"3 වන සියවස" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ඉතිහාසය - ලෝකය එක් කරන ලදී. HotCat භාවිතයෙන්
සුළු (GR) File renamed: File:World map 250 CE.pngFile:World in 250 CE.png Criterion 4 (harmonizing names of file set) · The set is at c:Template:Maps_of_world_history
3 පේළිය:
 
== සමාලෝචනය ==
[[ගොනුව:World mapin 250 CE.png|thumb|240px|ක්‍රිව 250 දී ලෝක සිතියම]]
ඉහත ශත වර්ෂයේදී කොමෝඩස් ගේ අභාවයෙන් පසුව රෝමානු අධිරාජ්‍යය සිවිල් යුද්ධයක ග්‍රහණයට නතු විය. කලකෝලහාල නිමා වත්ම, [[සෙප්ටිමියස් සෙවරස්]] අධිරාජයා ලෙස බලයට පත් වී, [[සෙවරන්]] රජ පෙළපත ආරම්භ කලේය. පෙර අධිරාජයන්ට හාත් පසින්ම වෙනස් වූ හේ තම ආධිපත්‍යය පවත්වා ගෙන යෑම සඳහා යුද්ධ හමුදාව එළිපිටම භාවිතා කල අතර ඒ සඳහා ඔවුනට ඉහලින්ම වැටුප් ගෙවී මද කරන ලදි. මෙහි ප්‍රතිඵලය වූයේ මොහු පිහිටවූ රාජ්‍ය පාලනය [[හමුදා රාජාණ්ඩුව]] ක් ලෙස නම් කෙරීමය. [[230]] ගණන් වලදී මෙම ක්‍රමය බිඳ වැටුණු අතර, ඉන් පසු වසර පනහක කාලයක් තුල පැවතියේ අධිරාජයන් විස්සනට නොඅඩු ගණනක්, එයින් බොහෝ දෙනෙක් මාස කිහිපයකට පමණක්, බලයේ රැඳී සිටි හමුදාමය අරාජිකත්වය හෙවත් [[3වන සියවසෙහි අර්බූදය]] ලෙස හැඳින්වෙන කාලයයි. මොවුන්ගෙන් බහුතරයක් ඝාතකයින් අතින් හෝ සටනේදී හෝ මියයෑමට ලක් වූ අතර, මෙම දේශපාලන කැළඹීම නිසාවෙන් හා නැගෙනහිර දෙසින් වැඩෙමින් පැවැති [[පර්සියානු]] තර්ජනය නිසාවෙන් අධිරාජ්‍යය සම්පූර්ණ බිඳී යෑමකට ඉතාමත් ආසන්නයෙහි පැවතියේය. ඔවුන්ගේ නව සසානිඩ් පාලකයන් යටතේ අභියෝගාත්මක සුපිරි බලවතකු බවට පත් වී සිටි පර්සියාව හා සටන් වැදීමට තම රාජ්‍යය සූදානම් කරනු වස් ඉතාමත් දැඩි ප්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීමට රෝමන්වරුනට සිදුවී තිබුණි. අවසානයේදී ‍මෙම ප්‍රතිසංස්කරණ භුක්තිවිඳීමට හැකි වූයේ [[ඩියොක්ලටියන්]] ගේ පාලන සමයේදී වූ අතර, මෙම ප්‍රතිසංස්කරණ අතුරින් එකක් වූයේ අධිරාජ්‍යය නැගෙනහිර හ‍ා බටහිර යන අර්ධ දෙකකට බෙදා එක එකක් සඳහා වෙනම පාලකයෙක් පත් කිරීමය.
 
"https://si.wikipedia.org/wiki/3_වන_සියවස" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි