"ප්‍රේරක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
==දළ විශ්ලේෂණය==
ප්‍රේරතාව (L. හෙන්රි වලින් මිණුම් කරයි) යනු ධාරාව ගෙන යන සන්නායකයක් වටා ඇතිවන චුම්භක ක්ෂේත්‍රයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන ආචරණයකි. සන්නායකයක් තුළින් ගලන විදුලි ධාරාවක් සමානුපාතික වූ චුම්භක ස්‍රාවයක් නිපදවයි. මෙම ධාරාවේ සිදුවන වෙනස් වීමක් මගින් චුම්භක ස්‍රාවයේ ද වෙනසක් සිදු කරන අතර එමගින් මෙම ධාරා වෙනසට එදිරිව ක්‍රියා කරන විද්‍යුත්ගාමක බලයක් (EMF) උපදවයි. ප්‍රේරතාව යනු ධාරාවේ ඒකක වෙනසක් සඳහා උත්පාදිත EMF අගය පිළිබඳ මිනුමක් වේ. උදාහරණයක් ලෙස ප්‍රේරතාව හෙන්රි 1ක් වන ප්‍රේරකයක් තුළින් ධාරාව ගලායාමේ දී තත්පරයට ඇම්පියර 1ක ධාරා වෙනසක් සිදුවන විට වෝල්ට් 1ක EMF අගයක් උත්පාදනය වේ. පුඩු ගණන , සෑම පුඩුවකම විශාලත්වය හා පුඩු එතූ ද්‍රව්‍ය යන සියල්ල ප්‍රේරතාව සඳහා බලපායි. නිදසුනක් ලෙස ඉහළ පාරගම්‍යතාවයක් සහිත ද්‍රව්යයක් වටා සන්නායක එතීමෙන් ඒ හා බැඳී පවතින චුම්භක ස්‍රාවය වැඩි කළ හැක.
 
=== ගබඩා වූ ශක්තිය ===
ප්‍රේරකයක ගබඩා වූ ශක්තිය (SI ඒකක යටතේ ජුල්වලින් මනියි) ප්‍රේරකය තුළින් වූ ධාරාව ගොඩනැගීමට අවශ්‍ය කරන කාර්ය ප්‍රමාණයට හා එනයින් හටගන්නා චුම්භක ක්ෂේත්‍රයට සමාන වේ. මෙය දෙනු ලබන්නේ
[[ගොනුව:Wije.JPG]]
මෙහි L යනු ප්‍රේරතාවය හා I යනු ප්‍රේරකය තුළින් ගලන ධාරාවයි.
 
=== ද්‍රව ආකෘතිය ===
විදුලි ධාරාව ද්‍රව විද්‍යා ප්‍රතිසමයක් මගින් ආදර්ශක කළ හැක. ද්‍රව පහරක ගලා යාම නිසා භ්‍රමණය වන ටර්බයිමක ජව රෝද ආචරණය මගින් ප්‍රේරකයක ආදර්ශණය කළ හැක. සහජයෙන්ම තේරුම් ගත හැකි හා ගණිතමය වශයෙන් ආදර්ශනය කළ හැකි පරිදි මෙය විදුලිය ප්‍රේරකයක හැසිරීමට අනුරූපකවේ. වෝල්ටීයතාව කාලයට සාපේක්ෂ ධාරාවේ ව්‍යුත්පන්නයට සමානුපාතික වේ. ඒ අනුව ධාරාවේ සීඝ්‍ර වෙනසක් විශාල වෝල්ටීයතා වැඩිවීමක් ඇති කරයි. එසේම ජල පහරේ හදිසියේ අවහිර වූ විට ටර්බයිනය මගින් අවහිරය හරහා ඉහළ පීඩනයක් උපදවයි. පරිණාමකවල සිදුවන ආකාරයේ චුම්භක අන්‍යෝන්‍ය ක්‍රියා ද්‍රව විද්‍යාත්මකව ආදර්ශ නොකරයි.
 
==ප්‍රේරකවල යෙදීම්==
[[ගොනුව:Common mode choke 2A with 20mH inductance.jpg|වම|thumb|20mH එතුම් දෙකක් සහිත සැකසුමක්, ජව සැපයුමක් වැනි දෙයකින් සොයාගත හැක.]]
"https://si.wikipedia.org/wiki/ප්‍රේරක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි