වසේ මැද භාගයේ දී පමණ), සිංහල කෙටිකතාව වැඩුණු හා විකාසනය වූ ආකාරය ගැන ඔහු මෙසේ ද සඳහන් කරයි.
 
{{Quote| "සිංහල කෙටිකතාව ද මෙකල හැඳින්විය
යුත්තේ, අතු ඉතිවලින් දිය ලබමින් නඟින
නදියක් ලෙසිනි. එය බටහිර කථාව
ආශ්‍රයෙන් ම උපන්නක් ලෙස සලකා
විවේචනය කිරීම වූ කලී එහි වැඩීම, බටහිර
එක ම පරම්පරාවක විචාරකයන් ටික
දෙනෙකුන් එල්බ ගත් නීතිරීතිවලින් පිට
නො පැන්නීමට කරන වෑයමක් වෙයි. හැම
අතින් දිය ලබන නදිය වඩාත් වේගයෙන්
බසියි. ඒ බැසීම නිසා එහි දිය පිරිසිදු වෙයි.
ගැඹුරු වෙයි. ඉවුරු පළල් වෙයි.
ඉංගිරිසි කථාවක් ආශ්‍රයෙන් ලියන
ලද සිංහල කථාව වුව ද බස, රීතිය,
ලේඛකයාගේ ගති, ප්‍රතිභාව හා පරිසරය ද
නිසා ගන්නේ පැරණි සිංහල කථාවට මඳක්
හුරු ස්වරූපයකි.”}}
 
බටහිර චිචාරකයන් පොදුවේ පහත
දැක්වෙන සියලු ම රචනා, කෙටිකතා ලෙස
හඳුන්වතැ යි, ඔහු පෙන්වා දුන්නේ ය.
 
1. එක ම සිදුවීමක් මුල් කොට ගෙන රචිත කථාව
2. චරිතාංගයක් නිරූපණය සඳහා ලියන ලද ආඛ්‍යායිකාව
3. සිදුවීම් කිහිපයක් ඇසුරින් රචිත කථාව
4. කිසියම් අවස්ථාවක මිනිසකුගේ සිතට නැඟුණු හැඟීමක් විවරණය කරනු සඳහා කරන ලද රචනය
5. කෙනකුගේ යටි සිතෙහි සැඟවුණු හැඟීමක් හෙළි කෙරෙන විවරණය
6. උපහාසය හා මායා කථාව (fantasy)
 
ජෝසෆ් බර්ග් එසන්වීන් නම් විචාරකයා, කෙටි කතාවක් නො වන්නේ කවර ලක්ෂණවලින් යුතු ප්‍රබන්ධ නිර්මාණයක් දැයි පැහැදිලි කරන්නේ මේ අයුරිනි.
 
1. කෙටිකතාව සංක්ෂිප්ත නවකතාවක් නො වේ.
2. එය උපාඛ්‍යානයක් ද නො වේ.
3. එය කෙටුම්පතක් හෝ දළ සටහනක්හෝ නො වේ.
4. එය චරිත කථාවක් ද නො වේ.
5. එය හුදු චරිතාලේඛයක් ද නො වේ.
6. එය හුදු කතාන්තරයක් ද නො වේ.
 
ඒ කිසිවක්, ඒ ලෙසින් ම කෙටිකතාවක්නො වන්නේ නම්, කෙටිකතාවක මූලික ගුණාංග කවරේ දැයි විමසා බලමු. ජෝසෆ් බර්ග් එසන්වීන් නමැති විචාරකයා, කෙටිකතාවක තිබිය යුතු අංග හතක් ගැන සඳහන් කරයි.ඔහු පවසන ආකාරයට, හොඳ කෙටිකතාවක් තුළ,
 
1. සියල්ල අබිබවා සිටින එක් ප්‍රබල සිද්ධියක් තිබිය යුතු ය.
2. ඉස්මතු වී පෙනෙන එක් ප්‍රධාන චරිතයක් ද තිබිය යුතු ය.
3. නිර්මාණකරුගේ පරිකල්පනයෙන් බිහි වන නිර්මාණයක් විය යුතු ය.
4. කථා වින්‍යාසයක් තිබිය යුතු ය.
5. කතාවේ සිද්ධි මාලාව එකට කැටි වී තිබිය යුතු ය.
6. කතාවේ සංවිධානාත්මක බව තිබිය යුතු ය.
7. ධාරණාවේ ඒකීයත්වයක් තිබිය යුතු ය.
 
කෙටිකතාවක තිබිය යුතු එකී අංග ලක්ෂණ දැක්වීමෙන් පසුව, ජෝසෆ් බර්ග් එසන්වීන්න නැමැති එම විචාරකයා, කෙටිකතාව නිර්වචනය කොට දක්වන්නේ මතු දැක්වෙන ලෙසිනි.
{{Quote| කෙටිකතාව වූ කලි අනෙක් සියලු
සිද්ධීන් අබිබවා සිටින එක් ප්‍රබල සිද්ධියක්
සහ ඉස්මතු වී පෙනෙන එක් ප්‍රධාන
චරිතයක් අනාවරණය කෙරෙන්නා වූ ද,
එකට කැටි වී සිටින කථා වින්‍යාසයකින්
යුක්ත වූ ද, මනා අවයව සංවිධානයක්
ඇත්තා වූ ද, ඒකත්වයෙන් යුක්ත
ධාරණාවක් ඇත්තා වූ ද කෙටි, කල්පිත
ආඛ්‍යානයකි.”}}
 
වර්තමාන කෙටිකතාව, කතා වින්‍යාසය අනුව, අතිශය විදග්ධ සංයුතියකින් යුතු සාහිත්‍ය නිර්මාණයක් බවට පත් ව තිබෙනු දැකිය හැකි ය. මේ සම්බන්ධයෙන් සාර්ථක කෙටිකතාවක පැවතිය යුතු ඒකීයත්වය පිළිබඳව ලියොන් සර්මෙලියන් (Leon Surmelian) නමැති විචාරකයා ස්වකීය Techniques of Fiction Writing නමැති කෘතියෙහි දක්වන අදහසක්, මතු සඳහන් ය.
{{Quote| එක් සිද්ධියක් අනෙක් තැනකට දැමූ
කල්හි හෝ ඉවත් කළ කල්හි හෝ, කතාවේ
ඒකීයභාවය හෝ පරිසමාප්තිය පලුදු
වන පරිද්දෙන් කථා වින්‍යාසයේ අවයව
සංස්ථානය සිද්ධ කළ මනා ය. යම් සිද්ධියක්
ඇතුළු වීම හෝ නො වීම හෝ හේතු කොට
ගෙන, කතාවේ ප්‍රකට ලෙස වෙනසක් ඇති
වන්නේ නම්, ඒ සිද්ධිය සමස්තයේ නියම
ඉන්ද්‍රියයක් නො වන්නේ ය.”}}
 
කතාවක් ඉදිරිපත් කිරීමේ ක්‍රම දෙකකි. මුල් ක්‍රමය, කතාන්තරයක ස්වරූපයෙන්ක කතාවක් ඉදිරිපත් කිරීම ය. අනෙක් ක්‍රමය කතාව කීමෙන් වැළකී පාඨකයාට එය දැක ගන්නට සැලැස්වීම ය. පළමු වන ක්‍රමය කථනය නමින් ද, දෙවැන්න රූපණය නමින් ද හැඳින්වෙයි. කෙටිකතාවක දී ලේඛකයා විසින් අනුගමනය කළ යුත්තේ, රූපණ මාර්ගය යි. යම් ලේඛකයකු රූපණ මාර්ගය ග්‍රහණය කරගන්නා තෙක් ම, ඔහුගේ කතා කලාව පූර්ණත්වයට පත්වූ යේ යයි කියනු බැරි ය.
©'''[http://www.edupub.gov.lk/Administrator/Sinhala/10/sinhala%20rasaswadaya%20G-10-11/sinhala%20rasaswadaya%20G-10-11.pdf උපුටාගැනීම සිංහල සාහිත්‍ය රසාස්වාදය 10- - 11 ශ්‍රේණි පෙළපොතෙනි]'''
 
 
 
=== නවකතාව ===
Line 276 ⟶ 154:
 
==නූතන සිංහල කවිය==
සම්භාව්‍ය සිංහල පද්‍ය සාහිත්‍යයේ නිමාවත් සමඟ තත්කාලීන දේශපාලනික, සමාජයීය හා සංස්කෘතික පසුබිම පාදක කර ගනිමින් 19 වන සිය වසේ අග හා 20 වන සියවසේ මුල් භාගයේ දී පමණ ‘නූතන සිංහල කවියේ’ සමාරම්භය සිදු වෙයි. පුරාතන පද්‍ය සාහිත්‍යයෙහි වූ ආගමික මුහුණුවර පූර්ව නිශ්චිත කාව්‍ය ආකෘතිය, භාෂාව හා අලංකාර භාවිතයෙහි වූ නියමයන්ක්‍ රමයෙන් වෙනස් වී මෙම යුගයේ දී කවිය සමකාලීන දේශපාලන, ආර්ථික, සමාජීය හා සංස්කෘතික වෙනස් වීම්වලට සමගාමීව බිහි වූයේ ය. කවියේ ආගමික මුහුණුවර, පොදු ජනයාගේ ලෞකික අත්දැකීම් හා හැඟීම් ප්‍රතිනිර්මාණය කරා විතැන් වෙද්දී භාෂාවේ වූ පණ්ඩිත ප්‍රිය වූ විදග්ධ භාවය ක්‍රමයෙන් ව්‍යවහාරික භාෂාවට සමීප විය. කවිසමයානුගත අලංකාර හා රීතීන්වෙ නුවට පොදු ජන සුඛාවබෝධය හා අරමුණු සාධනය උදෙසා වූ අලංකාර හා රීතීන් වෙත කවීහු නැඹුරු වූහ. මුද්‍රණ තාක්ෂණයේ ආගමනයත් සමග කවිය පොදු ජන සමාජය අතර ජනප්‍රිය සාහිත්‍ය මාධ්‍යයක් බවට ක්‍රමයෙන් පත්වි ය. එතෙක් පැවතියා වූ සම්භාව්‍ය පද්‍ය සාහිත්‍යයේ හා ඉන් පසු පොදු ජන සාහිත්‍යයක් කරා විතැන් වූ කවියේ නො මඳ පෝෂණයත් බටහිර සාහිත්‍යයේ ප්‍රබල ආභාසයත් ලබමින් එය සිදු විය. නූතන කවියේ ප්‍රථම භාගයේ කවීන්අ තර පියදාස සිරිසේන, ආනන්ද රාජකරුණා, ජී. එච්. පෙරේරා හා එස්. මහින්ද හිමි ප්‍රමුඛ වෙති. එවකට යටත්නූතන සිංහල කවිය නොමිලේ බෙදා හැරීම සඳහා ය. 11 විජිතකරණයට ලක්ව සිටි ශ්‍රී ලාංකේය ජනතාව එම මානසිකත්වයෙන් මුදවා ගනු වස්ිජාත්‍යනුරාගය’ කුළුගැන්වෙන කාව්‍ය බන්ධනය කිරීමට මෙම යුගයේ දී ප්‍රමුඛත්වය හිමි විය. ඒ සඳහා කේන්ද්‍රය වශයෙන් ළමයා යොදා ගත් බව ඉහත කවීන්ගේ කාව්‍ය සමුච්ච නිරීක්ෂණය කිරීමේ දී විශද වෙයි. එම යුගයේ කවිය වෙසෙසින් ම මෙහෙය වූයේ යුගයේ අවශ්‍යතාව වෙනුවෙනි. එහෙයින් මෙම කාව්‍ය අධ්‍යයනය කළ යුත්තේ ඒ ඒ කවි හුදෙකලාව ගනිමින් නොව යුගයේ සමාජ පසුබිම කෙරෙහි සවිඥානික වෙමිනි. මින් පසු අවධිය ඉතා ප්‍රබල ලෙස කවිය පොදු ජනයාට සමීප වූ කාල වකවානුවක්ලෙ ස සැලකිය හැකි ය. සාගර පලන්සූරිය (කේයස්), විමලරත්න කුමාරගම, පී.බී. අල්විස් පෙරේරා, බී. එච්. අමරසේන, මීමන ප්‍රේමතිලක, එච්.එම්. කුඩලිගම, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ යන කවීහු මෙම යුගය නියෝජනය කළහ. ප්‍රමාණාත්මකව ඉතා විශාල සංඛ්‍යාවක් කවි ලියැවුණු මෙම යුගයේ කවිය ජනතාව අතර පතළ වීම කෙරෙහි මුද්‍රණ ශිල්පයේ දියුණුව ඍජුව බල පෑවේ ය. කවි පොත්, කවි සඟරා, කවි කොළ සුලබ වූ මෙම යුගයේ බොහෝ කවීහු බටහිර රොමැන්ටික් කවීන්ගේ ආභාසය නො මඳව ලදහ. ඒ අනුව ඔවුන්ගේ කවිය ඊට පූර්ව යුගයේ කවීන් ගෙන් බෙහෙවින්වෙ නස් විය. වස්තු විෂය විවිධ වීමත්භාෂාව සරල හා සුගම වීමත් භාව ගෝචර උපමා රූපකවලින් සමන්විත වීමත් මෙහි විශේෂ ලක්ෂණ ලෙස දැක්විය හැකි ය. ස්ත්‍රිය හා ස්ත්‍රීපුරුෂ ප්‍රේමය සෞන්දර්යාත්මකව චිත්‍රණය කිරීමට බොහෝ කවීන් පෙලඹුණු අතර පුද්ගල හා සමාජ අත්දැකීම් මානව දයාවෙන් යුක්තව ප්‍රතිනිර්මාණය කිරීමට මොවුහු නිබඳව ම උත්සාහ ගත්හ. නූතන කවිය සම්බන්ධව සලකා බැලීමේ දී ‘හෙළ හවුල’ සාකච්ඡාවට භාජනය කළ යුතු වෙයි. කුමාරතුංග මුනිදාස පඬිවරයාගේ පුරෝගාමීත්වයෙන් ඇරඹුණු ව්‍යාකරණ ශාස්ත්‍රය සම්බන්ධ දැඩි මතධාරී ගුරු කුලයක් වන මෙහි සිංහල කවිය කෙරෙහි සැලකිය යුතු දායකත්වයක් සැපයූ කවීහු කිහිප දෙනෙක් ද වෙති. ස්වකීය භාෂා මතවාද නිර්මාණ කාර්යයේ දී පවුරක් වුව ද සූක්ෂ්මව විශිෂ්ට නිර්මාණශීලී ප්‍රතිභාවක් කුමාරතුංග මුනිදාස, අරිසෙන්අ හුබුදු, රැයිපියල් තෙන්නකෝන් වැනි කවීන්ගේ නිර්මාණවලින් පිළිබිඹු වෙයි. ඉහත අවධීන්හි කවියේ වූ දුබලතා හඳුනා ගනිමින් මානව හා සමාජ අත්දැකීම්ප්‍ රතිනිර්මාණය කරනු වස් නවමු කාව්‍ය ප්‍රස්තුත, භාෂා හා රීතීන් මෙන් ම අලංකාර සම්ප්‍රදායක කාලීන අවශ්‍යතාව කාලීනව පැන නගිමින් තිබූ යුගයක ජී. බී. සේනානායක පලි ගැනීම (1948) නම් වූ ස්වකීය කෙටි කතා සමුච්චයට අන්තර්ගත කොට "ගද්‍යයත් පද්‍යයත් අතර රචනා විශේෂයක්” ලෙස නම් කරමින් නිදහස් පද්‍ය ආකෘතිය කවියට හඳුන්වා දෙයි.
සිරි ගුනසිංහ ඔහු විසින් මිබුද්ධි ගෝචර කාව්‍ය’ ලෙස හඳුන්වා දෙන නිසඳැස් කාව්‍ය සම්ප්‍රදාය ද බිහිවන්නේ මීට තදාසන්න කාලයක දී ය. 1956 දී මස් ලේ නැති ඇට යනුවෙන් කාව්‍ය ග්‍රන්ථයක් ප්‍රකාශයට පත්ක ළ සිරි ගුනසිංහ "කවියෙහි ඇත්තේ බුද්ධියෙන් ග්‍රහණය කර ගත යුතු හැඟීම්හා අදහස් ය” යන මතයෙහි තරයේ එල්බ සිටියෙකි. ඔහු කවිය නවමු මාවතකට ප්‍රවේශ කිරීමේ නැති නම් සිවු පද ආකෘතියෙන්මි දී නව්‍ය කාව්‍ය සම්ප්‍රදායකට ප්‍රවේශ කිරීමේ කාර්යයේ දී ප්‍රබල මැදිහත්කරුවා ලෙස හැඳින්වීම සාවද්‍ය නො වේ. මෙසේ ආරම්භ වූිනිසඳැස් කාව්‍ය’ සම්ප්‍රදායෙහි ඇතැම් දුබලතා පැවතුණත් කවි රස විඳින ජනයාට එය ආගන්තුක අත්දැකීමක් විය.
ඒ අනුව නිසඳැස් කවියෙහි නිෂේධනීය ලක්ෂණ බැහැර කරමින් සාධනීය ලක්ෂණ උකහා ගනිමින්, සම්භාව්‍ය සිංහල පද්‍ය සාහිත්‍යයෙන් ද ජන කාව්‍ය සම්ප්‍රදායෙන් ද, විදේශීය කවියෙන් ද නො මඳ ආභාසය ලබමින් නූතනය දක්වා කවිය රැගෙන ආ පුරෝගාමීන් ලෙස ගුණදාස අමරසේකර හා මහගම සේකර යන කවීන් දෙ පළ සැලකිය හැකි ය. මහගම සේකර ගත් මාර්ගය අනුව ගිය රත්න ශ්‍රී විජේසිංහ, දයාසේන ගුණසිංහ, පරාක්‍රම කොඩිතුවක්කු, මොනිකා රුවන්පතිරණ වැනි කවීන්ට හා කිවිඳියන්ට නූතන කවි කෙතෙහි ප්‍රමුඛස්ථානයක් හිමි වේ. නූතනයෙහි දී කවිය අර්ථපූර්ණ හා භාවපූර්ණ මාධ්‍යයක් බවට පත්කි රීමෙහි ලා නන්දන වීරසිංහ, යමුනා මාලිනී පෙරේරා, එරික් ඉලයප් ආරච්චි
වැනි කවියෝ හා කිවිඳියෝ පුරෝගාමී වූහ. ඒ අතර ලක්ශාන්ත අතුකෝරළ, මංජුල වෙඩිවර්ධන, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, සුහර්ෂණී ධර්මරත්න වැනි තරුණ කවීහු ද වෙති. ©'''[http://www.edupub.gov.lk/Administrator/Sinhala/10/sinhala%20rasaswadaya%20G-10-11/sinhala%20rasaswadaya%20G-10-11.pdf උපුටාගැනීම සිංහල සාහිත්‍ය රසාස්වාදය 10- - 11 ශ්‍රේණි පෙළපොතෙනි]'''
 
=== ජනප්‍රිය සාහිත්‍යය ===
"https://si.wikipedia.org/wiki/සිංහල_සාහිත්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි