"අද්මිරාල්ති නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
13 පේළිය:
 
1787 දී එවකට ප‍්‍රංශයේ තානාපතිවරයාව සිටි තෝමස් ජෙපර්සන් ජේම්ස් මැඩිසන් වෙත ලිපියක් යවමින් ඒ වනවිට ජනපදයන්හි අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත්කොට තිබූ එක්සත් ජනපද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට භූමියේ නීතිය විසින් (අද්මිරාල්ති නීතීන්ට පටහැනි) නඩු විභාග කළහැකි සියලූම කාරණාවන්හිදී ජාතීන්ගේ නීතිය (එනම් අද්මිරාල්ති නීතිය) අනුව නොව ජූරිය විසින් නඩු විභාග කිරීම කළයුතුය’ යන ප‍්‍රතිපාදනය ඇතුලත් කරමින් සංශෝධනයක් කළ යුතු බව යෝජනාකර සිටින ලදී. එහි ප‍්‍රතිඵලය වූයේ එක්සත් ජනපද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සිදුකළ හත්වන සංශෝධනයයි.
 
==මුහුණුවර==
===නඩත්තුව සහ ප‍්‍රතිකාර===
නඩත්තුව සහ ප‍්‍රතිකාර පිලිබඳ මූලධර්මයේ ඉතිහාසය කි‍්‍ර. ව. 1160 දී පමණ පනවනු ලැබූ ඔලරන් නීතිවල හය වන වගන්තිය දක්වා දිවයයි. ප‍්‍රතිකාර ලබාදීම සඳහා ඇති වගකීම යනුවෙන් හඳුන්වනු ලබන්නේ නැව් ගමනාගමනයේදී තුවාල ලබන නාවිකයින්ට ඔවුන් උපරිම වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගත හැකි ස්ථානයක් කරා ළගාවන තුරු නැව් හිමියා විසින් නොමිළයේ වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදිය යුතු බවයි. උපරිම වෛද්‍ය ප‍්‍රතිකාර යනු වෙනම සංකල්පයකට වඩා උපරිම වෛද්‍ය වැඩිදියුණුව නම් සංකල්පයේ දිගුවකි. ප‍්‍රතිකාර සඳහා ඇති වගකීම යන්නට ෙඖෂධ මෙන්ම ෙඖෂධ මඟින් නාවිකයාගේ තත්වය යහපත් අතට හැරීම සිදුනොවන්නේ නම් ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමද ඇතුලත් වේ. ඊට දීඝකාලීන ප‍්‍රතිකාරයන්ද ඇතුලත් වියහැක. ශරීරාබාධ ප‍්‍රකෘතිමත් කිරීම රෝදපුටු ලබාදීම සහ දීඝකාලීනව ඖෂධ ලබාදීම ආදිය මෙයට උදාහරණයන්ය.
 
නඩත්තුව පිලිබඳ වගකීම යන්නට නැව්හිමියා විසින් රෝගී වූ නාවිකයකු සුව වන තුරු ඔහුගේ මූලික ජීවත්වීමේ වියදම් ලබාදීම ඇතුලත් වේ. නාවිකයා නැවත වැඩකළහැකි තත්වයට පත්වූ පසු ඔහු සිය වියදම් තමන් විසින්ම දරාගනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. ප‍්‍රතිකාර කිරීමේ වගකීම කි‍්‍රයාත්මක වන්නාවූ අවස්ථාවකදී නාවිකයකුට සිය නඩත්තුව ලැබීමේ අයිතිවාසිකම අහිමි වී යා හැක.
මඟීන්ට සිදුවන පුද්ගලික පීඩාවන්
 
නැව් හිමියන් සිය මඟීන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සාධාරණ වගකීමක් දැරිය යුතුය. නැවක ගමන් කරන මඟියකු ගොඩබිමදී තුන්වන පාර්ශ්වයක නොසැලකිල්ල හේතුවෙන් සිදුවන තුවාලයක් සම්බන්ධයෙන් නඩු පවරන පරිදි නැව් හිමියාට එරෙහිව නඩු පැවරිය හැකිය. නැව් හිමියාගේ නොසැලකිල්ල ඔප්පුකිරීමේ භාරය පැවරෙන්නේ මඟියා වෙතය. මෙහිදී අණපනත්වල දැක්වෙන කාලසීමාව වසර තුනක් වුවද මඟී ටිකට්පත්වල සීමාකාරී කොන්දේසි අන්තර්ගත වන බැවින් වසරක කාළයක් ඇතුලත නඩු පැවරීම කළයුතු වෙයි. තවත් සමහර මඟී ටිකට්පත්වල එකී නඩු මියාමි ෆ්ලොරීඩා සියැටල් හෝ වොෂින්ටන්හි පැවරිය යුතු බවට වන කොන්දේසියක්ද ඇතුලත් වනු ඇත.
සමුදී‍්‍රය ලියම සහ උකස නැව් මිළදීගැනීම සඳහා ණය ලබාදෙන බැංකු ඉන්ධන හා ගබඩා වැනි නැව්වලට අත්‍යාවශ්‍ය සේවාවන් සැපයීම සඳහා පඩි ලැබීමට නියමිත නාවිකයින් සඳහා සහ වෙනත් බොහොමයක් දෙනා අදාල මුදල් ගෙවීම් සිදුකිරනුවස් නැවට එරෙහිව ලියම අරන්නෝ වෙති මෙකී ලියම බලාත්මක කිරීම සඳහා නැව අත්අඩංගුවට ගැනීම හෝ අත්පත් කරගැනීම කළයුතු වෙයි මෙම ප‍්‍රතිකර්මය පෙඩරල් අධිකරණයක් විසින් මිස රාජ්‍ය අධිකරණය විසින් කළ නොහැක්කකි ත‍්‍රානනය සහ වස්තුව ත‍්‍රානනය මුහුදේදී දේපල නැතිවූ විට සහ එය වෙනත් අයෙකු විසින් බේරාගත් විට එය බේරාගත් තැනැත්තාට තමන් බේරාගත් භාණ්ඩ වෙනුවෙන් ත‍්‍රානන ප‍්‍රදානයක් ඉල්ලා සිටිය හැක. කෙසේවෙතත් ජීවිත ත‍්‍රානනය යනුවෙන් සංකල්පයක් නොමැත්තේය.ත‍්‍රානන නීතිය අදාල වන්නේ භාණ්ඩ වලට පමණකි. ප‍්‍රදානයක් පිලිබඳ අපේක්‍ෂාවකින් තොරව උපද්‍රවයකට ලක්ව සිටින කවරකුගේවුව දිවි ගලවාගැනීම සෑම නාවිකයකුගේම වගකීමකි.
 
ත‍්‍රානන ආකාර දෙකක් පවතී. එනම් ගිවිසුම්ගත ත‍්‍රානනය සහ ශුද්ධ ත‍්‍රානනය යි. ශුද්ධ ත‍්‍රානනය සමහර අවස්ථාවන්හිදී පුණ්‍ය ත‍්‍රානනය යනුවෙන්ද හඳුන්වනු ලබයි. ගිවිසුම්ගත ත‍්‍රානනයේදී දේපළේ හිමිකරු සහ ත‍්‍රානකයා ත‍්‍රානන මෙහෙයුම සිදුවීමට පෙර ත‍්‍රානන ගිවිසුමකට එළඹෙයි. ත‍්‍රානකයා වෙත ගෙවනු ලබන මුදල පිලිබඳව මෙම ගිවිසුමින් එකඟත්වයකට පැමිණෙයි. ඉතාමත්ම සුලභ ත‍්‍රානන ගිවිසුම වන්නේ ලොයිඞ්ස් විවෘත පෝරම ත‍්‍රානන ගිවිසුම යි.
 
ශුද්ධ ත‍්‍රානනයේදී භාණ්ඩ හිමිකරු සහ ත‍්‍රානකයා අතර ගිවිසුමක් නොපවතී. සම්බන්ධතාවය වන්නේ නීතිය විසින් පනවා ඇති විධිවිධාන පමණකි. ශුද්ධ ත‍්‍රානනයේදී ගලවාගනු ලැබූ භාණ්ඩ ත‍්‍රානකයා විසින් පෙඩරල් අධිකරණයක් වෙත ගෙන ආ යුතු වන අතර සපයන ලද සේවාව සහ ගලවාගත් භාණ්ඩයන්ගේ වටිනාකම මත පදනම්ව ත‍්‍රානන ප‍්‍රදානය තීරණය කරනු ලබයි.
 
ශුද්ධ ත‍්‍රානන ඉල්ලීම් උපරි ගණය සහ අවරගණය යනුවෙන් කොටස් දෙකකට බෙදනු ලබයි. උපරි ගණයේදී’ ත‍්‍රානකයා අලාභහානිවූ නැව ගලවාගැනීම සඳහා තමන්ගේ සහ සිය කාර්ය මණ්ඩලයේ ජීවිත හා ආරක්‍ෂාව සහ සිය නැවේ උපකරණයන්හි ආරක්‍ෂාව පරදුවට තබමින් කටයුතු කරයි. අධික වැසි සහිත කාළගුණයකදී ගිලෙමින් පවත්නා නැවකට ගොඩවීම, වෙරළින් ඈතට රළ පහරට ගසාගෙන ගිය නැවක් ඇදගෙන ඒම, දැනටමත් ගිලී ඇති නැවක් හෝ බෝට්ටුවක් ගොඩ ගැනීම, ගිනිගෙන දැවෙන් නැවක තට්ටුවට ගොඩවීම ආදිය මීට උදාහරණන්ය. ත‍්‍රානකයා ඉතා සුළු අවදානමකට මුහුණ දෙන එසේත් නැතිනම් කිසිසේත්ම අවදානමකට මුහුණ නොදෙන අවස්ථාවන් අවර ගණය ලෙසින් හැඳින්වේ. නිසල මුහුදක වෙනත් නැවක් හෝ බෝට්ටුවක් ඇදගෙන ඒම, යාත‍්‍රාවයකට ඉන්ධන සැපයීම, වැලි පරයක එරී ඇති යාත‍්‍රාවක් ගොඩට ඇදීම ආදිය මීට උදාහරණයන්ය. අවර ගණයේ ත‍්‍රානනයේ යෙදෙන්නන්ට වඩා වැඩි ත‍්‍රානන ප‍්‍රදානයක් උපරි ගණය ත‍්‍රානනයේ යෙදෙන්නන්ට හිමිවේ.
 
උපරි ගණයේ සහ අවර ගණයේ ත‍්‍රානනයේ යෙදෙන දෙපාර්ශ්වයටම ප‍්‍රදානය කරන ත‍්‍රානන ද්‍රදානය තීරණය කරනු ලබන්නේ ගලවාගත් භාණ්ඩවල වටිනාකම මත පදනම්වය. කිසිවක් ගලවාගත නොහැකි වුවහොත් හෝ තවත් අතිරේක හානියක් සිදුකළහොත් කිසිදු දීමනාවක් ප‍්‍රදානය කරනු නොලැබේ. ප‍්‍රදානය සම්බන්ධයෙන් සලකා බැලෙන අනෙකුත් සාධකයන් වනුයේ ත‍්‍රානකයාගේ හැකියාවන්, ගලවාගත් භාණ්ඩ මුහුණදී තිබූ උපද්‍රවය, ත‍්‍රානනයේදී අවදාමට ලක්කළ භාණ්ඩවල වටිනාකම, ත‍්‍රානන මෙහෙයුම සඳහා ගතවූ කාළය සහ වැයවූ මුදල යනාදියයි.
 
ශුද්ධ හෝ පුණ්‍ය ත‍්‍රානන ප‍්‍රදාන මුදල ගලවාගනු ලැබූ භාණ්ඩවල වටිනාකමින් සියයට පනහ ඉක්මවන්නේ කලාතුරකිනි. මීට ඇති ව්‍යතිරේඛය වන්නේ වස්තුව ත‍්‍රානනයයි. මෙහිදී දියෙහි ගිලූනු වස්තුව වසර සිය ගණනාවක් තිස්සේ නැතිවී තිබී ඇති බැවින් ත‍්‍රානකයා හෝ එය සොයාගත් තැනැත්තා සාමාන්‍යයෙන් සොයාගත් භාණ්ඩයන්ගේ වටිනාකමින් වැඩි ප‍්‍රමාණයක් ලබාගනු ඇත. වස්තුව ත‍්‍රානනය පිලිබඳ කථාකිරීමේදී මුලින්ම සිහියට නැගෙන්නේ දියෙහි ගිලූනු ස්පාඥ්ඥ නැව් වන අතර ඊළගට වැදගත් තැනක් ලබාගන්නේ දෙවන ලෝක යුද්ධයේදී මුහුදේදී විනාශවූ ජර්මානු සබ්මැරීනයන්ය. මෙම සබ්මැරීනයන්හි වටිනා ඵෙතිහාසික කලානිර්මාණයන් ප‍්‍රවාහනය කළ බව සැලකේ. සිවිල් යුධ සමයේ ඇමරිකානු යුධ නැව් මෙන්ම ගිලූණු වානිජ නැව්ද වස්තුව තත‍්‍රානනයෙන් ප‍්‍රදානයන් ලබාගැනීමේ සංවාදයේදී වැදගත් වෙයි. නවීන තාක්‍ෂණයේ උදව්වෙන් මීට පෙර අතුරුදන්ව තිබූ බොහොමයක් නෞකාවන් ඇති ස්ථානයන් මේ වනවිට සොයාගනු ලැබ ඇති අතර ඒවා ගවේෂණය කිරීම අතීතයේදී තරම් අනතුරුදායක නොවේ. නමුත් මෙය තවමත් මනා සැලකිල්කින් යුතුව සිදුකළ යුතු කාර්යයකි.
 
== ජාත්‍යන්තර සම්මුතීන් ==
"https://si.wikipedia.org/wiki/අද්මිරාල්ති_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි