"තාරකා විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නොැලපෙන කොටස්
24 පේළිය:
මුස්ලිම් ජාතිකයන් තාරකා විද්‍යාව පිළිබඳව දැනුම රැස් කිරීමට මහත් උනන්දුවක් දැක්වුවා. ඊට එක් හේතුවක් වුණේ ඔවුන්ගේ ආගමයි. මුස්ලිම්වරුන්ගේ විශ්වාසය වුණේ තමන් යාච්ඤා කළ යුත්තේ මක්කම දෙසට මුහුණ ලා කියායි. ඒ වගේම ඔවුන් සිටින ස්ථානයේ සිට මක්කම පිහිටි දිශාව පෙන්වා දීමට තාරකා විද්‍යාඥයන්ට හැකියි කියාත් ඔවුන් විශ්වාස කළා. දහතුන්වන සියවසේදී ඉස්ලාම් භක්තිකයන්ට යාච්ඤා කළ යුතු වෙලාව නිශ්චිතව තීරණය කිරීම සඳහා මුස්ලිම් පල්ලිවලින් තාරකා විද්‍යාඥයන්ගේ සහාය ලබාගත්තා. ඔවුන් ලබා දුන් මඟ පෙන්වීම්වලට අනුව මුස්ලිම්වරුන්ගේ ආගමික උත්සව හා වත්පිළිවෙත් පැවැත්විය යුතු කාල වකවානු තීරණය කළා. උදාහරණයකට රාමසාන් මාසයේදී නිරාහාරව සිටිය යුතු දින පෙන්වා දුන්නේ ඔවුනුයි. ඊට අමතරව මක්කමට යෑමට ගත වන කාලය සහ හොඳම ගමන් මාර්ගය පෙන්වා දුන්නෙත් ඔවුනුයි.
 
==නිරික්ෂණාත්මක තාරකා විද්‍යාව==
තාරකා විද්‍යාව ආශ්‍රිත ප්‍රධාන ගවේෂණයන් විද්‍යුත් චුම්භක වර්ණාවලිය මත පදනම් වී ඇත.
[[ගොනුව:Pleiades_large.jpg|right|250px]]
 
*රේඛීය තාරකා විද්‍යාව - මෙහි මිලිමීටර් කිහිපයක් තරම්වන තරංග ආයාම සහිත විකිරණ පිළිබද අධ්‍යයනය කරයි. රේඩියෝ තරංග ශීතල වස්තු මඟින් විමෝචනය වේ. ඒවානම් අන්තර්කාරීය වායූන් හා දූවිලි වලාවන්ය. කොස්මික් පසුබිම් ක්ෂුද්‍ර විකිරණ මහා පිපිරුමෙන් පසු ඉවත්වූ විකිරණයන්ය. පල්සාර (pulsars) පළමුවර අනාවරණය කරගත්තේ ක්ෂුද්‍ර සංඛ්‍යාත මඟිනි. මෙම අනාවරණ සඳහා විශාල රේඩියෝ ‍දුරේක්ෂ අවශ්‍ය වේ.
*අධෝරක්ත තාරකා අධ්‍යයන පදනම් වන්නේ තරංග ආයාමය දෘශ්‍ය වීමට වඩා විශාල නමුත් රේඩියෝ තරංග වලට වඩා කුඩාය. අධෝරක්ත අධ්‍යයනයන්ට ප්‍රකාශ දුරේක්ෂ වලට සමාන දුරේක්ෂ යොදා ගනී. ග්‍රහලෝක වැනි තරුවලට වඩා සිසිල් වස්තු ගවේෂණයට අධෝරක්ත අධ්‍යයනයන් යොදා ගනී.
*ප්‍රකාශ තාරකා විද්‍යාව පැරණිම තාරකා විද්‍යාවයි. මෙහි බහුලවම යොදා ගන්නා උපාංග ලෙස ‍වර්ණාවලි මානය හා CCD (Charge-Coupled Device) දැක්විය හැකිය. පෘතුවි වායු ගෝලය මෙම ප්‍රකාශ තාරකා විද්‍යා ගවේෂණයන්ට භාධා ඇති කරයි. දර්ශන තත්වය උසස් කිරීමට අභ්‍යවකාශයේ රැදවු දුරේක්ෂ හා අනුවර්තී දුරේක්ෂ යොදා ගනී. මෙම පරාසයේදී තාරකා හොදින් දෘෂ්‍ය වේ. රසායනික වර්ණාවලි මඟින් තාරකා වල රසායනික සංයුතිය හා මන්දාකිනි, නිහාරිකා ආදියද නිරීක්ෂණය කල හැකිය. පාරජම්බුල, X කිරණ හා ගැමා කිරණ මඟින් තාරකා විද්‍යා අධ්‍යයනය කිරීමෙන් විද්ව පල්සාර, කළු කුහර හා චුම්භක තාරකා ආදිය ගවේෂණය කල හැකිය. මෙවැනි විකිරණ වර්ග පෘථිවි වායු ගෝලය හොදින් විනිවිද නොයයි. මෙවැනි කිරණ ගවේෂණයට ක්‍රම දෙකක් පවතී. අභ්‍යවකාශයේ රැදවූ දුරේක්ෂ මඟින් හා පොළවේ පිහිටවූ (IACT) දුරේක්ෂ (Imaging air cherenkov telescopes). පළමු ආකාරයේ ගවේෂකයන් RXTE ලෙස හඳුන්වයි. චන්ද්‍රා X කිරණ දුරේක්ෂය හා කොම්ප්ටන් (Compton) ගැමා කිරණ දුරේක්ෂය උදාහරණ වේ. IACT වර්ග වලට උදාහරණ ලෙස Magic දුරේක්ෂ හා (H.E.S.S) දුරේක්ෂ (High Energy Stereoscopic System) දැක්විය හැකිය.
 
ඉතා දුරින් නිපදවෙන විද්‍යුත්චුම්භක තරංග වලින් ඉතා කුඩා ප්‍රමාණයක් පොළව මතින් අනාවරණය කරගත හැකිය. ගුරුත්ව තරංග (Gravitational Waves) අනාවරණයක පිහිටුවත් ඒවා අනාවරණය කර ගැනීම ඉතා අපහසුය. සූර්යා අධ්‍යයනය කිරීමට නියුට්‍රිනෝ අනාවරක නිපදවා ඇත. කොස්මික් කිරණ සතුව අධික ශක්තියක් ඇති අංශු අතර පෘථිවි වායුගෝලයේ ගැටීමේදී හඳුනාගත හැකිය.‍
 
ගවේෂණයන් එහි කාල පරිමාණය අනඅනුව විචලනය වේ. දෘශ්‍ය ගවේෂණයන් මිනිත්තු ගණනේ සිට පැය ගණන් ගතවේ. යම් යම් සන්සිද්ධි වෙනස්වීමට ඉතා වේගවත්ය. සහශ්‍ර ගණන් පැරණ ගවේශණ වාර්තාද පවතී. රේඩියෝ ගවේෂණයන් මිලිතත්පර පරිමාණයෙන් (මිලිතත්පර පල්සාර) යේ ඈදුණු වර්ශ (පල්සාර පිළිබඳ විස්තර කිරීම් වලට) දක්වා පැතිර පවතී.
 
තාරකා විද්‍යාවේ සූර්යා පිළිබද ගවේෂණය විශේෂ තැනක් ගනී. අනෙක් සියළු තරු ඉතා දුරින් පවතින නිසා ළඟම ඇති තරුව වන සූර්යා ගවේෂණය පහසුය. අපගේ සූර්යා අනෙක් තාරකා පිළිබද වද අවබෝධය ඇති කරවයි.
 
තාරකා වෙනස්වීම පිළිබද මාතෘකා කරන්නේ තාරකා පරිමාණය (Steller evolution) ඇසුරිනි. තාරකා වර්ග අනුව H.R. සටහනේ (Hertzprung - Russel Diagram) පිහිටුවීම මඟින් තාරකාවල තත්වය දැක්විය හැකිය. එය තාරකාවේ උපතේ සිට අවසානය දක්වා දැක්විය හැකිය.
 
== බාහිර සබැඳි ==
* [http://www.nasa.gov/ NASA]
* [http://www.astrosoc.ml කොළඹ විශ්ව විද්‍යාලීය ගණිත හා තාරකා විද්‍යා සංගමය]
* [http://www.skylk.com/ skylk.com] තාරකා විද්‍යාව පිළිබද වන සිංහල වෙබ් අඩවියක්
* [http://www.starskytk.info/ starskytk.info] ලාංකීය තාරකා විද්‍යා වෙබ් අඩවිය(බ්ලොග් සටහන)
* [http://www.astronomy2009.org Astronomy2009 අන්තර්ජාතික තාරකා විද්‍යා වර්ෂය වෙනුවෙන් වූ වෙබ් අඩවිය]
* [http://www.AbsoluteAstronomy.com/ AbsoluteAstronomy.com]
"https://si.wikipedia.org/wiki/තාරකා_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි