Content deleted Content added
43 පේළිය:
--[[User:Trekmentor|Trekmentor]] ([[User talk:Trekmentor|talk]]) 11:33, 16 ජූලි 2017 (යූටීසී)
:ඔබ කියනවා ඇත්තේ ඔබ විසින් භික්ෂූන් වහන්සේ නමකට අපහාස වන පරිදි දැමූ අන්තර්ගතයන් [[රාජගිරියේ අරියඤාණ හිමි]] හා [[මහ රහතුන් වැඩි මඟ ඔස්සේ]] යන ලිපි වලින් ඉවත් කිරීම ගැන විය යුතුයි. විකිපීඩියාව යනු පුද්ගල අපහාසයන් වෙනුවෙන් යොදාගන්නා මාධ්‍යයක් නොවන බව අවධාරණය කර ගන්න. පුද්ගලික වෙබ්/බ්ලොග් අඩවි ඔස්සේ පළවන භික්ෂූන් වහන්සේලාට සිදුකරන අපහාස සහිත අන්තර්ගතයන් සිංහල විකිපීඩියාව මාර්ගයෙන්ද කූට ලෙස ප්‍රචාරණය කර ගැනීමට සහ වෙබ් අඩවිය පිළිබද අවධානය යොදා ගැනීමට, සමහර ආධුනික නොවන පරිශීලකයින් විසින් භාවිත කිරීම කණගාටුදායකය.--[[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 14:46, 16 ජූලි 2017 (යූටීසී)
 
== ඔබේ දෙබිඩි සංස්කරණ පිළිවෙත ගැන තව දුරටත් ==
 
මම කියන ලද්දේ බාලයෙකු විසින් කරගෙන යනු ලබන සම්මා සම්බුද්ධ සාසනය විනාශකාරී ක්‍රියාවන් නැවැත්ම පිණිස මවිසින් විකිපීඩියාවේ [[රාජගිරියේ අරියඤාණ හිමි]] හා [[මහ රහතුන් වැඩි මඟ ඔස්සේ]] යන ලිපි වලට එක් කල කරුණු ඔබ විසින් නොසැලකිල්ලෙන් ඉවත් කිරීම ගැන නොවේ. එහිදී මවිසින් එක් කරන ලද බාහිර සබැඳි වලට අදාල ලිප වල දැක්වෙන කරුණු මතබේදාත්මක යැයි ඔබ පවසා තිබුණි. එසේ පැවසීමෙන් ඔබගේ නොසැලකිල්ල ගම්‍ය වේ. ඒ කිමද යත් ඔබ එම ලිපි වල අන්තර්ගතයන් ගැන මනා සැලකීමක් නොකොට සබැඳි මාතෘකා වලට වැඩි සැලකිල්ලක් දක්වා නිගමණයකට එළැඹ ඇති බවක් ගම්‍ය වන බැවිනි. එතෙකුදු උවත් මවිසින් පෙර පවසන ලද්දේ ඔබ විසින් මා එක් කළ කරුණු ඉවත් කිරීම ගැන නොවේ.
 
මවිසින් පෙර පවසන ලද්දේ විකිපීඩියා ප්‍රතිපත්ති ගැන, නිර්ණායක ගැන පවසා "විශ්වාසනීය තුන්වන පාර්ශවයේ මූලාශ්‍ර දැක්වීම මගින් මෙම කරුණු සනාත වන පරිදි උක්ත ලිපි කෙරේ මූලාශ්‍ර සහ භාහිර සබැදි එක්කරන ලෙස ඉල්ලා සිටිමි." යැයි ඔබ මගෙන් ඉල්ලුවද ඔබ මට පැවසූ එම ආකාරයට පටහැනිව ඔබ විසින් එම විකිපීඩියා පිටු පවත්වාගැනීමට පුනපුනා උත්සාහ දැරීම ගැනයි. එහිදී ඔබ නැවත නැවත එම පිටු විශ්වාසනීය තුන්වන පාර්ශවයේ මූලාශ්‍ර දැක්වීම මගින් කරුණු සනාත වන්නේ නැති පරිදි සහ මතබේදාත්මක කරුණු අඩංගුව සංස්කරණය කර ඇත. පොඩි එවුන්ට කෙලින් යන්න උපදෙස් දුන් මහ කකුළුවා හරයට ගියාක් මෙන් මෙසේ කරන්න යැයි ඔබ මට උපදෙස් දී ඔබ එම උපදෙස් වලට පටහැනි ප්‍රතිපත්තියකින් ක්‍රියා කර ඇත. මම ඔබේ වරදක් ලෙස දැක්වූයේ එයයි. මතුවට එබඳු දෙබිඩි පිළිවෙතක් අනුගමනය නොකරන්නේ නම් මැනවි.
 
විකිපීඩියාවේ නොනැඹුරු සංස්කරණ ප්‍රතිපත්තියක් සහ නොනැඹුරු අන්තර්ගතයන් අඩංගු විය යුතු යැයි සිතමි. පිටු වල යම් සුදුසු විවේචනයන් අන්තර්ගත කළ යුතු නම් එයද විකිපීඩියා ප්‍රතිපත්ති වලට අනුකූලව නොනැඹුරු ආකාරයකට සිදුවිය යුතු යැයි සිතමි. ඔබේ ක්‍රියාවන් ඊට පටහැනි බවක් දක්වයි. එහිදී ඔබ ක්‍රියාවෙන්ද මනා පිළිවෙතකට පැමිණෙන්නේ නම් මැනවි.
 
පුනපුනා ඔබ අදාල පිටු විශ්වාසනීය තුන්වන පාර්ශවයේ මූලාශ්‍ර දැක්වීම මගින් කරුණු සනාත වන්නේ නැති පරිදි සංස්කරණය කිරීම ද, එපමණක් නොව සනාථ කිරීමට අන් අයගේ උදව් ඉල්ලා පණිවිඩයක්ද දැක්වීම ඔබ මට පවසන ලද පිළිවෙතට නොගැළපෙන ක්‍රියාවකි. එහිදී මා පිළිපැදිය යුතු ආකාරයන් මෙසේ යැයි පවසන ලද ඔබ එම ආකාරයන් නොපිළිපදින අතර ඔබේ වරද පෙන්වා දුන්නද ඔබ එම වරදේ පුනපුනා යෙදීම නිසා ඔබ දැන දැන සට කපට ක්‍රියාවක යෙදෙන්නේ දැයි යන සැකය ඇතිවේ. බාලයෙකු විසින් කරගෙන යනු ලබන විනාශකාරී ක්‍රියාවක් යහපත් දෙයක් ලෙස සිංහල විකිපීඩියාව මාර්ගයෙන් ප්‍රචාරය කර ගැනීම පවත්වා ගැනීමට ඔබ කූට ලෙස උත්සාහ කරනේදැයි යන සැකය ඇතිවේ.
--[[User:Trekmentor|Trekmentor]] ([[User talk:Trekmentor|talk]]) 22:23, 16 ජූලි 2017 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:L_Manju" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි