"කෙටිකතා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
→‎ලක්ෂණ: පරිවර්තනය එක්කිරීම
9 පේළිය:
 
== '''ලක්ෂණ''' ==
කෙටිකතාව තුළ ද ගද්‍ය ප්‍රබන්ධයේ අනෙකුත් සාහිත්‍යාංගයන් තුළ මෙන් ම හැදින්වීම'','' ගැටුම් අවස්ථාවට මගපෑදීම'','' ගැටුම උච්ච වීම සහ ගැටුම නිරාකරණය යන අවස්ථාවලින් සමන්විත නාට්‍යමය ව්‍යුහය දැකගත හැකි ය''.''
 
මෙම ව්‍යුහය යොදාගන්නේ ද නැද්ද යන්න කෙටිකතාවක දීර්ඝත්වය මත රදා පවතිනු ඇත. නිදසුනක් ලෙස නූතන කෙටිකතාවල හැදින්වීමක් කළාතුරකින් පමණක් දැකගත හැකි වන අතර කථාවේ අතරමැදි අවස්ථාවකින් කෙටිකතාව අරඹනු දැකගත හැකි වේ. දීර්ඝ ප්‍රබන්ධයන්හි මෙන් ම කෙටිකතාවන්හි ද ආඛ්‍යානය තුළ ගැටුම් අවස්ථාව සහ ගැටුම් නිරාකරණය යන අවස්ථා දැකගත හැකි ය. කෙසේනමුත් බොහොමයක් කෙටිකතාවන් අනපේක්ෂිත අන්දමින් සිතීමේ අවකාශයක් විවර කරමින් අවසන් කරනු දැකගත හැකි ය. එසේම බොහෝ කෙටිකතා උපදේශයක් හෝ පණිවිඩයක් ලබාදීමෙන් තොර ව අවසන් වන අයුරු ද නිරීක්ෂණය කළ හැකි ය. කවර සාහිත්‍යාංගයක වුවද ලක්ෂණ තීරණය වන්නේ එහි පරම බලධාරියා වන නිර්මාණකරුවාගේ සිතැගි අනුව ය යන්න කෙටිකතාවට ද වලංගු වේ.
 
කෙටිකතාව යනු නවකතාව තරම් සංකීර්ණ වූ සාහිත්‍යාංගයක් නොවේ''.'' කෙටිකතාවක් සාමාන්‍යයෙන් එක් සිද්ධියක් මුල්කරගනී''.'' තනි කථා පුවතක් පමණක් එහි ඉදිරිපත් කෙරෙන අතර චරිත සුලු ප්‍රමාණයක් යොදාගනිමින් කෙටි කාල සීමාවක සිදු වන සිදුවීම් ආවරණය කෙරේ''.'' නූතන කෙටිකතාව අසාසිටින්නන්ට කථාන්දර කීමේ සම්ප්‍රදායන්'','' ජනකතා සහ උපමා කථා වැනි කෙටි උපදේශාත්මක කථා කලාවන් සහ සාහිත්‍යමය රචනාවන් වෙතින් බිහිවූවක් බව සිතිය හැකි ය''.'' මේ සියලුම සාහිත්‍ය සම්ප්‍රදායන් සිය තේමාව''/''පණිවිඩය කරා ක්ෂණිකව එළැඹිය හැකි ඉක්මන් කථාවින්‍යාසයක් යොදාගනු පෙනේ''.''
 
== '''ඉතිහාසය''' ==
යථාර්ථවාදී නවකතාවේ නැගීමත් සමග කෙටිකතාව ද ඊට සමාන්තරව සංවර්ධනය විය. එකී ලක්ෂණ පළමුවෙන් ම පෙන්නුම් කළේ ඊ. ටී. ඒ. හොෆ්මාන් විසින් රචිත කථා තුළිනි. පසුව කෙටිකතා මාධ්‍යයෙන් ලියූ රචකයන්ගේ නිර්මාණත්, කෙටිකතාවේ වස්තු විෂයන් සහ ශිල්ප ක්‍රම කෙරෙහි මත පළ කළ විචාරකයනුත් හේතුවෙන් කෙටිකතාවේ අනන්‍ය ලක්ෂණ හැඩගැස්විනි. නිදසුන් වශයෙන් ජෝර්ජ් ලුවී බෝර්හේස් සහ ඕ. හෙන්රි යන අය දැක්විය හැකි ය. ඇමරිකානු කතාකරුවන් වශයෙන් ජැක් ලන්ඩන්, ඇම්බ්‍රෝස් බියර්ස්, එෆ්. ස්කොට් ෆිට්ස්ජෙරල්ඩ්, අර්නස්ට් හෙමින්වේ, විලියම් ෆෝක්නර්, ෆ්ලැනරි ඕ කොනර්, ජෝන් චීවර් සහ රේමන්ඩ් කාවර් දැක්විය හැකි ය. වෙනස් මානයක කාව්‍යමය ස්පර්ශයක් සහිත වූ විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව වූ කලී රේ බ්‍රැඩ්බරිගේ කථා වෙතින් ඉමහත් ජනප්‍රසාදයක් ද ලබමින් ගොඩනැගුණකි. 19වන සියවසේ දෙවන භාගය වන තුරු ම කෙටිකතාව බොහෝදෙනාගේ ඇස්මානයෙන් මගහැරුණු ශානරයක් විය.
"https://si.wikipedia.org/wiki/කෙටිකතා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි