"සොළොස්මස්ථාන" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
31 පේළිය:
දඹදිව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් මෙරටට වැඩම කරන ලද්දේ ක්‍රි: පු: 3 වැනි සියවසෙහිදීය. මෙය සිදුවුයේ මිහිදු මාහිමියන් මෙරටට බුදුසමය හඳුන්වාදීමෙන් පසුවය. දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහය හා අනුබලය ඇතිව ලංකාවේ දෙවන පෑතිස් රජතුමාගේ ඉල්ලීමක් අනුව ශ්‍රී මහා බෝධීන්වහන්සේ සඝමිත් තෙරණිය විසින් මෙරටට වැඩම කරන ලදී.
බු: ව: 383, ක්‍රි : පූ: 101 දී දුටුගැමුණු රජතුමා විසින් මහා සංඝයාට නොපිළිගන්වා මිරිස් ව්‍යාංජනයක් වැළදු එක් අවස්ථාවක් සිහිවූ රජතුමන් මහා සංඝයාට පිළිගැන්වීමට මෙය කරවූ බව කියැවේ. මෙහි දුටුගැමුණු රජතුමාගේ කුන්තායුධය නිධන් කර ඇත.'
[[Image:Ruwanwei_se_Dageba.jpg|250px|thumb|left]]
බු: ව: 383 , ක්‍රි :පූ: 161 දී රජ පැමිණි දුටුගැමුණු රජු විසින් කරවන ලද මෙම සෑය සද්ධාතිස්ස රජතුමා විසින් වැඩ නිම කරවන ලදී. අඩි 180 ක් උසවූ මෙම චෛත්‍යයෙහි වට ප්‍රමණය අඩි 1000 ක් වේ. කකුසඳ , කෝනාගමන, කාශ්‍යප හා ගෞතම යන බුදුවරයන් මෙහි වැඩ විසූ බැවින් සර්වඥ පාරිභෝගික ශුද්ධ බිමක් ලෙස හැඳින්වේ. මෙම චෛත්‍යයෙහි ද්‍රෝණයක් සර්වඥ ධාතූන් නිධන් කර ඇති බැවින් රන්මල් ධාතු ගර්භය පුරා විසිරවන ලද හෙයින් ස්වර්ණමාලී යන නම ප්‍රකට වූ බව කියවේ.
මෙම චෛත්‍යය දෙවන පෑ තිස් රජු විසින් කරවන ලදී.උස අඩි 63 ක් හා වට ප්‍රමාණය අඩි 194 කි. මෙහි අලංකාරය හා ආරක්ෂාව පිණිස වටිනා වටදාගෙයක්ද සාදවා ඇත.ථූපය පෙරටු කොට සාදවා ඇති හෙයින් ථූපාරාමය නම් වේ. මෙම චෛත්‍යයෙහි කකුසඳ බුදුරදුන්ගේ ඩබරාධාතුවද, කෝණාගමන බුදුරදුන්ගේ පටීධාතුනද, කාශ්‍යප බුදුරදුන්ගේ ජලසාටිකාවද තැන්පත්කර සාදවා ඇත.
වළගම්බා රජතුමන් විසින් ගිරි නම් නිඝණ්ඨයා විසූ නිඝණ්ඨාශ්‍රමය තිබූ තැන්හි ඉදිකල හෙයින් අභයගිරිය යන නමින් හැඳින්වේ. මෙම චෛත්‍යයෙහි සර්වඥ ධාතූන්ද, රන්පත් ඉරුවල ලියන ලද දහම් පොත්ද, මිණිකම් කරන ලද සුරම්‍ය ධාතුද තැන්පත් කර ඇති බව කියැවේ.
බු: ව: 819 , ක්‍රි:ව: 334 දී රජ කළ මහසෙන් රජතුමා විසින් කරවන ලද මෙම චෛත්‍යය උස අඩි 231 ක්ද වට ප්‍රමාණය අඩි 1100 ක්ද වේ. ජොතිවන නම් උද්‍යානයෙහි ඉදිකළ හෙයින් මෙනමින් හදුන්වයි. බුදුරදුන් ලක්දිව වැඩම කල තෙවැනි වර මෙම ස්ථානයේ සමවත් සුවයෙන් වැඩ සිට ඇති බව කියැවේ. උන් වහන්වහන්සේගේ පටීධාතුව තැන්පත් කර මෙය සාදවා ඇත.
මෙම චෛත්‍යය ක්‍රි:ව: 8 දී මහාදාඨික මහානාග රජු විසින් බුදුරදුන්ගේ ඌර්ණ රෝම ධාතුව තැන්පත් කර උසින් අඩි150 ක් හා වට ප්‍රමාණය අඩි 700 ක් වන ලෙස සාදවා ඇත.මිහින්තලා පව්වෙහි ඇති මෙය කළු ගල් තලාවක් මත ගොඩනගා ඇති බැවින් මෙම නමින් ප්‍රකටව ඇත.
[[Image:Kiri_Vehera.jpg|200px|thumb|right]]
මහාසේන රජු විසින් සාදවා ඇති මෙම වෙහෙර තුල බුදුරදුන්ගේ තෙවැනි ලංකාගමනයේදී මෙම ස්ථානයට වැඩම කර වැඩ සිටි ස්වර්ණමය ආසනයත්, සිද්ධාර්ථකුමරු පැවිදිවන අවස්ථාවේ කේශච්ඡේදනය කල මඟුල් කඩුවත් හා උන්වහන්සේගේ කේශධාතූන් තැන්පත්කර ඇති බව කියැවේ.කිරි ගස් බහුලව ඇති උයනක කරවු හෙයින් ඛදිර විහාර හෙවත් කිරි වෙහෙර යැයි ව්‍යවහාර කර ඇත.
|