"ප්‍රෝටීන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
 
4 පේළිය:
සාරාංශයක් ලෙස ගත් කළ ප්‍රෝටීන් යනු ඇමයිනෝ අම්ල දාමයකි. ඇමයිනෝ අම්ල කාණ්ඩ 4 කට බැඳුණු කාබන් පරමාණුවකින් යුක්ත වේ. එකක් ඇමයිනෝ ඛණ්ඩයක් වෙයි. –NH<sub>2</sub> අනික කාබොක්සිලික් අම්ල කාණ්ඩයක් වෙයි. –COOH (නමුත් කායික තත්ව මත මේවා -NH-<sub>3</sub> හා –COO- ලෙස පවතී) තෙවැන්න හයිඩ්‍රජන් පරමාණුවක් වෙයි. හතර වැනි කාණ්ඩය “-R” මගින් සංකේතවත් කරන අතර එක් එක් අම්ලය සඳහා මෙම කාණ්ඩය වෙනස් වෙයි. සම්මත ඇමයිනෝ අම්ල වර්ග විස්සක් පවතී. මෙයින් සමහරක් ඒ ලෙසට හෝ නවීකරණය වී හෝ භාවිතා වේ. උදාහරණ ලෙස ග්ලුටමේට් වැදගත් නියුරෝන සම්ප්‍රේෂකයක් ලෙස ක්‍රියාකරයි.
 
ඇමයිනෝ අම්ල ([[1]]) උදාසීන ලෙස (2) භෞතික තත්ව යටතේ පතින ආකාරයෙන් (3) ඩයිපෙප්ටයිඩයක් ලෙස එකට එකතු වීමෙන් යන තුන් ආකාරයෙන් සාකච්ඡා කළ හැකිය.
 
ඇමයිනෝ අම්ල පෙප්ටයිඩ් බන්ධන මගින් එකිනෙකට සම්බන්ධ විය හැකිය. මෙම විජලන සංස්ලේෂණයේ දී ජල අණුව ඉවත්වන අතර පෙප්ටයිඩ් බන්ධනය එක් ඇමයිනෝ අම්ලයක නයිට්‍රජන් පරමාණුවක් හා අනෙක් කාබොක්සිලීන් කාණ්ඩයේ කාබන් පරමාණුවක් සම්බන්ධ කරයි. ඵලය ලෙස ලැබෙන අණුව ඩයි පෙප්ටයිඩ් ලෙස හඳුන්වනු ලැබේ. කෙටි දාම ඇමයිනෝ අම්ල (තිහට අඩු) පෙප්ටයිඩ ‍හෝ පොලි පෙප්ටයිඩ් ලෙස හඳුන්වයි. ඉතා දිගු දාම ප්‍රෝටීන් ලෙස හඳුන්වනු ලබයි. උදාහරණයක් ලෙස වැදගත් රුධිර මස්තු ප්‍රෝටීනයක් වන ඇල්බියුමින්හි ඇමයිනෝ අම්ල කොටස් 585 ක් අඩංගුවේ.
"https://si.wikipedia.org/wiki/ප්‍රෝටීන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි