"නිදහස් ආලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
1 පේළිය:
නිදහස් ආලය යනු මානව ප්‍රේමයේ සෑම මුහුණුවරකට ම එකඟත්වය පළ කළ සමාජ ව්‍යාපාරයකි. විවාහය, උපත් පාලනය, සහ අනාචාරය වැනි ලිංගිකමය කරුණු රාජ්‍යයේ බලපෑමෙන් මුදා ගැනීම නිදහස් ආලය ව්‍යාපාරයේ මුල් අභිප්‍රාය විය. එවැනි කාරණාවන් සම්බන්ධ ව පූර්ණ වගකීම එකී පුද්ගලයා සතු විය යුතු බවත් ඒ සම්බන්ධ ව වෙනත් කිසිදු පාර්ශ්වයක මැදිහත්වීමක් සිදු නොවිය යුතු බවත් ඔවුහු කියා සිටියහ.<ref>McElroy, Wendy. "The Free Love Movement and Radical Individualism." Libertarian Enterprise .19 (1996): 1.</ref>
==මූළධර්ම==
නිදහස් ආලයට අයත් බොහෝ සම්ප්‍රදායන්සම්ප්‍රදායයෝ පුද්ගල සබඳතාවන් රාජ්‍ය නියාමනයන්ගෙන් සහ පල්ලියේ සම්බාධකයන්ගෙන් නිදහස් කිරීම අරමුණු කරගත් ලිබරල්වාදී දර්ශනයක් ප්‍රකට කළහ. මෙම දැක්මට අනුව වැඩිහිටි පුද්ගලයන් අතර ඇතිවන නිදහස් බැඳීම් චිත්තවේගික වුවත් ලිංගික සබඳතාවන් වුවත් පිළිගත් බැඳීම් ලෙස බාහිර සමාජයේ ගරුත්වයට පාත්‍ර විය යුතු ය. මිනිසුන් සහ ගැහැනුන් යන දෙපිරිසට ම සමාජීය සහ නෛතික අවහිරකිරීම් වලින් තොර ව ලිංගික ආස්වාදය ලැබීමට අයිතියක් ඇති බවට ද නිදහස් ආලය ප්‍රවණතාවට අයත් ඇතැම් රචනාවන් විසින් අදහස් දක්වා තිබේ. [[වික්ටෝරියා යුගය|වික්ටෝරියානු සමය]] තුළ දී මෙය රැඩිකල් අදහසක් විය. පසුකාලීන ව රැඩිකල් සමාජීය වෙනසක් දක්වා එය ව්‍යාප්ත වූ අතර නව අධිපතිවිරෝධී, ප්‍රති අවරෝධානාත්මක සංවේදීතාවයක ශුභාරංචිකරුවකු ලෙස එය පෙනීගියේ ය.<ref>[http://www.peacenews.info/webextras/article.php?id=33 Dan Jakopovich, ''Chains of Marriage'', Peace News] {{webarchive |url=https://web.archive.org/web/20110514004631/http://www.peacenews.info/webextras/article.php?id=33 |date=14 May 2011 }}</ref>
 
අද දවසේ පිළිගැනීමට අනුව, මුල්කාලීන මධ්‍යම පාංතික ඇමරිකානුවන්ට අවිනිශ්චිත ලෝකය තුළ ස්ථායීතාවෙන් යුතු ස්ථානයක් බවට නිවස පත්කර ගැනීමට ඇවැසි විය.නිදහස් ආලය ව්‍යාපාරය විසින් සිදුකෙරුණේ මෙම මානසිකත්වය උදෙසා බිහිවුණු දැඩි සීමාවන් තුළ අර්ථකථනය කෙරුණු ස්ත්‍රී පුරුෂ භූමිකාවන් සුරක්ෂිත කිරීමයි. <ref name="Spurlock, John C 1988">Spurlock, John C. Free Love Marriage and Middle-Class Radicalism in America. New York, NY: New York UP, 1988.</ref>
 
නිදහස් ආලය යන යෙදුම (වෙසෙසින් ම 1960 සහ &nbsp;1970 වකවානුවල [[ප්‍රතිසංස්කෘතිය|ප්‍රතිසංස්කෘතික]] ව්‍යාපාර හේතුවෙන්)&nbsp; පොදුජන විඥාණය තුළ අවිචාරය සමග අත්වැල් බැඳගත් යෙදුමක් බවට පත් වී තිබෙන නමුත්, ඓතිහාසික ව නිදහස් ආලය ව්‍යාපාරය ලිංගික සහකරුවන් කිහිපදෙනෙකු සමග සබඳතා පවත්වා ගැනීම වෙනුවෙන් හෝ කෙටිකාලීන ලිංගික සබඳතාවන් වෙනුවෙන් හෝ පෙනී නොසිටියහනොසිටියේ ය. වඩාත් ප්‍රමුඛ ලෙස ම ඔවුන් පෙනී සිටියේ ලිංගිකමය බැඳීම් නෛතික සීමාකිරීම්වලින් තොර ව නිදහසේ වින්දනය කළ හැකි තත්ත්වයට ගෙන ඒමටයි.
 
Sex Radical යන යෙදුම ද Free Lover යන යෙදුම සමග අතුරුමාරු ලෙස භාවිත ව ඇති අතර Free Love යන යෙදුම විසින් ගෙනෙන අහිතකර සමාජ අර්ථයන් හේතුවෙන් Sex Radical යන යෙදුම අධිවාචකයන්ගේ සිත්ගත් යෙදුම බවට ද පත් ව තිබේ. කවරාකාරයෙන් හඳුන්වාගත්තද සෑම අධිවාචකයකු ම දැඩි ව පෙනී සිටි විශ්වාසයන් දෙකක් විය. යුගලන බන්ධනයක් තුළ බලහත්කාරයෙන් ලිංගික ක්‍රියාවකට සහභාගී කරවා ගැනීම යුක්තිසහගත බවට වූ අදහසට විරෝධය දැක්වීමත්, ගැහැනියකට සිය සිරුර රිසි පරිදි හැසිරවීමට විමුක්තිය ලබාදීමත් ය.<ref name="Passet, Joanne E 2003">Passet, Joanne E. Sex Radicals and the Quest for Women's Equality. Chicago,IL: U of Illinois P, 2003.</ref>
සෑම අධිවාචකයෙකු ම එක ම මතයක නොසිටියත්, අවිවාහක පෙම්වතුන් ව එක් ව වාසය කිරීමෙන් වළක්වන නීති, අනාචාරය සහ දික්කසාදය නියාමනය කළ නීති මෙන් ම ලිංගික ව හැසිරිය හැකි අවම නෛතික වයස් සීමාව, උපත් පාලනය, [[සමලිංගිකතාව|සමලිංගිකත්වය]], [[ගබ්සාව]] සහ ඇතැම්විට [[ගණිකාව|ගණිකා]] වෘත්තිය සම්බන්ධ ව පැවතුණු නෛතික බාධකයන් ද නිදහස් ආලය ව්‍යාපාරයන්හි විශේෂ අවධානයට ලක් වූ නීති අතර විය. විවාහය තුළ පුද්ගල අයිතිවාසිකම් අහෝසි වී යාම කෙරෙහි ද අවධානය යොමු විය. නිදසුනක් ලෙස ඇතැම් අධිකරණයන් විසින් කලත්‍රයකු අතින් දූෂණය වීම කලත්‍රයකු නොවන අයකු විසින් දූෂණය වීම තරම් තදබල ලෙස නොසැලකීම හෝ එය අපරාධයක් ලෙස නොසැලකීම දැකගත හැකි විය. නිදහස් ආලය ව්‍යාපාරයන්ව්‍යාපාර 19වන සියවසේ පටන් ලිංගිකත්වය පිළිබඳ ව පොදු සමාජය ඉදිරිපිට කතාකිරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් ද පෙනී සිටි අතර අශ්ලීලත්වය පිළිබඳ නීති සමග සටන් කළහ.
 
20වන සියවසට පා තැබීමත් සමග ඇතැම් නිදහස් ආලය ව්‍යාපාරයේ යෝජකයන් විවාහය යනු ස්වාමිභක්තිය සහ මානසික වහල්භාවය දිරිමත් කරන සමාජ සංස්ථාවක් බවට කරුණු දක්වමින් විවාහය පිළිබඳ විවේචනය තවදුරටත් පුළුල් කළහ.{{Citation needed|date=August 2009}}
30 පේළිය:
=== ආදිතමයන් ===
[[Image:Adamites.png|thumb|left|The [[Adamites]] were a sect that rejected marriage. Pictured, they are being rounded up for their heretical views.]]
ඉතිහාසය පුරා පැවති [[උතෝපියානුවාදය|උතෝපියානු]] සමාජ ව්‍යාපාරයන්ව්‍යාපාර රැසක් ම නිදහස් ආලය පිළිබඳ දැක්මක් සහිත වූවෝ වුහ. ක්‍රි. පූ. 1වන සියවසත් ක්‍රි. ව. 1වන සියවසත් අතර කාලයේ මැද පෙරදිග විසූ පිරිමින්ගෙන් පමණක් සමන්විත වූ [[එසන්ස්වරු]] පෙනීයන පරිදි මෛථූන්‍යය, විවාහය සහ වහල්හිමීත්වයෙන් වැළකී සිටියහ. <ref>See [[Essenes#Contemporary ancient sources]]</ref> මිල මුදල් පරිහරණයද ප්‍රතික්ශේප කළ ඔවුහු සාමූහික දිවිපෙවෙතක් ගෙනගිය අතර අවිහිංසාවාදීයෝද <ref>Although they appear to have been involved in a revolt against the Roman occupiers</ref> නිර්මාංශාහාරිකයෝද වූහ. ආදම්වරු නමින් දෙවන, තෙවන සහ සිව්වන සියවස්වල උතුරු අප්‍රිකාවේ සිටි මුල්කාලීන ක්‍රිස්තියානි නිකායක් ද විවාහය ප්‍රතික්ශේප කළහ. නග්නත්වය ප්‍රගුණ කළ කළ ඔවුහු තමන් මුල් පාපයෙන් නිදහස් බව ද විශ්වාස කළහ.
 
6වැනි සියවසේ පූර්ව මුසල්මාන පර්සියාවේ විසූ මස්දකීයවාදී බැතිමතුන් ද විවාහ සම්බන්ධයෙන් එක්තරා අරුතකින් නොබැඳි ප්‍රේමයට නෑකම් කියන පිළිවෙතක් අනුගමනය <ref>Crone, Patricia, ''Kavad's Heresy and Mazdak's Revolt'', in: Iran 29 (1991), S. 21–40</ref> කළ අතර නිදහස් ආලය ව්‍යාපාරයන් බොහොමයක් {{Citation needed|date=July 2008}} පරිද්දෙන් ම නිර්මාශාහාරය, අවිහිංසාව සහ සාමූහික පැවැත්ම ප්‍රිය කළහ. පෞද්ගලික දේපල ප්‍රතික්ශේප කිරීම සහ විවාහය ප්‍රතික්ශේප කිරීම හිමිකාරීත්වයෙන් බැහැර වීම උදෙසා ගත් ප්‍රතිපත්තීන් බව පෙන්වාදීමට ඇතැම් ලේඛකයන් විවාහය සහ දේපළ අතර ඇති දේශපාලනික සබඳතාවය ගවේෂණය තුළින් උත්සාහ දරා ඇත. {{Citation needed|date=July 2008}} එක්දහස් එක් රැය හි එන කිඳුරෙකු වූ අබ්දුල්ලා නම් ධීවරයාගේ කතා පුවත ද මුහුද යට පිහිටි නිදහස් ආලය (සහ නිරුවත් බව) දැකගත හැකි වූ ජනාවාසයක් පිළිබඳ ව සඳහන් වන මෙ සමයට ම අයත් ජනකතාවක් වෙයි. <ref>Irwin, Robert, ''Political Thought in The Thousand and One Nights'', in: Marvels & Tales – Volume 18, Number 2, 2004, pp. 246–257. Wayne State University Press</ref>
 
[[කාල් කවුට්ස්කි]] 1895දී ලියන සිය රචනාවක දීද විවාහය ප්‍රතික්ශේප කළ මධ්‍යකාලීන යුගයේ පැවති [[කොමියුනිස්ට් වාදය|කොමියුනිස්ට්වාදී]] සමාජ විශාල සංඛ්‍යාවක් හඳුනාගනී. <ref>[[Karl Kautsky|Kautsky, Karl]] (1895), ''Die Vorläufer des neuen Sozialismus, vol. I: Kommunistische Bewegungen in Mittelalter'', Stuttgart: J.W. Dietz.</ref> මෙවැනි එක් ව්‍යාපාරයක් වූ 10වැනි සහ 14වැනි සියවස්වල බටහිර යුරෝපයේ විසූ [[කැතර්වරු]] සිය අනුගාමිකයන් ව සියලු ම සදාචාරමය වාරණයන්ගෙන් සහ ආගමික බැඳීම්වලින් නිදහස් කළහ. නමුත් තිරිසන් හෝ මනුෂ්‍ය ජීවිතයකට අනුගත නොවෙමින් අල්පේච්ඡ ව සහ බ්‍රහ්මචාරී ව වාසය කළ පුද්ගලයන් කෙරෙහි ගෞරව කළහ. ඉතා කලාතුරකින් දැකගත හැකි වූ සමානත්වයකට සහ ස්වාධීනත්වයකට ගැහැනුන් හිමිකම් කී අතර ආගමික නායකයන් ලෙස පවා පිළිගැනීමට ලක් වූ අය සිටියහ. කැතර්වරු සහ අනෙකුත් එවැනි කණ්ඩායම් (වෝල්ඩන්ස්වරු, අපෝස්තුලු සහෝදරවරු, බෙහාර්ඩ්වරු සහ බෙගුයින්වරු, ලොලාඩ්වරු සහ හුසයිට්වරු) රෝමානු කතෝලික පල්ලිය විසින් මිත්යාතදෘෂ්ටිකයන් වශයෙන් නම් කළ අතර මර්දනයටද කටයුතු කළහ. බ්‍රෙත්‍රන්ගේශුද්ධාත්මයේ ශුද්ධ වූ ආත්මයසොහොයුරෝ, ටැබොරයිට්වරු සහ පිකාඩ්වරු වැනි අනෙකුත් ව්‍යාපාරයන් ද විවාහය පිළිබඳ ව ඔවුන්ගේ වූ විවේචනය සමග එක් වූ නමුත් බ්‍රහ්මචාරය වෙනුවට නිදහස් ලිංගික සබඳතාවන්ට අනුග්‍රහ දැක්වූහ.
 
==බුද්ධි ප්‍රබෝධක අවධිය==
40 පේළිය:
[[File:Visions of the Daughters of Albion copy G plate 01.jpg|thumb|right|237px|upright|Frontispiece to [[William Blake]]'s ''[[Visions of the Daughters of Albion]]'' (1793), which contains Blake's critique of Judeo-Christian values of marriage. Oothoon (centre) and Bromion (left), are chained together, as Bromion has raped Oothoon and she now carries his baby. Theotormon (right) and Oothoon are in love, but Theotormon is unable to act, considering her polluted, and ties himself into knots of indecision.]]
 
ප්‍රබුද්ධ සමය විසින් ගතානුගතික [[සදාචාරය|සදාචාරයට]] සහ ආගමට අභියෝග එල්ල වුණු අතර [[ප්‍රංශ විප්ලවය|ප්‍රංශ විප්ලවයේ]] විමුක්ති දේශපාලනය විසින් නිදහස් ආලය වැනි මාතෘකාවන්ට සුපෝෂණීය විය හැකි වාතාවරණයක් ඇති කරන ලදී.
 
ඉංග්‍රීසි ජැකොබියන්වරුන් ලෙස හැදින්වුණු ප්‍රංශ විප්ලවයට සහය දැක්වූ එංගලන්තයේ සිටි රැඩිකල් බුද්ධිමතුන් කණ්ඩායමක් විසින් ස්ත්‍රීවාදයේ සහ නිදහස් ආලයේ මුල් අදහස් ඉදිරිපත් කරන ලදී.
56 පේළිය:
[[File:Vindication1b.jpg|thumb|left|alt=Title page reads "A VINDICATION OF THE RIGHTS OF WOMAN: WITH STRICUTRES ON POLITICAL AND MORAL SUBJECTS. BY MARY WOLLSTONECRAFT. PRINTED AT BOSTON, BY PETER EDES FOR THOMAS AND ANDREWS, Faust's Statue, No. 45, Newbury-Street, MDCCXCII."|Title page from ''[[A Vindication of the Rights of Woman]]'' (1792), by [[Mary Wollstonecraft]], an early feminist and proponent of free love.]]
 
බ්ලේක්ගේ කවයේ සිටි තවත් අයෙක් වූයේ පුරෝගාමී ස්ත්‍රීවාදිනියක වූ මේරි වොල්ස්ටන්ක්‍රාෆ්ට් සහ මුල්කාලීන අරාජකවාදියකු වූ විලියම් ගොඩ්වින් ය. ගොඩ්වින් පසුකලෙක ඇගේ සැමියා බවට පත් විය. නිදහස් ආලයේ පරමාදර්ශ මුල් ම යුගයේ ස්ත්‍රීවාදිනියක වෙතින් උත්කෘෂ්ටත්වයට පත්කෙරිණ. විවාහය නැමති සංස්ථාවට අභියෝග කළ වොල්ස්ටන්ක්‍රාෆ්ට් එය අහෝසි කිරීම පිණිස පෙනී සිටියා ය. ඇගේ [[නවකතාව|නවකතා]] විවාහය පිළිබද සමාජ නිර්මිතය සහ කාන්තාවන් කෙරෙහි ඉන් වන බලපෑම විවේචනයට ලක්කරන ඒවා විය. 1788 දී ලියූ Mary: A Fiction නම් ඇගේ මුල් ම නවකතාවේ වීරවරිය ආර්ථික හේතූන් මත ප්‍රේමයෙන් තොර විවාහයකට තල්ලු කරනු ලැබේ. ඇය වෙනත් මිනිසකු හා ගැහැනියක සමග සිය සබදතා තුළ සිය ආදරය සොයාගනී. ලියා අවසන් නොකළ නමුත් 1798 දී පළකෙරුණු Maria: or, The Wrongs of Womanනවකතාව සිය සැමියා විසින් උම්මත්තකාගාරයක සිරගත කෙරුණු කාන්තාවක් වටා ගෙතුණු කතාවකි. මරියා සිය උම්මත්තකාගාර සගයෙකු වෙතින් විවාහයෙන් බැහැර ව සිය ජීවිතයේ සැනසීම සොයාගනී. “කාන්තාවන්ට ප්‍රබල ලිංගික ආශාවන් තිබෙන බවත් එය එසේ නොවන බවට හැගවීම පහත් සහ සදාචාර විරෝධී දෙයක් බවත්” වොල්ස්ටන්ක්‍රාෆ්ට් පැහැදිලි ව පෙන්වා සිටියා ය.<ref name="historyguide1"/>
 
කාන්තාවන් සිය නිදහස සහ ලිංගිකත්වය පිළිබද පාලනය අත්නොහැරිය යුතු බව වොල්ස්ටන්ක්‍රාෆ්ට්ගේ මතය වූ අතර ඒ අනුව යමින් ඇය සිය සහකරුවා වූ ගිල්බර්ට් ඉම්ලේ වෙතින් ඇයට දරුවන් දෙදෙනෙකු පිළිසිදගෙන සිටිය දී සහ ප්‍රංශ විප්ලවයේ භීෂණය මධ්‍යයේ දරුවකුට උපත දීමට සිදුවීමත් නොතකමින් ඔහු හා විවාහ වීමෙන් වැළකුණි. එම සබදතාවය ඉම්ලේගේ විකල්ප සබදතාවයක් සොයාගැනීම නිසා අමිහිරි ලෙස අවසන් වුවත් නිදහස් ආලයක් පිළිබද ඇගේ විශ්වාසය සුරැකී පැවතුණි. පසුකලෙක ඇය නිදහස් ආලය පිළිබද සිය අදහස් බෙදාහදාගත් සහ ඔහුගේ ජීවිත කාලය පුරා ම විෂය පිළිබද පළකිරීම් කළ විලියම් ගොඩ්වින් සමග සබදතාවයක් ඇතිකර ගත්තා ය. නමුත් අවසානයේ දී ඔවුන් දෙදෙනා විවාහ වීමට තීරණය කළහ. ඒ ප්‍රසූතියේ දී සිදු වූ සංකූලතා හේතුවෙන් ඇගේ මරණය සිදුවීමට දින කිහිපයකට පෙර ය.
 
නිදහස් ආලයට සහය දැක්වීමක් ලෙස හදුනාගත හැකි ආදර්ශයක් සපයමින් මේරිගේ හා ගොඩ්වින්ගේ දරුවා වූ මේරි බාල වියේ දී, එවකටත් විවාහ වී සිටි ඉංග්‍රීසි කවි [[පර්සි බෙසී ෂෙලී]] විසින් සිය රැකවරණයට ගන්නා ලදී. ෂෙලී ද නිදහස් ආලය (සහ නිර්මාංශාහාරිකත්වය) වෙනුවෙන් සිය රචනා තුළ පෙනී සිටියේ ය. Queen Mab (1813) හි ගැදි සටහන් තුළ ද, ඔහුගේ On Love (c. 1815) නම් රචනාව තුළ ද, Epipsychidion (1821) පැදිය තුළ ද ඒ දැකිය හැකි ය. Epipsychidion හි ඔහු මෙසේ ලියයි:
<blockquote><poem>
I never was attached to that great sect,
73 පේළිය:
==මනෝරාජික සමාජවාදය==
 
ආදිම සමාජ ව්‍යාපාරවල වූ නිදහස් ආලය ආශ්‍රිත සංකල්ප මෙන් ම ස්ත්‍රීවාදය, අහිංසාවාදය, සරළ සාමූහික ජීවිතය වැනි සංකල්ප 19 වැනි සියවසේ මුල ප්‍රංශයේ හා බ්‍රිතාන්‍යයේ ඇරඹුණු මනෝරාජික සමාජවාදී සමාජ වෙත ගමන් කිරීම ප්‍රංශයේ හෙන්රි ඩි සෙන්ට් සිමොන්, චාල්ස් ෆූරියර් සහ එංගලන්තයේ [[රොබට් ඕවන්]] වැනි චින්තකයන් හරහා සිදුවිය. Feminism යන යෙදුම ද පබැදූ ෆූරියර් සැබෑ නිදහස ඇතිවන්නේ හිමිකරුවන්, ශ්‍රමයේ රීති, ආශාවන් යටපත් කිරීම යන මේ සියල්ල නැති වූ කල්හි පමණක් බැව් කියා සිටියේ ය. ආශාවන් යටපත් කරවීම පුද්ගලයාට පමණක් නොව සමස්තයක් ලෙස සමාජයට ද හානිකර බව ඔහු කියා සිටියේ ය. මිනිසුන් හිංසනයට පත් නොවන තාක් කල් ලිංගිකත්වයේ සෑම ප්‍රකාශමානවීමක් ම වින්දනයට නිදහස තිබිය යුතු බවත් “කෙනකුගේ වෙනස්බවට ඉඩ දීම” නිසැක ව ම සමාජ අන්තර්ග්‍රහණය ඉහළ නංවනු ඇති බව ද ඔහුගේ මතය විය.
 
රොබට් ඕවන් මනුෂ්‍ය වර්ගයා පීඩාවට පත් කරන භයංකර ත්‍රිත්වය (awful trinity) ලෙසට විවාහය, ආගම සහ පෞද්ගලික දේපල නම් කළේ ය. ඔහුගේ පුතු වූ රොබට් ඩේල් දික්කසාදයේ නිදහස වෙනුවෙන් පෙනී සිටි ප්‍රබල මතධාරියකු විය. සාන්ත සිමොන්වාදී ස්ත්‍රීවාදිනියක වූ පෝලින් රෝලන්ඩ් විවාහයට එදිරි ව නිදහස් ආලයට අනුගත ස්ථාවරයක් ගනිමින් 1830 වැනි සමයක දරුවන් සිව් දෙනෙකුට ම උපත ලබා දුන්නේ ඔවුන්ගේ පෙළපත් නාමය ඇගේ වාසගම බවට පත්වන ලෙසිනි.
 
ජර්මානු සංගීතවේදී [[රිචඩ් වාග්නර්|රිචඩ් වැග්නර්]] සිය කෘති කීපයක ම නිදහස් ආලයේ ස්වභාවය ගත් සංකල්පයක් වෙනුවෙන් පෙනී සිටි අතර වාද්‍ය ශිල්පී හෑන්ස් වොන් බුලෝ සමග ඒ වනවිටත් විවාහ වී සිටි කොසිමා ලිස්ට් සමග පවුල් ජීවිතයක් ගතකිරීමට ද පෙළඹූණි. යුගයේ සමාජ සාරධර්මවල කෝණයෙන් බලන කල්හි අවකල් හැසිරීමක් ලෙස පෙනී ගිය ද, මෙවැනි සබදතා සමාජ සම්මුතියට වඩා සිය නිදහස් සිතුම් පැතුම්වලට තැන දුන් ප්‍රසිද්ධ සහ විශිෂ්ට කලාකරුවන්ගේ ස්වභාවය ලෙස හදුනාගත හැකි ය. එනයින් බලන කළ ඔවුන් එකල ලිංගිකත්වය සහ ප්‍රේමය විෂයෙහි නිදහස්කාමී අදහස් ප්‍රකට කළ ෆූරියර් වැනි දාර්ශනිකයන්ගේ කුලකයේ සිට ඇති බවත් ඔවුන්ගේ සවිඥාණක ව හෝ අවිඥාණක ව හෝ සිදු වූ විවෘත හැසිරීම විසිවැනි සියවසේ වඩාත් නිදහස්කාමී වූ සමාජ සම්මතයන්ට පදනම සැපයූ බවත් පැවසිය හැකි ය. [[ෆ්‍රෙඩ්රික් නිට්ෂේ]] ද නිදහස් ආලයේ ස්වභාවය ගත් අදහස් ඇතැම්විට දැක්වී ය. නමුත් ඔහු එහි සුප්‍රසිද්ධ පිළිවෙත් පුරන්නියක වූ ලුයි ඇන්ද්‍රියස් සැලෝමේ වෙත විවාහ යෝජනාවක් ඉදිරිපත් කළ කල්හි ඇය නිදහස් සහ සුපිරිසදාචාර සුපිරිමිනිසා පිළිබද ඔහුගේ ම දර්ශනයට එරෙහි ව යාම ගැන ඔහු ව අවඥාවෙන් හෙලා දුටු අතර මේ විවේචනය ඔහු ගැඹුරු ලෙස සිතාබැලීමකට නැතිනම් කම්පනයකට පත්කළේ ය. සංගීතවේදී ෆ්‍රෙඩ්රික් චොපින් සහ ලේඛිකා ජෝර්ජ් සෑන්ඩ් අතර පැවති සබදතාවය ද නිදහස් ආලයේ ප්‍රකාශයක් ලෙස පැති කිහිපයකින් ම දැකිය හැකි ය. සුප්‍රසිද්ධ චරිතවල මේ ආකාරයේ හැසිරීම් ආදර සබදතා සහ විවාහය පිළිබද පැවති සාම්ප්‍රදායික මතය කෙරෙහි වූ විශ්වාසය හීන කිරීමට මහෝපකාරී විය. වෙසෙසින් ම මෙවැනි සාම්ප්‍රදායිකත්වයක් නිසැක ව එහි ප්‍රතිපත්ති පූරකයන්ගේ ජීවිතවල සෞඛ්‍යයට හානිකර වන විට ඒ එසේ සිදුවිය.
==ආශ්‍රිත නාමාවලිය==
'''සටහන්'''
"https://si.wikipedia.org/wiki/නිදහස්_ආලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි