"අංගුලිමාල පිරිත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Removing අංගුලිමාල_මහරහතන්_වහන්සේ.jpg, it has been deleted from Commons by Yann because: Copyright violation,
32 පේළිය:
සැවැත් නුවර චාලනී නම් වන අරණෙහි සැඟවී සිටින, නුවර ගම් බිය වද්දන බිහිසුණු සාහසිකයෙක්‌ පිළිබඳ පුවත ගංවතුරක්‌ සේ පැතිර යමින් තිබිණ. තමන් ඇස ගැටෙන ගැහැනු, පිරිමි, බාල, වැඩිමහල් යනාදී කිසිදු වෙනසක්‌ නොමැතිව මරා දමන්නාවූ හෙතෙම තමන් විසින් මරා දමනු ලබන අයගේ අත්වල මහපටඟිල්ල කපා ගන්නා බවද කෙනෙක්‌ කීහ. එසේ කපා ගනු ලබන ඇඟිලි මාලයක්‌ සේ උර පළඳිනා හෙයින් හේ අංගුලිමාල නමින් හැඳින්වෙන බවද තව කෙනෙක්‌ කීහ. හේ වල්කලා ඇඳුමක්‌ හැඳි, රත් ගිනි පුලිඟුවන් දැසින් ද, හැඩපලු ගෙතී දුර්වර්ණ වී ගිය උරහිස දක්‌වා දිගට වැඩුණු හිස කෙස්‌ වලින්ද යුතු බාහු බලයෙන් පිරිපුන් නව යොවුන් අයෙක්‌ බවද පැවසිණි. එහෙත් මෙසේ දුටු දුටුවන් කුමක්‌ හෙයින් මරා ඇඟිලි කපන්නේද යන වග දත් කිසිවෙක්‌ද නොවූහ.
 
මෙසේ ගම් දනව් දනන් ලොමු දැහැ ගන්වමින් සිටි ඒ අඟුල්මල් නම් සැහැසියාගෙන් තමන් මුදවා ගන්නා ලෙස කොසොල් රජ මැඳුර අබියසට රැස්‌වූ දනෝ කියා සිටින්නට වූහ. රජ තෙමේද සිය සෙන්පතියා කැඳවා

වහාම ඒ සාහසිකයා ජීව ග්‍රාහයෙන් හෝ එසේ නොමැතිනම් ජීවිතක්‌ෂයට පත්කර හෝ රැගෙන එන ලෙස ආඥවක්‌ද නිකුත් කළේය.
 
අනතුරුව සෙන්පතියාණෝ රැස්‌ව සිටි ජනයාට මෙසේ කීහ.
"https://si.wikipedia.org/wiki/අංගුලිමාල_පිරිත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි