"ශබ්දාර්ථ විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ශබ්දාර්ථ විද්‍යාව යනු සන්නිවේදනයේ අර්ථය අධ්‍...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
ටැගය: Reverted
1 පේළිය:
ශබ්දාර්ථ [[විද්‍යාව]] යනු සන්නිවේදනයේ අර්ථය අධ්‍යයනය කිරිමයි. වාග් විද්‍යාවේදී එය කිසියම් විශේෂිත අවස්ථාවන්හිදි සහ සන්දර්භයන්හිදී නියෝජිතයින් හෝ ප්‍රජාවන් විසින් යොදා ගනු ලබන සංඥාවන්හි අර්ථ නිරූපණය අධ්‍යයනය කිරිමයි. වෙනත් විවිධ ක්ෂේත්‍රයන් කිහිපයක ඒ හා සම්බන්ධ අර්ථයක් ඇත.
 
ප්‍රකාශනයක තේරුම සංයුක්ත වන්නේ කුමකින් ද යන්න පිළිබඳව ශබ්දාර්ථ විද්‍යාඥයින් වෙනස් මත දරති. උදාහරණයක් ලෙස ‘ජෝන් බේගල් :ඉටැකවලට කැමතිය’’ යන වාක්‍යයෙහි බේගල් යන වචනය එහි වචනාර්ථය හෝ මුඛ්‍යාර්ථය නොව එම ද්‍රව්‍යය හැදින්වීමට යොදන වචනය විය හැකිය. නමුත් එයින් එය ‘ජෝන් ගේ බඩගින්න හඟවන්නේ කෙසේද වැනි ඉන් ඇතිවන ඇඟවිමක් ද විය හැකිය. උපමාලංකාර සම්බන්ධතාවයක් ද විය හැකිය. සාම්ප්‍රදායිකව විධිමත් ශබ්දාර්ථ විද්‍යා දෘෂ්ටි කෝණයට අනුව ශබ්දාර්ථ විද්‍යාව එහි වචනාර්ථ තේරුමට සීමා කරන අතර එහි සියලුම රූපාලංකාර සම්බන්ධතාවයන් ප්‍රායෝගිකවාදයට පවරයි. නමුත් මෙම වෙනස පවත්වාගැනීම වඩ වඩාත් දුෂ්කර වේ. යමෙක් විධිමත් ශබ්දාර්ථ විද්‍යාව, ලක්ෂණ වීමංසාව, යෝගිකතාව යනාදියෙන් ඥානාත්මක ශබ්දාර්ථ විද්‍යාව දෙසට ගමන් කිරිමේදී න්‍යායවාදියෙක් වචනාර්ථ සාලංකාර වෙනසට දායක වන ප්‍රමාණයෙහි අඩුවීමක් සිදු වේ.
"https://si.wikipedia.org/wiki/ශබ්දාර්ථ_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි