Content deleted Content added
Merged content from ශාක ඇල්ගි වර්ග to here.
47 පේළිය:
 
==අර්ථ දැක්වීම==
ඇරිස්ටෝටල් විසින් සියළුම ජීවි ද්‍රව්‍ය ශාක (සංචරනය කල නොහැකි) සහ සත්ව (සංචරනය කල හැකි සහ ආහාර ද්‍රව්‍ය සොයා ගමන් කල හැකි) ලෙස කොටස් දෙකකට බෙදන ලදී. ලිනේයස්ගේ වර්ගි කරණයේදී ඔහු මේවා ශාක (Metaphyta හෝ Plantae) සහ සත්ව (Metazoa) රාජධානි ලෙසද වර්ගි කරණය කරන ලදී. එතැන් පටන් ශාක රාජධානිය විවිධ ඒහා අදාල නොවන කාණ්ඩ සමගද සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වුණි. ඒවා නම් දිලීර වර්ග සහ ඇතැම් ඇල්ගි විශේෂයි. මේවා පසුකාලීනව අලුත් රාජධානියකට වෙන්කර හරින ලදී. කෙසේ නමුත් මේවා බොහෝ අවස්ථා වලදී තව දුරටත් ශාක රාජධානියට අන්තර්ගත ලෙස සලකනු ලැබේ.
 
ශාක යන නාමකරණය යම්කිසි විශේෂ අවස්ථාවකදී යොදා ගත හොත් එය සාමාන්‍යයෙන් එකි වර්ග තුනෙන් එකකට අයත්වේ. කුඩාම සිට විශාලතම අවස්ථාව දක්වා මෙකි වර්ගිකරණයන් තුල පහත පරිදි වේ.
• ගොඩබිමෙහි ඇති ශාක - මේවා Embryophyta හෝ Metaphyta ලෙසද හැදින්වේ. කුඩාම ශාක වර්ගීකරණ කුලකය පහතින් නිරූපණය කර ඇත.
• හරිත ශාක - මේවා Viridiplantae, Viridiphyta හෝ Chlorobionta ලෙසද නම් කෙරෙන අතර ඉහතින් සදහන් කරන ලද Embryophyta, Charophyta සහ Chlorophyta (කොළ පැහැ ඇල්ගි වර්ග) වර්ගයට අයත්වෙයි.
• Archaeplastida මේවා ශාක sensu lato ලෙසද හැදින්වේ. Plastida හෝ Primoplantae වලට ඉහති කී කොළ පැහැති ශාක අන්තර් ගත වන අතර Rhodophyta (රතු ඇල්ගි) සහ Glaucophyta වන්ද අයත්වෙයි. පුළුල්ම ශාක වර්ගි කරණයේදී මෙහි බොහෝමයක් වු සුනෂ්ටිකයෙන් අන්තර්ගත වන අතර ඒවා ඔවුන්ගේ chloroplast ලබාගෙන ඇත්තේ සයනෝ බැක්ටිරීයාවන් භක්ෂණය කිරීමෙනි.
 
වෙනත් ආකාරයකින් කිවහොත් ප්‍රභාසංස්ලේෂණය සිදු කරන වෙනත් ජිවීන්ද ශාක ලෙස හැදින්වෙන අතර ඒවා සම්ප්‍රදායික වර්ගිකරණයට අන්තර්ගත ‍නොවන අතර ඔවුන් සැබෑ ශාක වලට සමීප සම්බන්ධතාවයක් නොපවත්වයි. ශාක විශේෂ 375000 ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර සෑම වසරකදීම අළුතින් ශාක විශේෂ කිහිපයක් සොයා ගන්නා අතර ඒ පිළිබඳව විග්‍රහ කරනු ලබයි.
 
===ඇල්ගී===
[[Image:Haeckel Siphoneae.jpg|thumb|[[අර්නස්ට් හේකල්| අර්නස්ට් හේකල්ගේ]]‍ ''[[කුන්ස්ට්ෆොර්මන් ඩර් නටූර්]]'', 1904 වෙතින් [[හරිත ඇල්ගි]] ]]
"https://si.wikipedia.org/wiki/ශාක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි