"බන්ධනාගාරගතවු කාන්තාවන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
73 පේළිය:
*. ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතයේ යථා ස්වභාවය හෙලිකරන සංඛ්‍යාලේඛන විරල වීම.
ගම්බද ප‍්‍රදේශවල මෙන්ම නාගරික ප‍්‍රදේශවලද අඩු ආදායම් ලබන පවුල් වල කාන්තාවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හා මත්ද්‍රව්‍ය නිෂ්පාදන කාර්යයෙහි යෙදීම පිළිබඳ නිරවද්‍ය සංඛ්‍යාලේඛන අප‍්‍රකටය. එහෙත් මත්ද්‍රව්‍ය වැරදි හේතුකොටගෙන අත් අඩංගුවටගැනීම් පිළිබඳ සංඛ්‍යාලේඛන පලවී ඇත. මෙහිදී සැලකිය යුතු කරුණක් වනුයේ මත්ද්‍රව්‍ය සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යා තුළින් මත්ද්‍රව්‍ය පිළිබඳ සම්පූර්ණ තත්‍වය නොපෙන්වන බවයි. මත්ද්‍රව්‍ය භාවිතයේ එක් අංශයක් පමණක් නිරූපණය වේ. තවද 1996 - 2000 දක්වා මත්ද්‍රව්‍ය වැරදි පිළිබඳ බන්ධනාගාරගත වූවන්ගේ සංඛ්‍යාලේඛන වලට අනුව මෙම කාල පරාසය තුළ පිරිමින්ගේ වර්ධනයට සාපේක්‍ෂව කාන්තාවන්ගේ සිරගත වීම් වල 100 - 200 ප‍්‍රතිශත වර්ධනයක් දක්නට ලැබේ. මත්ද්‍රව්‍ය ආශ‍්‍රිත වැරදි හේතුවෙන් අත්අඩංගුවට පත්වීමේ ස්වභාවය දිස්ත‍්‍රික්ක පදනමින් සලකා බලන විට වැඩිම නාගරීකරණය වූ කොළඹ දිස්ත‍්‍රික්කයෙන් මත්ද්‍රව්‍ය ආශ‍්‍රිත වැරදි හේතුවෙන් අත් අඩංගුවට ගන්නා ලද වැඩි පිරිස වාර්තාවේ. 1981 වර්ෂයේ සිට 2004 වර්ෂය දක්වා කාලය තුළ අත් අඩංගුවට ගන්නා ලද පිරිස 59% අයත්වන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයටය.ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතා කරන ස්ත‍්‍රීන්ගේ සේවා නියුක්තිය පිළිබඳ විග‍්‍රහ කිරීමේදී කැපී පෙනෙන විශේෂ ලක්‍ෂණ ඇත. ගුණවර්ධනසඳහන් කරන ආකාරයට ලිංගික සේවිකාවන් සහ කම්කරු වෘත්තියෙහි නියැලෙන කාන්තාවන් වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී ඇත. 23.43% ක් ලිංගික සේවිකාවන් වේ. 22.9% ක් කම්කරු රැුකියාවල නිරත වේ. කම්කරු කාන්තාවන් සනීපාරක්‍ෂක කම්කරු කුලී වැඩ, වතු ආශ‍්‍රිත වැඩ, කොහුලණු, වීමෝල වල වැඩ කරන හා විවිධ ආයතන වල සුළු සේවිකාවන් ලෙස කටයුතු කරන අයගෙන් සමන්විතය. ෙම ක්‍ෂේත‍්‍රවල රැකියාවල නිරතවූවන්ගේ සමාජ පිළිගැනීම, වෘත්තිය, පරිසරය හා ආකල්ප ස්ත‍්‍රීන් මත්ද්‍රව්‍ය කෙරෙහි යොමුවීමට සෘජුවම බලපා ඇත.{{Citation needed|date=මාර්තු 2020}}
 
==ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ආශ‍්‍රිත වැරදි හේතුවෙන්අත්අඩංගුවට පත් අයගේ ස්ත‍්‍රී පුරුෂ අනුපාතය==
"https://si.wikipedia.org/wiki/බන්ධනාගාරගතවු_කාන්තාවන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි