"විශ්වයේ ජීව බළ ශක්තියෙන් කරන වෙදකම Healing Of Universal Life Force Energy" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
140 පේළිය:
රුධිර ගත සිනි සහ මෙධ්ය අඩු කිරීමේ හැකියාව නිසා නිතර භාවිතයෙන් දියවැඩියාව සහ හර්ද රෝග වලක්වා ගැනීමටත් පුළුවන්. මිට අමතරව පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක්ද, ශරීරයට ප්රතිශක්තිය ලබාදීමේ හැකියාවත්, අක්මා පටල ප්රතිසංස්කරණය කිරීමටත් මහගු හැකියාවක් පොල්පලා වල තිබෙනවා. ගොනුස්සකු, පත්තැයකු දෂ්ඨ කල විට විෂ නසන්නට නිතර භාවිතා කල අත් බෙහෙතකි පොල්පලා කැඳ. ඉතාම රසවත් පානයක් පමණක් නොව කුස පිරෙන ආහාරයක්ද වෙයි.
පොල්පලා තම්බා බීමට ලාංකිකයන්ගේ යහපත් ක්‍රියාවකි. මුත්ර අඩස්සිය, මුත්ර දැවිල්ල, මුත්ර ගල්, අර්ශස්, ගුල්ම රෝග, හෘද රෝග, කාන්තා රෝග, ප්ලීහා රෝග, ප්රමේහ, කැස්ස, ඇදුම, පීනස, හිස රුදා, උගුරේ ආසාදන, පාචන, අතීසාර, ගොනෝරියාව, පාණ්ඩුව ආදී රෝග රැසකට ප්රතිකාර කිරීමේදී සම්පූර්ණ පොල්පලා ශාකයම භාවිතා කරයි.
* මුත්‍ර අඩස්සිය, මුත්‍රා දැවිල්ල සහ මුත්‍ර ගල් සඳහා මෙම සම්පූර්ණ ශාකයම තම්බා බීමට දීම මනා ඔසුවකි.
* වියළි පොල්පලා මල් හා කොළ ගිණි අඟුරු මතට දමා එම දුම් ආග්‍රාහණය කිරීම ඇදුමට ප්‍රතිකාරයකි.
* හිසරුදා සඳහා පොල්පලා මුල් අඹරා නලල මත ආලේප කිරීම හෝ පොල්පලා මුල් ඇල් දියෙන් අඹරා නලල මත පැලැස්තර දැමීම සිදුකරයි.
* වියළා ගත් පොල්පලා චූර්ණය මේස හැදි එකක් නටන වතුර කෝපයකට දියකර සීනි සමග පානය කිරීම කැස්සට ප්‍රතිකාරයකි.
* පොල්පලා මුත්‍රාකාරක, අශ්මරී නාශක, පණුවන් නසන ආදී ගුණයන් රැසක් සහිතයි.
 
== විශ්වයේ ජීව බල සහිත ආහාර ==