"පූර්ව යුගෝස්ලාවියාව සඳහා ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
19 පේළිය:
 
වඩාත් පොදු ලෙසින් ''' පූර්ව යුගෝස්ලාවියාව සඳහා ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව ''' හෝ '''ICTY''' ලෙසින් ව්‍යවහාර වන, '''1991 වසරෙහි සිට පූර්ව යුගෝස්ලාවියාව බලප්‍රදේශයෙහි සිදු කෙරී ඇති ජාත්‍යන්තර මානවවාදී නීතියෙහි බරපතළ උල්ලංඝනයන් සඳහා වගකියයුතු පුද්ගලයන් වෙත අභිචෝදනා ඉදිරිපත්කිරීම සඳහා වන ජාත්‍යන්තර විනිශ්චය සභාව''' යනු, [[එක්සත් ජාතීන්]] විසින් පිහිටවුනු ලැබූ ආයතනයක් වන අතර එහි කාර්යභාරය වන්නේ [[යුගෝස්ලාව යුද්ධ]] අතරතුර සිදු කර ඇති බරපතල [[අපරාධය|අපරාධ]] සඳහා අභිචෝදනා ඉදිරිපත්කිරීම සහ අපරාධකරුවන් උදෙසා නඩු විභාග පැවැත්වීමය. මෙම විනිශ්චය සභාව ආවස්ථික ලෙසින් ස්ථාපිත කොට [[දි හේග්, නෙදර්ලන්තය]]හී පිහිටුවා ඇත.
 
මෙම අධිකරණය පිහිටුවන ලද්දේ, 1993 මැයි 25 දිනදී සම්මත කෙරුණු [[එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය|එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙහි]] [[එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල අභියෝජනාව 827| 827 අභියෝජනාව]] විසිනි. 1991 වසරෙහි සිට පූර්ව යුගෝස්ලාවියානු බලප්‍රදේශය තුල සිදු කෙරුණු අපරාධ පර්ෂද සතරක් පිළිබඳව ක්‍රියාත්මක වීමට එය වෙත අධිකරණ බලය ඇත: [[ජිනීවා සම්මුති]] බැරෑරුම් ලෙසින් උල්ලංඝණය කිරීම, [[යුද්ධය පිළිබඳ නීති හෝ සිරිත්]] කඩකිරීම, [[වර්ගඝාතය]] සහ, [[මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ]]. එය විසින් ලබා දිය හැකි උපරිම දඬුවම වන්නේ [[ජීවිතාන්තය දක්වා සිර දඬුවම]] වෙයි. හිරඅඩස්සි දණ්ඩන ක්‍රියාත්මක කිරීම හැකිවන පරිදී බොහෝ රටවල් එජා සමග එකඟතාවයන් වෙත එලඹී ඇත.