"දඬුමොණරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
==දඩුමොණරය==
==රාවණ රජු මිත්‍යාවක්ද?==
 
අද දවසේ බොහෝ අයගේ අවධානයට ලක්වන පුෂ්පිකය හෙවත් දඬුමොණරය යනු රාවණාගේ නිල රථය ලෙස සැලකේ. දැවයෙන් නිම කරන ලද මෙහි ඉන්ධන සඳහා භාවිතා වූයේ රසදිය බවත් දියමන්තියක් ආධාරයෙන් එම රසදිය උණු කිරීමෙන් දඬුමොණරය පණ ගැන්වූ බවට සඳහන්. තවත් එක් විශේෂ කාරණාවක් වන්නේ චිත්තකූටය හෙවත් වත්මන් සීගිරිය යනු දැවයෙන් නිර්මිත සෝපානයක් ඉහල සිට පහලට ක්‍රියාකර වූ සිරිලක එකම බලකොටුව ද වෙයි. සිංහ කට අසල සිට ඉහලට විද නිර්මිත කුහරය තුල මේ දැවයෙන් නිර්මිත සෝපානය දිනපතා සේවයේ යොදවාගත් බව සඳහන් වේ.
පුරාවිද්වතුන්, ඉතිහාසඥයින් උපකල්පනය කරන ආකාරයට දඬුමොණරය, හිමාලයෙන් ගෙන එනලද සැහැල්ලු දැවයෙන් නිර්මාණය කරන්නට ඇතිබව සඳහන්. තවද, සීගිරිය වටා එහි රූප පන්සියයක ට අධික ප්‍රමානයක් චිත්‍රණය කර තිබුණත් ස්වාභාවික හේතූන් මත කාලයත් සමඟ ඒවා මැකීගොස් ඇතිබව කියැවෙයි. කුමක් වුවත් රාවණා හෝ කස්සප නිසා හෝ චිත්තකූට හා ආලකමන්දාවෙන් හැඳින්වෙන සීගිරිය ලොව පැරණිතම බලකොටු මාලිගාව වීම වලකන්නට නම් බැහැ.
තවද මේවෙන විට රාවනා රජු කෙරවූ දඩුමොණරය පිලිබද යම් යම් කරෑනු කාරනා ලොවට හෙලිවී ඇත. එනම් දඩුමොණරය යත‍්‍රය සදහා ඇත්තේ රස දියෙන් ක්‍රියාත්මක වන එන්ජිමකි එයට සයිලන්සර කටවල් 4ක් ඇත. තවද බොහෝ කරෑනු කාරනා ඇත.
දඩුමොණරය හට යම් යම් විශ්ෂ හැකියාවන් වන නොපෙනී යාමේ හැකියාවෙන්ද සමන්විතය සමන්විතය එවැනි විස්කමක් ඒ කාලය වන විට කර තිබෙන්නේ යම්කිසි ඇස්බැන්දුමක් වැනි දෙයෙකි, එනම් යානයේ යටි පැත්තේන් කන්නාඩි යොදා, යටි අතින් බලන විට කන්නාඩිය ඔස්සේ පරාවර්තනය වෙමින් පෙනෙන්නේ වලා රොදක් මෙනි.
 
ඔබෙන් කවුරුන් හෝ ගුවන් යානය නිපදවූයේ කවුද? යි ඇසුවහොත් ඔබේ පිළිතුර වන්නේ “රයිට් සහෝදරයෝ” යන්නයි. සමහරවිට ඔබ නිවැරදිය. එයට හේතුව මුළු ලෝකයම පිළිගන්නේ එම පිළිතුර නිසයි. නමුත් මෙහි නියම උරුමකරුවා වන්නේ සිංහල‍ෙයකු බව ඔබ දන්නේ නැත. පරගැති බවෙන් වැසී ඇති හෙළයාගේ චින්තනය මේ නියම උරුමකරු අමතක කොට එහි පේටන්ට් අයිතිය සුද්දාට පවරා බලාසිටී. එසේ වුවද ඔබ අමතක නොකළ යුත්තක් තිබේ. එනම්, සුද්දා කොල අතු අඳින යුගයේ හෙළයා රෙදි වියාගෙන ඇන්ඳ බව. එයට අපේ ඉතිහාසයේ කුවේණියගේ කථා පුවතින් සාක්ෂි සපයයි. ගුවන් යානය සම්බන්ධ කාරණාව ද ඒ ආකාරයේම වේ. මෙයින් පෙනෙන්නේ බටහිර ජාතින්ට පෙර, ශිෂ්ඨාචාර වූ ජාතියක් ලෙස සියවස් ගණනාවක් සිංහලයා ජීවත් වූ බවයි. ගුවන් යානය සම්බන්ධ කාරණාව ද ඒ ආකාරයේම වේ.
දැනට ඉගැන්වෙන පාසල් අධ්‍යාපනයේ දී “රාවණ” යන නාමය දැක්වෙන රජවරයකු ගැන නොදැක් වේ. නමුත් සංස්කෘතික ග්‍රන්ථ විමසා බලන විට ලංකාවේ රාවණ යන නාමයෙන් රජවරයකු සිටිය බව සොයා ගැනීමට පුළුවන. රාමායණය, මහාභාරතය, රඝුවංසය, ජානකීහරණය, ශිශුපාලවධ, රාවණ රාජාවලිය, මන්දාරම්පුර පුවත, රාජාවලිය, මහාවංශය දෙවන භාගය, රාවණ රාජධානිය යනාදියේ ඒ බව දැකගත හැකි ය. මෙයට අමතරව ලංකාවේ ඉතිහාස ග්‍රන්ථයක් ලෙස දැනට භාවිත නොවන මන්දාරම්පුර පුවත නමැති දුර්ලභ කෘතියේ සහ රාවණ රාජාවලිය, රාවණ පුවත, රාවණ හටන, රාවණ විස්තරය, රාවණ රජුගේ ගුවන් විස්තර කවි, කුරුණෑගල විස්තර නමැති පුස්කොළ පොත්වලද ද රාවණ රජතුමා පිළිබඳව කරුණු එමට ය.
 
ඉන්දියාවේ පුරා වෘතයක් වූ “රාමායණය” කථා පුවතේ සඳහන් වන්නේ රාමාගේ බිරිඳ වන සිතාවන් හෙළයෙකු වූ රාවණා නිරිඳුන් (ක්‍රි.පූ. 2554 –2517) විසින් ඉන්දියාවෙන් හෙළ දීපයට
මෙම පොත් සියල්ල ම ක්‍රි.ව. 1886 දී කෑගල්ල දිසාපතිව සිටි හියුනෙවිල් නම් ඉංග්‍රීසි ජාතිකයා විසින් එංගලන්තයට රැගෙන යන ලදී. දැනට එම පොත් එංගලන්තයේ බැලැක්ෆයර් වීදියේ පුස්තකාලයේ හියුනෙවිල් පුස්කොළ පොත් එකතුවේ ඇත. මෙයින් එක් එක් කවිය යොදා ගනිමින් ක්‍රි.ව. 1955 දී පී.ඊ.පී. දැරණියගල මහතා කෘතියක් සම්පාදනය කරන ලදී.
පැහැරගෙන එන ලද්දේ“පුෂ්පක” නම් ගුවන් යානයෙන් බවයි. මෙය ප්‍රසිද්ධ කථා පුවතකි.
මෙම “පුෂ්පක” නම් ගුවන් යානය “දඬු මොනරය” නමින් ද හඳුන්වනු ලැබීය. එම නම එයට ලැබුණේ මොනරාගේ ආකෘතියෙන් දැවයෙන් නිම කරන ලද බැවිනි.
එසේම ලෝකය පිළිගන්නේ “දඬු මොනරය” නිපදවන ලද්දේ රාවනා බවයි. එහෙත් රාමායණය කියන්නේ ‍රාවණා නිරිඳුගේ සොහොයුරු වූ“වෛශ්‍රවණ” හෙවත් “කුවේර” නරේන්ද්‍රයාට ද “පුෂ්පක” නම් ගුවන් යානයක් තිබූ බවයි. ඔහු “සිව ගිරිය” හෙවත් “සීගිරිය” අග නගරය කොටගෙන රජකම් කල බව ද කියැවේ. එහි තව දුරටත් සඳහන් වෙන්නේ රාවණා රජු විසින් එම යානය පැහැරගෙන පරිහරණය කරඇති බවයි. කෙසේ වෙතත් මේ රජවරුන් දෙදෙ‍නාටම නගර නිර්මාණය සඳහා උපදෙස් ලබාදුන් “විස්කම්” හෙවත් “විශ්ව කර්ම” නමැති මහා මූලාචාරියා ජිවත්වූයේ ද එම යුගයේ ය. විශ්ව කර්ම යනු අතීතයේ මහා විෂ්මිත නිර්මාණ කල පුද්ගලයෙකු බව බොහෝදෙනා දන්නා කරුණකි. ඒ අනුව ඉහත දැක්වූ “දඬු මොනරය” විශ්ව කර්මයාගේ නිර්මාණයක් ද විය හැකිය. කෙසේ වෙතත් මේ රජවරුන් දෙදෙනාම සතුව ගුවන් යානා නිෂ්පාදන තාක්ෂණය තිබෙන්නට ඇතැයි මෙමගින් සිතිය හැකිය.
තවත් ලෙසකින් සඳහන් වන්නේ මෙම “දඬු මොනරය” පිළිබඳ ඉතිහාසය රාවණා රජුගේ යුගයෙනුත් සියවස් විසි පහක් ඈතට දිවයන බවයි.
ශ්‍රී ලංකාවේ “වාරියපොළ” යනු නගරයකි. මෙම නම සන්දිකර බැලුව හොත් වා+රිය+පොළ යනුවෙන් දක්නට ලැබේ. මෙහි “වා” නම් වාතයයි.“රිය” නම් රථයයි. “පොළ” නම් එම රථය නතරකරන ස්ථානයයි. ඒ අනුව“වාතයෙන් ගමන් කරනා රථ නතරකරන ස්ථානය” ලෙස තවදුරටත් එය විග්‍රහ කළ හැකිය. (වාතයෙන් ගමන් කරන්නේ ගුවන් යානායි.) මේ විග්‍රහයට අනුව සිතිය හැක්කේ වර්තමාන වාරියපොළ නගරය අතීතයේ ගුවන් යානා නතර කරන ලද ප්‍රදේශයක් වියහැකි බවයි.
එමෙන්ම ක්‍රි.පු. දෙවන සියවසෙහි දී දකුණු ඉන්දියාවේ සිංහළයින් වාසය කරන ලදැයි සාක්ෂි ඇති “කුවන් කොඩ්” නමින් ‍ෙදමළට හැරවූ “ගුවන් ගොඩ” රාවණා යුගයෙහි ගුවන් යානා නවත්වන ලද ප්‍රදේශයක් වූ බවට තවත් ඉඟියකි.
වර්තමානයේ අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය වැනි ප්‍රදේශවල දක්නට ලැබෙන ලොවම විශ්මිත කරවන නිර්මාණ දෙස බලන විට ඉහත දැක්වූ විෂ්මිත නිර්මාණය ද හෙළයෙකුගේ අතින් නිමවූ එකක් නොවන බව කෙසේ කිව හැකිද?
කෙසේ වෙතත් මේ පිළිබඳව ඉතිහාසඥයන්ගේ හා පුරාවිද්‍යාඥයන්ගේ අවධානය යෙමුවිය යුතු අතර ඒවා පිළිබඳව විධිමත් පර්යේෂණයන් පැවැත්විය යුතුය.
 
මන්දාරම්පුර පුවත අනුව එකල මෙරට රජවරු රාවණ රජතුමාට අයත් වූ රාවණ කොඩිය පෙරටු කර ගෙන යුද්ධයට ගිය අයුරු එහි දැක්වේ. එහි දැක්වෙන කවි කිහිපයක් පහත සඳහන් වේ.
 
රාම සීතා පෙම්කතාවට අනුව රාවණා රජු ගමන්ගත්තේ යැයි කියන දඩුමොණරයක් ගැන රාමායනයේ කියවෙයි. සීතා දේවිය සඟවා තැබුවේ යැයි කියන ස්ථානයක් ලෙස නුවරඑළිය සීතාඑළිය ගැනද රාමායනයේ සඳහන් වෙයි.
යළි දෙනුවර සිවුසිය පත්තු මහ ද න මහ කොඩි පෙරමුණට ගෙන ඊළඟ ගම න “රාවණ කොඩිය” සිහසුන් කොඩිය ද රැගෙ න හේවාහැට දුම්බර සෙන් විය ගම න
 
සීතාඑළිය කෝවිල වර්ථමානයේදීත් හින්දු බැතිමතුන්ගේ පූජා පවත්වන ස්ථානයක් වන අතර රාවණා රජු විසින් සීතා දේවිය සඟවා තැබීම සඳහා නිතර නිතර ගමන්ගත් දඩුමොණරය නතර කර විවේකගත් ස්ථානයක් ලෙස වතු කම්කරුවන් පුද සත්කාර කරමින් තිබෙන ස්ථානයක් සොයා ගෙන තිබේ.
සිහසුන් “රාවණ දජ” ගෙන අසු පිටි න දෙසියක් සෙබළු මර කළ සිට තුන්පෙළි න පුවක්ගොල්ල, පුස්සල මැතිවරු දෙදෙ න මාවත් දෙකේ වාසල මුර ගත එමෙ න
 
මස්කෙළිය මාවුස්සාකැලේ ජලාශයට සහ කැනියොන් ජලවිදුලි බලාගාරයට ඉහලින් සප්තකන්‍යා කඳුවැටියට නුදුරු මාවුස්සාකැලේ නයිසා වත්තේ සීටන් කොටසේ අක්කර තුනක පමණ විශාල වපසරයකින් යුත් තැනිතලා ගල්පරයක් ලෙස මෙම ස්ථානය දැක ගත හැකිය.
දෙසීයක් බළ සෙනඟ පෙළ පෙළ යොදවමි න පුවක්ගොල්ල - පුස්සල මැතිවරු දෙදෙ න සිහසුන “රාවණ දජ” පෙරටු කරමි න අස්වාහන නැග ඊළඟ වියගම න
 
අති දුෂ්කර මාර්ගයක් ඔස්සේ මෙම තැනිතලා ගල්පොත්තට ගිය විට දකින්නට ලැබෙන්නේ අඟලක් පමණ ගැඹුරට, අඟල් දෙකක් පමණ පළලට, අඩි පහක පමණ පරතරයකින් යුත් එක හා සමාන රේඛා දෙකක් අඩි සියයක් දිගට ගල්පර්වතයේ ස්ථාන කීපයකම සලකුණු කීපයක් තිබෙන ආකාරය ය. එම සලකුණු දඩුමොණරයේ රෝද සලකුණු බවයි තාමත් වතු කම්කරුවන් විශ්වාස කරන්නේ.
එකල මෙලක පසදු වීරසූරිය සහ පුස්සල මැ ති විමල යසැති දිවාරත්න - හළුවඩනා මැතිදු බලැ ති පබල මැතිදු රත්නායක - අඹගහතැන්නේ විකුමැ ති “රවුළු දදය” නගා ගියහ - පන්සැන්ත බලසෙන්යු ති
 
මෙම ගල් පර්වතය අසල පොකුණක්ද තිබෙන අතර එම පොකුණ මීට වසර කීපයකට ඉහත විශාල පොකුණක් ලෙස තිබූ බවත් එය නඩත්තු නොකිරීමෙන් පොකුණ කුඩාවී ඇති බවයි වතු කම්කරුවන් පවසන්නේ. මෙම ගල්පර්වතයට පහළින් විශාල ගල් උමඟක පිහිටි කෝවිලක්ද දක්නට ලැබේ.
අපේ සමහර උගතුන් විසින් මිත්‍යා කථාවක් ලෙස ඉවත් කිරීමට තැත දරන එසේම මනස්ගාත යැයි කියනු ලබන රාවණ රජු ගැන මහාවංශයේ ද දැකිය හැකි ය. පහත සඳහන් වන්නේ මහාවංශයේ ඒ ගැන ලියා ඇති ආකාරය යි.
 
ඉතිහාසය පවසන පරිදි මෙම දඩුමොණරය රසදියවලින් ක‍්‍රියාත්මකවූ බවටද පැවසෙයි. මෙම ගල්පර්වතය ශ‍්‍රීපාද ස්ථානයටද යාබඳව පිහිටා තිබේ.
“රාමායනභරතාදි ලෝකියාසු කථ සුපි රාමස්ස වික්ක්‍රමඤ්ච වතස්ස රාවණ ඝාතිනෝ” (මහාවය-පි.64-පරි 42)
 
නූතන සමහර සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් ඉවත් කරනු ලැබ ඇති මහායාන ග්‍රන්ථයක් වන “ලංකාවකතාර සූත්‍ර” යේ ද සඳහන් වන්නේ රාවණ රජු කාශ්‍යප බුදුරදුන්ව ලංකාවේ සමන්ත කූඨයට ගුවන් රථයෙන් (පුෂ්පකයානය) රැගෙන ආ බව ය. කාශ්‍යප බුදුරදුන් රාවණ රජතුමාට සමණල කන්ද මුදුනේ දී ලංකාවතාර සූත්‍රය දෙසූහ. (ලංකාවතාර සූත්‍රය පරි. 1 - ගාථා 23, 24, 25, 26, 27, 28, 29, 30 ගාථා බලන්න) මෙම පුෂ්පකයානය රාම රාවණ යුද්ධයෙන් අනතුරුව ඉන්දීය රාම කුමරු විසින් පැහැර ගනු ලැබ සීතා දේවියත් සමග ඉන්දියාවේ අයෝධ්‍යාවට ගියේ ය. මහා භාරතයේ ඒ බව මෙසේ සඳහන් වේ.
 
“හත්වා තත්‍ර රිපුං සංඛ්‍යො භාර්යයා සහ සංගත: ලංකේෂ්වරං ච චක්‍රේ ස ධර්මාත්මානං විභීෂණම් භාර්යයා සහ සංයුක්තස් තතෝ වානර සේනයා අයෝධ්‍යාමාගතෝ වීර: පුෂ්පකේන විරාජිතා” (මහාභාරතය 56 අධ්‍යාය, දෝණපර්වය, 6, 7 ශ්ලෝක)
 
රාවණ රජුට අයත් ගුවන් රථයට නැඟී රාම කුමරු රියදුරු වූ බාලි සමග උපදේශක රාගිරාගේ විධානය අනුව අහසෙහි ඈතට පියාසර කර ඇත. ලංකාවේ දැනට භාවිත කරන රාජාවලිය අනුව රාවණා රජු ලක්දිව රජය කරවා ඇත්තේ ගෞතම බුදුරදුන් ඉපදීමට අවුරුදු 1884කට (ක්‍රි.පූ. 2428) ඉහතදී ය.... (රාජාවලිය 168 පිට) .....එතනින් මුහුදට වන් සද සෘද්ධි බල ලත් මලරජු කිත්සිරැ සදලිදු යන තුන්දෙන එතනින් මුහුදට වැද පීනා එනවිට එදාට මුද ශ්‍රී ලකට අතරතුර පළමු රාවණාගේ නුවර විය. රාවණාගේ අධර්මයෙන් රාවණාගේ කෝට්ටයත් මාලිගා පස්විස්සත් වීදි සාරලක්ෂයත් මුහුදට ගිලී ගියයි දැනගත යුතුයි.... (රාජාවලිය 172 පිට)
 
රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත් ය. මෙම කුමරු කරවූ ගල්ලෙන් විහාරය රහලගල පාමුල ඇති අතර, රහලගල රාවණ රජුගේ මාලිගාවක් තිබු එක් ස්ථානයකි. මෙහි නටඹුන් අද ද රහලගල පර්තවතය මුදුණේ ඇත. “දකුණු බුදු සිරි පතුල පිහිටි මක්කම සහ රාවණ රජුගේ සෙල් ලිපි” නමැති ග්‍රන්ථයේ 57, 58 පිටුවල ඒ බව සඳහන් වේ. ඉන්ද්‍රජිත්ගේ පුත්‍රයා වූ අගිය කරවූ ලෙන් විහාරය කෑගල්ල කරඬුපොත අසල ඇති අළුලෙනයි තිබේ. මෙහි ඇති සෙල් ලිපිය පුර විද්‍යා අංශ මෙතෙක් කාබන් පිටපත් කර රටට ඉදිරිපත් කර නැත. එනමුත් මෙම ලිපිය ඡායාරූප ගත කර කෑගල්ලේ සරත් යටවර මහතා කෘතියක ඉදිරිපත් කර ඇත.
 
මෙයට අමතරව රාවණ රජුගේ යුද දක්ෂ මකර ඇමැතිතුමාගේ පුත් වූ “ශෝණ” කරවූ ලෙන් ලිපියක් අරනායක අම්බලකන්දේ නාරංගොල්ල වතුයායේ ගුරුළු ලෙන හි ඇත. (එච්.සී.පී. බෙල්ගේ R.K.D. - කෑගලු වාර්තාව - 69 පිට සහ සුනන්දා ප්‍රේමසිරිගේ කෑගලු කැටපත - 3 පිට බලන්න) රාවණ රජු ක්‍රි.පූ. 6000 දී පමණ කරවූ වැව් අතරින් එකක් අද ද රූගම වැව ලෙස අප විසින් හඳුනාගෙන ඇත. (රාවණ රජු බුදුරදුන් ඉපදීමට අවුරුදු 1884ට පෙර එනම් ක්‍රි.පූ.2428 රජ කර ඇති බව කලින් සඳහන් කළේ රාජාවලියට අනුව ය. රාජාවලියේ එසේ සඳහන් වුවත්, මාදුරු ඔය සොරොව්ව වසර 6000ක් පැරැණි බව පසුව සොයා ගැනීම නිසාත්, වෙනත් පුරා විද්‍යා සාක්ෂිත් ගෙන බලන විට රාවණ රජු ක්‍රි.පූ. 6000 දී රජ කර ඇති බව පෙනී යයි) මෙම වැව රූගම වැව ලෙස නම් කර ඇත්තේ විදේශික සුදු මහත්වරු ය. මහඔය (මුන්දෙනආරු) හරස් කර බැඳි වේල්ලක් මගින් එම වැවට ජලය රැගෙන යන ඇළ අදත් රාවණ ඇළ ලෙස ම දැකගත හැකි ය. ලංකාවේ අඟලේ සිතියමේ MAHAOYA SHEET 50 සහ බෝහියර් මහතාගේ වාරිමාර්ග කෘතියේ දී ද මෙය දැක ගැනීමට පුළුවන. රාවණ රජුගේ නාමයෙන් පුරාණයේ ග්‍රාම නාම 60ක් පමණ නම් වී තිබුණු අතර, මෙම නාම 1950න් පසුව වෙනස් කර තිබේ. නූතන හපුතලේ පෙර “රාවණගම” විය. මේ ගැන වත්මන් කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාද හොඳින් දනී. රාවණ රජතුමා දක්ෂ වෛද්‍යවරයෙක් බව “ඌව දනව්ව” පොතේ 43 පිට කියවීමෙන් දැන ගත හැකි ය.
 
ක්‍රි.ව. 1940 දී සඳහන් වූ රාවණ ගමක් දැන් රම්මුන්ගොඩ ලෙස ද, උඩුරාවණගම දැන් උඩුහාවර ලෙස ද, යටිරාවණ ගම දැන් යටිහාවර ලෙස ද වෙනස් වූයේ අප බලා සිටිය 20 වැනි සියවසේ දී ම ය. රාජකීය පණ්ඩිත නාමලේඛනයක් අප රටේ ඇත. එම නාමලේඛනයේ 716 වැනි රාජකීය පඬිවරයා වූයේ “රාවණාගොඩ” පියරතන හිමියන් වන අතර, 746 වැන්නා වූයේ “උඩුරාවණ” ඤාණරතන හිමියන් ය. 749 වැන්නා ලෙස “යටිරාවණ” ධම්මාරාම හිමියන්ගේ නාමය දැකිය හැකි ය. (ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ශාස්ත්‍රීය සංග්‍රහය 1986 මුද්‍රණය 76, 77 පිටු) එම නාමයන් එදා එම ගම් තිබූ බවට හොඳ සාක්ෂි වේ. නුවරඑළිය ද පෙර රාවණ නගරය වූ අතර, එහි වැව ද රාවණ වැවයි. මෙම වැවේ කොටසක් ග්‍රෙගරි ආණ්ඩුකාරයා විසින් ගොඩකරනු ලැබ රේස් පිටිය සාදා ඉතිරිය වැව ලෙසට තබා ඊට ‘ග්‍රෙගරිස් ලේක්’ යැයි නම් කර තිබේ.
 
කැප්පෙටිපොළ යන ග්‍රාමය නම් කිරීමට පෙර මෙම ග්‍රාමය ‘පාලුගම’ වූයේ රාම - රාවණ යුද්ධය නිසා ය. රාවණ රජු රාමාට පැරදුණු තැන අදත් “රාමලංකාව” යනුවෙන් නුගතලාව අසල කුඩා ගමක් ඇත. සීතා දේවිය දිවුරුම් දුන්, කාශ්‍යප බුදුරදුන් පිටදුන්, නිග්‍රෝධ බෝධිය ක්‍රි.ව. 1832 වන තුරු ම දිවුරුම්වෙල > දිව්රුම් පොළ (නුගතලාව) තිබිණි. මේ බව පෝබස් මහතාගේ වාර්තාවක දැක්වේ. මෙම වාර්තාව අප අත අද නැත. විස්තර අවශ්‍ය අයට Discovering Ceylon කෘතියෙන් ද, බෝහියර් හඳුනාගත් ලංකාව කෘතියේ 343 පිටුවේ සිට ඉදිරියට ද දැක ගත හැකි ය. රාවණ මහ රජුට අයත් ගුවන් තොටුපොළක් මේ අසල විය. එය නමින් බිමණ පව්වයි. පසුව මෙය විමන් පව්ව ලෙස වෙනස් වි ඇත. අද තොටුපොළ කන්ද යනුවෙන් හැඳින් වෙන්නේ ද එකල ගුවන් තොටුපොළකි.
 
රාවණ රජුගේ තොප්පියක්, රන්සළුවක්, ඔටුන්නක් සහ ක්‍රි.ව. 1153දී සිටි ලක් රජු පරාක්‍රමබාහු රජුගේ ඔටුණු 32ක් සඟවා ඇති බව ලේඛන ගත ය. (මන්දාරම්පුර පුවත 16, 142, 278, 291, 325, 412, 413, 486, 541, 542, 551, 687) රහස්මිගොල්ල ලෙස අද ද වහරන එම ග්‍රාමය පෙර රාවණ රජුගේ රහස් ගුහාවක් ය. මෙම උමග 2006 අගොස්තු 30 දින මහරගම ජාතික අධ්‍යාපන ආයතනය අනුග්‍රහයෙන් ස්වර්ණවාහිණිය ඔස්සේ විකාශය කළ වැඩසටහනකින් ජනතාව හමුවේ තැබී ය. රාවණ රජුගේ නමින් ම කරවූ රාවණ විහාරය අද අකුරු හරඹයකට හසු වී වාරණ නම් වී ඇති අතර වාරණට හැරෙන හංදිය අදත් යක්කුන්ගේ කැලේ > යක්කැලේ > යක්කල ලෙස ව්‍යවහාර වේ.
 
රාවණ රජුගේ ඇමැති වූ මකරගේ පුත් වූ ශෝණ සහ රාවණ රජුගේ මුණුපුරු වූ අගියගේ සොහොයුරු වූ අශ්වාරෝහක තැන කරවූ ගල්ලෙන් 100ක් ඇති විහාරය පිළිකුත්තුවයි. (ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා ගවේෂණ වාර්තාව-2005) ඒ අසල ඇති මාලිගාතැන්න රාවණ රජුගේ මාලිගා සංකීරණයකි. මෙහි කඩුව සහිත සෙල්ලිපිය ඇති අතර, දැන් කොටස් දෙකට කැඩී වෙන් වී ඇති පිළිකුත්තුව හා මාලිගාතැන්න පෙර එක විහාර බිමකි.
 
විශ්ව සාහිත්‍යයේ කිසිදු කෘතියක දැකීමට නොමැති රාවණ රජුගේ දියණියක් පිළිබඳව සෙල්ලිපියක් අපට හමු විය. යාල බඹරගස්තලාව නාගපබ්බත රාජමහා විහාරයට අයත් ලෙන් 60 ගණනින් එක ලෙනක දැකීමට ඇති එම සෙල්ලිපිය මෙසේ ය.
 
“පරුමික රවණ ඣිති ශොහිලි ලෙණෙ ශගශ” (‘සෙල්ලිපි කියවීමට නොදන්නා අයට පහසු ක්‍රමයක්’ ග්‍රන්ථයේ - 25 පිට)
 
පරුමික (ප්‍රධාන හෝ පූර්ව මුකය) රවණ (රාවණ) ඣිති (දියණිය) ශොහිලි (ශොහිලි නම් නාමයකි) ලෙණෙ (ලෙන) ශගශ (සංඝයාට).
 
මේ අනුව රාවණ රජු, ඉන්ද්‍රජිත්, මකර, ශොහිලි යන රාවණට බැ‍ඳෙන සියල්ලෝ ම බෞද්ධයෝ ය. මෙම කතාව ලෝක ඉතිහාසයෙන් ඉවත් කිරීම කෙසේ සිදුවුණි ද යන්නත් අප නොදනී. විමසීම නූතන බුද්ධිමතුන්ට අපි බාර කරමු.
 
රාවණ රජු සොයා ගැනීමට සහ එය රට තුළ ස්ථාපිත කිරීමට මෙය අප කරන සටනකි. මෙය ‘රාවණ හටන’ යි. පෙර ද රාවණ හටන යන නමින් ලියැවුණු පුස්කොල පොතක් ඇත. එහි සඳහන් හතර පදයක් පහත සඳහන් වේ.
 
බිසවුන් මාලිගෙ ඇතුළට යන් නේ එතකොට දෙවියෝ සාදු කියන් නේ මාලිගෙ ඇතුලේ ගොසින් සිටින් නේ හනුමන්තා දෙනු මොකද අසන් නේ (Hugh Nevill – Sinhalese Verse-97)
 
නූතන කාව්‍ය සාහිත්‍යයේ සඳහන් වන්නේ වලවේ ගඟ සමනළ කන්දේ සිට ගලා බස්නා බවකි. එහෙත් එය වැරැදි ය. වලවේ ගඟ ගලා බසින්නේ සමනළ කන්දෙන් නොව රාවණ රජුගේ මාළිගය තිබූ රාවණ කන්දෙනි.
 
ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව දේශ දේශාන්තරයන්හි ඉමහත් කීර්තියට හා සම්භාවනාවට පත් හෙළ විරුවෙක්‌ වූ රාවණ අධිරාජයා පිළිබඳව දශකයෙන් දශකය, සියවසින් සියවස, විවිධ මතිමතාන්තර පළවීම පුදුමයට කරුණක්‌ නොවේ.
 
රාවණයින් පිළිබඳව එවැනි උද්ඝෝෂණ, එවැනි මතිමතාන්තර පළනොවන්නේ නම් එය පුදුමයට කරුණකි. නමුත් රාවණයෝ මිත්‍යාවට බරවීම බුද්ධිමත් සැමදෙන විමසා බැලිය යුතු කරුණකි.
 
හිස්‌ දහයක්‌ අත් විස්‌සක්‌, ඇස්‌ විස්‌සක්‌, දත් 320 ක්‌ වශයෙන් රාවණ රූපය වර්ණනා කිරීම අද බොහෝ දෙනෙක්‌ කතා කරන මිත්‍යාවට හේතු භූත වූ බැව් අප පර්යේෂණවලින් තහවුරු වූ බැව් පළමුව කිව යුතුය. (The Cultured Heritage of King Rawana)
 
මිථ්‍යාව
 
ලෝකයේ පහළවන අන් සතුන්ට වඩා වෙනස්‌ යම් සත්ත්වයෙක්‌ සිටී නම් ඔහු හෝ ඇය මිථ්‍යාවට හසුවෙනු සැක නැත. මහා විෂ්ණු දෙවිඳුට එක්‌ හිසක්‌ සහ අත් හතරක්‌ පෙන්වා ඇත. එමෙන්ම ගණ දෙවිඳුට අත් හතරක්‌ අලි මුහුණක්‌, විශාල උදරයක්‌ ද ඔහුගේ වාහනය ලෙස මී පැටියෙක්‌ ද පෙන්වා ඇත. ස්‌කන්ධ දෙවි මුහුණු සයකින් හා අත් දොළොසකින් ද චිත්‍රයට නංවා ඇත. රාවණ චරිතය ඊටත් වඩා ඉහළින් වර්ණනා කළ චිත්‍ර ශිල්පීන් හා මූර්ති ශිල්පීන් රාවණට හිස්‌ දහයක්‌ හා අත් විස්‌සක්‌ දී චිත්‍ර ගත කර ඇත. අතීතයේ ලේඛකයන් හා කවීන් ද රාවණා චරිතය අතිශයෝක්‌තියෙන් (EXAGGARATION) වර්ණනා කිරීම නිසා ධීර වීර රාවණයෝ ඇතැමෙකුගේ සැකයටත්, අවිශ්වාසයටත්, පාත්‍රවීම නිසා මිථ්‍යාවක්‌ ලෙස සැලකීමට සමහරු පුරුදු වූහ. (රාවණ කථා පුස්‌කොළ ග්‍රන්ථය. (එ)
 
මෑත ඉතිහාසයේ රාවණ රජතුමා ගැන තද විශ්වාසයෙන් සිටි විද්වතෙකි, ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණෝ. එබැවින් සිය සැළලිහිණි සංදේශයේ එක්‌ පැදියකින් රාවණ රජතුමා පිළිබඳ සිහිගැන්වීමක්‌ කර ඇත.
 
තුන් ලෝ තමා නතුකළ රවුළු සොහොයු රූ
 
තුන්කල් බලා රමිඳුට ඉටු මිතු රූ
 
තුන් වේ ඇඳුරු පුලතිසි කුල මණ මිතු රූ
 
තුන් විටකම වඳු එසිරිඳු පා තඹු රූ
 
තොටගමුවේ සිරි රහල් සඟ රජ මා හිමිපාණෝ වීභීෂණට නමස්‌කාරය කරමින් රාවණයින්ගේ ගුණ වැනූ අන්දම සැළලිහිණි සංදේශයේ 92 වැනි පද්‍යයෙන් මෙසේ පෙනී යයි.
 
මෑත යුගයේ සිටි මහා ඉතිහාසඥයෙක්‌ වූ මහාචාර්ය හාන්දු පැල්පොල පුඤ්ඤරතන නාහිමිපාණෝ ද රාවණ රජු ගැන භක්‌තියක්‌ තිබුණු ඉතිහාසඥයෙකි. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට වර්තමානය දක්‌වා පැවති රාවණ කොඩිය කොත්මලේ කොඩිය ලෙස රාජ සම්මත කළේ කීර්ති ශ්‍රී රාජසිංහ - (1747 - 1781) රජතුමාය. (මන්දාරම් පුවත)
 
මල්වතු පාර්ශ්වයේ අනුනායක ධුරන්දර අපවත්වී වදාළ අඹන්වැල්ලේ ශ්‍රී පඤ්ඤාසේකර හිමිපාණෝ දැනට දශක කීපයකට පෙර රාවණ රජුගේ නොදිරන දේහය නුවරඑළිය කඳුකරයේ ඇති බැව් පුවත්පත් ලිපියකින් හෙළිදරව් කළහ. එයට ප්‍රතිචාර ලෙස "රාවණ කෙප්පය" මැයෙන් මහාචාර්ය පරණවිතාන මහතා එම ලිපියට විරෝධය පළකර ඇත.
 
කතළුව අටදානවත්ත වලව්වේ රාජකීය පණ්‌ඩිත දොන් කොන්ස්‌ටන් ඔබේසේකර නමැති මේ ලියුම්කරුගේ ඥාතියා රාවණ රජු ගැන මෙසේ කියා ඇත.
 
රාවණ ඇත්තා හෙළ දැයේ මී මුත්තා දස බලය ඇත්තා ලොවේ මහ වික්‌ මැත්තා
 
(අමුද්‍රිත කවි එකතුව - 62 වැනි පද්‍යය) අපවත් වී වදාළ බද්දේගම විමලවංශ අනුනායක හිමිපාණෝ සිළුමිණ 1991 නොවැම්බර් 17 පත්‍රයට සපයා ඇත දීර්ඝ ලිsපියේ එක්‌ කොටසක්‌ ද මෙම ලිපියට ඇතුළත් කරන්නේ යක්‍ෂයන් කවුරුන්දැයි අවබෝධ කර ගැනීම පිණිසයි.
 
"දම්පියා අටුවාව ආදී පොත් යක්‍ෂ ජනතාව හඳුන්වා දී ඇත්තේ හෙළ යන නමිනි. දම්පියා අටුවාවේ පැහැදිලිවම කියන්නේ මෙරට ආදි ජනතාව හෙළයන් බවය. යක්‍ෂ, නාග දෙපිරිසම කතා කළේ හෙළ බසිනි. කුවේර නමින් සිටියේ යක්‍ෂ නායකයෙකි".
 
රාවණ රජුගේ වැඩිමහල් සොයුරු කුවේර ගැන දම්පියා අටුවාව පිළිගනී නම්, කුවේරගේ මලණුවන් වූ රාවණ පිළිනොගන්නේ ඇයි? යක්‍ෂ, නාග, දේව, ගන්ධබ්බ ආදී සිව් මහ ගෝත්‍රිකයන් මිනිස්‌ පිරිසකි. ඔවුන් මේ රටේ උරුමක්‌කාරයෝය.
 
ශ්‍රී ලංකාවේ හිටපු ඇමැතිවරයෙක්‌ වූද කථානායකවරයෙක්‌ වූ ද ගරු වි.ජ.මු. ලොකුබණ්‌ඩාර අධිනීතිඥතුමා රාවණ ගැන මෙසේ පවසා ඇත. "රාවණ කියන්නේ ඉතා හොඳ පූජනීය කෙනෙක්‌. එසේ මෙසේ කෙනෙක්‌ නොවේ. "අර්ක ප්‍රකාශ" වැනි වෛද්‍ය ග්‍රන්ථ එතුමා රචනා කළා. "ශිව තාණ්‌ඩව ස්‌ත්‍රොaත්‍ර" වැනි ග්‍රන්ථ එතුමා රචනා කළා. අපි සැබැවින් ද ආර්යයෝ මුටසීව රජතුමා ත්‍රී මූර්තියට සැලකුවේ. - (හැන්සාඩ් - 1981 ජූලි 24 - පී. 1284)
 
හෙළ හවුලේ නායක ගුරු දෙවි කුමාරණතුංග මුනිදාස සූරීන් රාවණ චරිතය බහුමානයෙන් විමර්ශනයට ලක්‌කළ අග්‍රගණයේ පඬුවෙකි. අලවි ඉසි සැබිහෙළයෝ ද, කුමරතුඟු ගෝල බාලයන් වූ මහා කවි රැපියල් තෙන්නකෝන්, මහානාම දිසානායක, ජයන්ත වීරසේකර, අරිසෙන් අහුබුදු ආදී විද්වතුන්ගේ සම්භාවනාවට රාවණ රජතුමා ලක්‌ වූ බැව් අපි දනිමු.
 
රාවණාගේ පරපුර
 
මහා බ්‍රහ්මයාගේ පුත් පුලස්‌ථි සෘෂිවරයා රාවණ පරපුරේ ආදී පුරුෂයා ලෙස රාමායණය ඇතුළු මූලාශ්‍ර රැසක සඳහන්ව ඇත.
 
මෙම පිරිස යක්‍ෂ, නාග, දේව, ගන්ධබ්බ ආදී සිව් මහ හෙළයන් සම්මිශ්‍රණය වූ පරපුරක්‌ ලෙස සිතිය හැක. එම කාලයේ ලක්‌දිව - සිංහලේ කුලභේදයක්‌ නොතිබුණු බවට අපමණ සාක්‍ෂි ඇත.
 
මෙහි ඉහත සඳහන් සිව් කුලයටම සමාන පිළිගැනීමක්‌ තිබිණි. සතර වරම් දෙව් සංකල්පය ඊට නිදසුනකි.
 
උතුරු දේශයට අධිපති වූයේ යක්‍ෂ ගෝත්‍රික වෛශ්‍රවණය. යක්‍ෂ, නාග, දේව, පිසාච ගෝත්‍රිකයන් ලක්‌දිව විසූ බැව් මහාවංශයට සිය වසකට පෙර ලියන ලද දීපවංශයේ සඳහන්වේ.
 
(ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය - පිටු( 09)
 
උත්තරංච දිසං රාජා සෝ යක්‌ඛාධිපති යසෝ වෙස්‌සවන්ණෝ මහාරාජා ඉදං පුඤ්ඤාණු මෝද තු
 
කුම්භාණ්‌ඩ හෙවත් දකුණට අධිපති දේව ගෝත්‍රික වරුළයට වන්දනා කිරීම(
 
දක්‌ඛංච දිසං රාජා කුම්භාණ්‌ඩාධිපති යසෝ විරුළ හෝ දේව රාජා ඉදං පුඤ්ඤාණු මෝද තු
 
ගන්ධබ්බ ගෝත්‍රයට අයත් ධෘතරාශ්ට්‍ර නැගෙනහිරට අධිපතියාය.
 
පූරි මංච දිසං රාජා ගණ්‌ධබ්භාධිපති යසෝ ධත රට්‌බෝ දේව රාජානඃ ඉදං පුඤ්ඤාණු මෝද තු
 
පශ්චිම දිසාවේ අධිපති ධුරය හිමිවූයේ විරූපාක්‍ෂයන්ටය. ඔහු නාග ගෝත්‍රිකයෙකි.
 
පංච මංච දිසං රාජා සෝ නාගාධිපති යසෝ විරූපක්‌ඛෝ දේව රාජා ඉදං පුඤ්ඤාණු මෝද තු
 
දහම් එළිය - පිටු 216, 217 කපුගම්පොත ආනන්ද මෛත්‍රිය හිමි)
 
මහා බ්‍රහ්මයාට දරුවන් 13 කි. එයින් තිදෙනෙක්‌ ඉතා ප්‍රසිද්ධියට පත්වී ඇත. එනම් මරිචි, මනු සහ පුලස්‌ථිය. මරිචිගේ පුත්‍රයා කසිපර්ය. කසිපර්ගේ දරුවන් වූයේ ඉන්ද්‍ර, වරුණ සහ සූර්යයාය. සූර්යයාගේ පුත්‍රයා සමය.
 
මනුට ප්‍රජාපතී නම් පුතෙකි. ප්‍රජාපතීට අග්නි, වායු සහ සෝමබන්දු නම් පුතුන් තිදෙනෙකි. පුලස්‌ථිගේ බිරිඳ දේව වංශික දේවවරුණීය. පුලස්‌ථිගේ පුත්‍රයා විශ්‍රවස්‌ය. විශ්‍රවස්‌ගේ පුත්‍රයා කුවේර හෙවත් විශ්‍රවස්‌මුණිය. විශ්‍රවස්‌මුණිගේ දෙටු පුත්‍රයා ද කුවේරය.
 
ලෝකයේ අට දිශාව පාලනය කළේ මෙම පිරිසය. කුවේර ලෝකයේ උතුරු දෙසද, යම දකුණු දෙසද, වරුණ බස්‌නාහිර ද, චන්ද්‍ර ගිණිකොන ද, සූර්ය ඊසාන දෙස ද ආරක්‍ෂකයන් වූහ. (Rawana The Great - p.14)
 
කුවේර හෙවත් විශ්‍රවස්‌මුණි කාන්තාවන් සිව් දෙනෙක්‌ සමඟ විවාහ වී ඇත. එනම් පුශ්පෝත්කටා, කාලයී, සුමාලින් යක්‌ රජුගේ දියණියන් වූ කේකසී (කේසනි) දේව වංශික කුමරියක්‌ වූ පුලස්‌තිගේ බිරිඳ ද දේව වර්ණ නමින් යුත් කුමරියක්‌ වීම විමසා බැලිය යුත්තකි. මෙම විවාහ සම්බන්ධතා නාම විවිධ මූලාශ්‍රවල පරස්‌පර විරෝධී බැව් කිව යුතුය. විශ්‍රවස්‌මුණි හෙවත් කුවේරගේ පළමු බිරිඳ වූ පුෂ්පොත්කටා කුමරියට දරුවන් පස්‌ දෙනකි. එනම් කර්ණ, මහෝදරී, මරච, ප්‍රපාට්‌නි සහ කුම්භිනාසිය. තෙවැනි බිරිය කාලි, තිරිසර, දූෂනන්, විද්සුන් සහ සිවුක යන දරු සිව්දෙන ලැබුවාය. තෙවැනි බිරිය ව කෙකසී රාවණ, කුම්බකරණ, සුපර්නිකා සහ විභීෂණ ලැබුවාය. කුවේර හෙවත් විශ්‍රවස්‌මුණි රජුට ඉලවිලා නමින් බිරිඳක්‌ද සිටි බැව් ඇතැම් මූලාශ්‍රවල සඳහන් විය.
 
විභීෂණ නාග ගෝත්‍රික මාලනී කුමරියගේ පුත්‍රයා යෑයි ආරියදාස සෙනෙවිරත්න සූරීන් කියයි.
 
(ශ්‍රී ලංකා රාවණ රාජධානිය - පි.)
 
රාවණයින්ගේ මෑණියන් වූ කේසිණි අයත්වන්නේ යක්‍ෂයාගේ පරපුරටයි. එම යක්‍ෂ ද මහා බ්‍රහ්මයාගෙන් පැවතෙන්නකි. මෙම යක්‍ෂ හා රාක්‍ෂ ගෝත්‍ර දෙකම පැවතෙන්නේ මහා බ්‍රහ්මයාගෙන් බැව් සකු සාහිත්‍යයේ දැක්‌වේ.
 
හේටි සහ ප්‍රහේටි නමින් පුතුන් දෙදෙනෙක්‌ යක්‍ෂව සිටියහ. කාලගේ සොයුරියවූ පායාසි විවාහ වුණේ හේටි සමගය. විද්යුත්කේස විවාහවුණේ සාලා සමගය. සුකේසන් ඔවුන්ගේ පුත්‍රයාය. සුකේසන් දේවවතී සමග විවාහයෙන් පුතුන් තිදෙනෙක්‌ ලැබූ අතර, ඔවුන් මාල්‍යවන්, සුමාලීන් හා මාලී වූහ. සුමාලි කේතුමතී හා විවාහයෙන් ප්‍රහත, දණ්‌ඩක, දුර්මුඛ, කයිකේසී, පුශ්පොත්කටා සහ කුම්බිනාසී වූහ. රාවණ මෑණියන් වූ කයිකසී සුමාලි දියණියයි. විශ්‍රවස්‌මුණිගේ තවත් බිරිඳක්‌ වූ පුශ්පෝක්‌කටා ද සුමාලි රජුගේ දියණියකි. මාලි වාසුතා සමග විවාහ වූ අතර නීල, අනිල, හර, සම්බපති ආදීන් දූ පුතුන් වූහ. විශ්‍රවස්‌මුණි - කයීකසී පුත් රාවණ විවාහ වුණේ විශ්ව කීර්තියට පත් ගෘහ නිර්මාණ ශිල්පී මයදානවගේ දියණිය වූ මන්දෝදරී සමගය. එම විවාහ දිනයේ මනාලියට දායාද වශයෙන් මයදානවගේ මහ බලැති ත්‍රීශූලය රාවණාට දායාද කළේය. ඓතිහාසික සීගිරිය මාළිගා බල කොටුවේ වාස්‌තු විද්‍යාඥයාද මයදානව බැව් "රාවණ කථා" පුස්‌කොළ ග්‍රන්ථයේ ඇත.
 
මේ අනුව විමසා බලන කළ රාවණගේ පරපුර ලංකාවේ පමණක්‌ නොව මුළු මහා භාරතයේ ද පීරු රාජ්‍යයේ සහ ග්‍රීසියේ ද පැතිර ඇති බවට හේතු සාධක මූලාශ්‍ර අපමණ ඇත. මෙම පරපුරේ නම්වලට සමාන ගෝත්‍ර නම් ශ්‍රී ලංකාවේ අපමණ ඇත. මහා භාරතයේ ද, ගී්‍රසියේ ද ඇත. රවුළු ගේ, හේවා රවුළු ගේ, රවුළු හේවාගේ රාවණගේ ආදී නම් වාසගම් දකුණු පළාතේ මාතර දිස්‌ත්‍රික්‌කයේ දැකිය හැක. රාවණ යනු අදත් අප අතර පවතින මහා බලවේගයක්‌ ඇති මහා පුරුෂයෙකුගේ ශ්‍රී නාමයකි. දශරථ රජු ඉන්දීය රාජාවලියේ ප්‍රබල වීරයෙකි. රාවණ රජතුමා දශරථ රජුගේ සමකාලිකයෙක්‌ වන අතර මිසරයේ ශත අප්රා රජුගේ ද චීනයේ චාහොව් රජුගේ ද සමකාලීනයෙක්‌ බැව් හිටපු පුරා විද්‍යා කොමසාරිස්‌ ඇම්. ඩබ්. සිරිසෝම මහතා පවසා ඇත. (සිළුමිණ 1991 ජූනි 16)
 
රාවණ රජතුමා ලාංකිකයෙක්‌ නොව ඉන්දියානුවෙක්‌ යෑයි ද, රාවණගේ ප්‍රදේශය ඉන්දියා මධ්‍ය ප්‍රදේශයේ පිහිටි ලංකා නමැති ගම යෑයි එච්. ඩී. සන්කිලියා පවසා ඇත. (Rawana's Lanka not Sri Lanka - The Sunday Times of Sri Lanka - 1988. 06. 28) නමුත් රාවණගේ රට වත්මන් ශ්‍රී ලංකා හෙවත් සිංහලේ බව, රබීන්ද්‍රනාත් තාගෝර්, සර්වපල්ලි රාධ ක්‍රිෂ්ණන්, බී. ඇල්. බෂාම්, ආර්. සී. චිල්ඩර්ස්‌, මොනියර් විලියම්ස්‌, ඇම්. වින්ටර්නිව්ස්‌, සර් පොන්නම්බලම් අරුණාචලම්, ගුරුදෙවි කුමාරණතුංග මුනිදාස, රැපියල් තෙනනකෝන්, ආචාර්ය ඇනස්‌ලි හර්මන් මිරැන්ඩෝ, අරිසෙන් අහුබුදු ආදීන් පිළිගෙන ඇත. රාමායනය ලිවීමට දශරථ ජාතකය මූලාශ්‍ර වී ඇතැයි එක්‌ මහාචාර්යවරයෙක්‌ පවසා තිබේ. ජාතක කථා පොත ලිවීමට වසර දස දහස්‌ ගණනාවකට පෙර රාමායණය ලිය වී ඇති බැව් ඔහුට මතක්‌ කළ යුතුය. ලංකාවට නම් තිහක්‌ පමණ ඇති බැව් පැරණි මූලාශ්‍ර අනුව පෙනේ. නමුත් "ලංකා" නාමය හා සිංහලේ ඒ අතර වඩාත් වැදගත් වනු ඇත.
 
ලංකා නාමය යෙදී ඇත්තේ "ලක්‌ගල" ප්‍රධාන ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයේ සූර්ය උදාව ප්‍රමුඛ අනිත් ග්‍රහ තරු ගැනීමට ඉතා පහසු ස්‌ථානය ලග්ගල වූ බැවින් ලක්‌ගල නාමය මුල්කොට "ලංකා" නාමය බිහිවී ඇතැයි "රාවණ කථා පුස්‌කොළ ග්‍රන්ථය" කියයි.
 
පුලතිසි රුසිවරුයා ලැග සිටිය ගල යක්‌ විරුවන් ගරුත්වෙන් හිස නැමූ ගල දිවා රැයේ පුලතිසි පුර පෙනෙන ගල ලක්‌ගල වාසනාවන් මේ තෙදැති බල - (ප්‍රාග් ඓතිහාසික උරුමය පි. 113)
 
ප්‍රාග් ඓතිහාසික යුගයේ ලක්‌දිව බෙහෙවින් කුරුඳු වගාව ජනප්‍රිය වී තිබුණ හෙයින් "සිංහලේ" යන නම ලැබී ඇතැයි ප්‍රකට විද්වතෙක්‌ වූ ආචාර්ය ඇනස්‌ලි හර්මන් මිරැන්ඩෝ කියයි. - (සිංහලයන්ගේ මූලාරම්භය - පි. 19)
 
සිංහලයෝ ඉන්දියාවෙන් සංක්‍රමණය වූවන් නොව ඔවුන්ගේ ප්‍රභවය මේ රටේම සිදුවූ රටේ නම වන සංස්‌කෘත භාෂාවෙන් කුරුඳුවලට නම වූ සිංහල - සීහල (පාලි), හෙළ (සිංහල) නමලත් ජාතියට අයත් වූහ. පුරාණයේ කවියන් විසින් මන්ද මාරුතය සහ මුසුවන, මුසු වී පැතිරෙන කුරුඳු ශාකවල සුවඳ වණනු ලැබුයේ ලංකාද්වීපය සම්බන්ධ කොට බැව් අපේ රටේ අද්විතීය මහා පඬුවෙක්‌ වූ ජේම්ස්‌ ද අල්විස්‌ මුදලිතුමා Cinnamon නමැති ශාස්‌ත්‍රීය ලේඛනයේ සටහන් කර ඇත. (Journal of the Royal Asiatic Society - p. 574 - mo 12 - 1860)
 
සකු බසින් කුරුඳු හැඳින්වෙන්නේ "සිංහල" යනුවෙන් බැව් සාරස්‌වතී නිගණ්‌ඩුවේ සහ අනිකුත් වෛද්‍ය ග්‍රන්ථවල සඳහන් වී ඇත. මේ අනුව විමසා බලන විට රාවණයන් ද සිංහලයෙක්‌ - හෙළයෙක්‌ මිස අන්‍ය ජාතිකයෙක්‌ නොවන බැව් තහවුරු වේ. තම්බපණ්‌න නාමය ද කුරුඳු දලුවලින් පැමිණි නාමයකි. (තඹවර්ණ දලු) විදේශීය වෙළෙඳපොළේ ඉහළම තැන තිබුණේ ලංකාවේ කුරුඳුවලට සහ මැණික්‌වලටය. (සිංහලයන්ගේ මූලාරම්භය - පි. 50)
 
රාමායන ඇන්ඩ් ලංකා ග්‍රන්ථයේ රාම මහෙන්ද්‍රාගිරි සහ ත්‍රිකුටයට ආසන්න සුවේල ගිරි අතර යොදුන් සියයක්‌ දිග පාලමක්‌ බැඳි බවත්, මේ පාලම මන්නාරමේ සිට රාමේශ්වරම් දක්‌වා තිබෙන ආදම්ගේ පාලම නොවන බවත් පරම සිව අයියර් ප්‍රකාශ කරයි. (පිටුව - 111) ඊට හේතුව ලෙස ඔහු කියා තිබෙන්නේ එම ප්‍රදේශයේ කඳු නැතිවීමයි. නමුත් එම ප්‍රශ්නයේදී පරම සිව අයියර්ට වැරදුන බැව් කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයේ ස්‌ටැන්ලි ගාඩ්නර් නම් විද්‍යාඥයාගේ සොයා ගැනීම්වලින් පෙනී යයි.
 
මාතලේ සිට වැලිගම දක්‌වා හිරිගල් කඳු හා ගල්පර තිබුණ බැව් සඳහන් කරන ගාඩ්නර් දඹුල්ලට ආසන්නව අඩි 700 ක්‌ පමණ උස්‌ හිරිගල් කන්දක්‌ දුටු බැව් පවසා ඇත. (J.S. GARDNER - Fauna and Geography Of Maldives and Laccadives Archipelago - p. 19) යාපනය අර්ධද්වීපය සහ ඒ අවට දූපත් එදා හිරිගල් කඳු බවත් ඒවායේ පාෂාණ භූත තත්ත්වය තමන්ට දකින්න ලැබුණ බවත් පවසන ඔහු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ගොඩබිමෙන් සම්බන්ධව තිබුණ බවත්, ඈත අතීතයේ ලංකාව මාලදිවයින් සහ මැඩගස්‌කරය දක්‌වා පැතිරී ඇති බැව් ස්‌ටැන්ලි ගාඩ්නර් අවසන් වශයෙන් පවසා ඇත. (එම)
 
රාවණ යුගයේ ගුවන් යානා
 
රාවණ යුගයේ ගුවන් යානා රැසක්‌ අප රට තුළ තිබුණු බවට සාක්‍ෂි ඇත. විමන් නම් විශාල ගුවන් යානා ද බිමන් නමින් GLIDER වර්ගයේ කුඩා ගුවන් යානා ද, පාපැදි ගුවන් යානා ද, වායු පා යානාද, කන්දක සිට තවත් කන්දකට ගමන් කරන BLOCK ගුවන් යානා අප රට තුළ තිබී ඇත. (ශ්‍රී ල. රාජධානිය - පි. 108)
 
එදා මෙදා ගුවන් යානාවල වෙනස නම් මොගලිනික යුගයේ ගුවන් යානා සුළං හා සූර්ය බල ශක්‌තියෙන් ක්‍රියා කිරීමෙන් වන්නේ ගුවන් යානා සුපිරි වර්ගයේ ඉන්ධන බලයෙන් ක්‍රියා කිරීමත්ය. අප රටේ සෙල්ලිපි කිහිපයක එම ගුවන් යානාවල චිත්‍ර දැක ගත හැක. දූතක නම් වූ එම ගුවන් යානා නියමුවන්ගේ ප්‍රධාන ලෙන් ලිපිවල කොටා ඇත. (රාවණ අධිරාජයාගේ සංස්‌කෘතික උරුමය පි. 09)
 
බැබිලෝනියා ශිෂ්ටාචාරය ගොඩනැගීමට උපදෙස්‌ දුන්නේ, ගුවන් යානාවලින් පැමිණි සිංහ මිනිසුන් බැව් කියෑවෙන මැටි පුවරු 1996 අප්‍රේල් මස සොයාගෙන ඇත. වසර 5500 ක ඉතිහාසයක්‌ ඇති බැබිලෝනියාව ද කඩුව අතින් ගත් සිංහ රුව ලාංඡනයෙන් යුක්‌තව ඇත. සිංහ ශරීරය පියාපත් දෙක සහ මිනිස්‌ මුහුණ සහිත බැබිලෝනියානු ලාංඡනයේ පියාපත් ගුවන් යානය නිසාය. (සූරිය ගුණසේකර සාකච්ඡාව - දිවයින 2010. 08. 04) මෙම පුරාණ ගුවන් යානා රැසක චිත්‍ර "රාවණ කථා" පුස්‌කොළ ග්‍රන්ථයේ මා දැක ඇත.
 
සෙල්ලිපි
 
ජබල්පූර් හි ලංකා නම් කුඩා ගමක්‌ ඇත. එහි රාවණ දෙවොලක්‌ ඇත. එය ලංකාවෙන් සංක්‍රමණය වූ යක්‍ෂ ගොත්‍රිකයන් විසූ තැනක්‌ විය හැක. (රාවන්) රාවණගේ සෙල්ලිපි රැසක්‌ අද දක්‌වා නිරුපද්‍රිතව ඇත. එමෙන්ම රාවණගේ සෙල්ලිපි සියයක්‌ පමණ හරිහැටි කියවා නැත. රිටිගල සෙල්ලිපි රැසක්‌ කියවා නැත. සිව්මහ දමිළයන් හෙළ දිව පාලනය කළ යුගයේ 431 - 459 පස්‌මහ දමිළයන් රට පාලනය කළ යුගයේ ද, කාලිංග මාඝ (1213 - 1232) රට පාලනය කළ 440 - 454 යුගයේ ද, රාවණ සෙල්ලිපි විශාල ප්‍රමාණයක්‌ විනාශ කර ඇත. දැනට ඉතුරුව තිබෙන සෙල්ලිපි කීපයක්‌ මෙම විමර්ශන පත්‍රිකාවට එක්‌ කරමි.
 
රාවණගේ ශාස්‌ත්‍රීය සේවය
 
මහ රිසි පුලතිසිගේ මුණුපුරු වූ රාවණයෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහා ශාස්‌ත්‍රවන්තයෙකි.
 
සාම වේදය නමින් හඳුන්වන චතුර්වේදයේ එක්‌ කොටසක්‌ ලියා තැබීමෙන් රාවණගේ පාණ්‌ඩිත්වය මැනවින් පැහැදිලි වේ. ශිව තාණ්‌ඩව ස්‌ත්‍රොaත ලිවීමෙන් පමණක්‌ නොව එය රඟ දැක්‌වීමෙන් රාවණායෝ මහ කවියෙක්‌ මෙන්ම නර්තන විශාරදයෙක්‌ බැව් මුළු ලොවටම පෙන්වා ඇත. අර්ක ප්‍රකාශ, කුමාර තන්ත්‍ර, මඩ්ඩිසතන්ත්‍ර ආදී ග්‍රන්ථ ලිවීමෙන් හෝ වෛද්‍ය විද්‍යාවේ පරතෙරටම පැමිණියෙක්‌ ලෙස කිව යුතුය. ඔහු විනෝදය සඳහා ගිනි පෑගීම කළේය. ගිනි පෑගීමේ ශාස්‌ත්‍රය උපදෙස්‌ හා මන්ත්‍ර යන්ත්‍ර ඇතුළත් "අග්නි තන්ත්‍ර" ග්‍රන්ථය. රන්පත්වල ලියා තැබූ බැව් "රාවණ කථා" පුස්‌කොළ ග්‍රන්ථයේ සඳහන් වේ.
 
රාවණ හත්ථ "නමැති වීණාව ඔහුගේ නිර්මාණයකි. දැනට එම වීණාව උතුර සහ දකුණු ඉන්දියානු සංගීතඥයෝ භාවිත කරති. ජල තරංගය ද ඔහුගේ නිර්මාණයකි. මෙපමණ ප්‍රබල චරිතයකින් හෙබි රාවණයෝ 'කෙප්පයක්‌" ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාට පෙනුනේ මහ විහාරය ශ්‍රී ලංකාවේ මෞලිතික යුගයේ ශිෂ්ටාචාරය ගැන නිහඬ අවතක්‌සේරුවක්‌ කළ නිසා විය හැක.
 
ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ ගවේෂණ ආරම්භ වූයේ ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු පසු බැව් අපි දනිමු. අපේ රටට නිදහස ලැබිමට පෙර යක්‍ෂ ගෝත්‍රික ප්‍රජාව හැඳින් වූයේ යකුන් DEVILS වශයෙනි. ආදීවාසීන් හැඳින් වූයේ "වැද්දන්" වශයෙනි.
 
එයට ප්‍රධාන හේතුව නම් විදේශීය මිෂනාරී අධ්‍යාපනයයි. සිංහල උගතුන් ද මුදලි මුහන්දිරම් තනතුරු රැකගනිමින් විදේශීය ගුරු උපදේශවලට හිස නැමූහ. ඒ අතර අපේ අතීතය, ශිෂ්ටාචාරය පිළිබඳ දැඩි ආදර භක්‌තියෙන් කටයුතු කළේ වාසල මුදලි ඡේම්ස්‌ ද අල්විස්‌ මන්ත්‍රීතුමා, මහ මුදලි ලුවී ද සොයිසා මැතිතුමා, මුහන්දිරම් කේ. එච්. ද සිල්වා, විජය ශ්‍රී වර්ධන මැතිතුමා, අධිනීතිඥ ඩොනල්ඩ් ඔබේසේකර මැතිතුමා සහ ජී. පී. මලලසේකර මහාචාර්යතුමා ඇතුළු කිහිප දෙනකි. අවසන් වශයෙන් කිව යුත්තේ රාවණ යනු රාක්‍ෂ - යක්‍ෂ ගෝත්‍රික මහත් වූ බලයක්‌ ඇති මිනිසෙකි. ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර
 
==මූලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/දඬුමොණරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි