"නුවරඑළිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
144 පේළිය:
*[[සීතා අම්මාන් කෝවිල]] - හනුමාන් කෝවිල ලෙසද වැහැරෙන සීතා අම්මාන් හින්දු කෝවිල හමුවන්නේ නුවරඑළියේ සිට බදුල්ලට යන විට [[හක්ගල උද්භිද උද්‍යානය]] හමුවීමට පෙරයි. මෙම කෝවිල පිහිටා ඇත්තේ සීතා එළිය නම් ගම්මානයේය. මෙම පලාත හින්දු දර්ශනයේ එන රාමායණය කතාවේ සඳහන් වේ. ජනශ්‍රැත වලට අනුව බලවත් රාවණා රජු, රාම ගේ බිසව වන සීතා දේවිය පැහැරගෙන විත් මෙම කෝවිල තනා ඇති ස්ථානයේ සඟවා තිබූ බව කියවේ.
*[[නුවරඑළිය තැපැල් කාර්යාලය]] - 1894 වර්ෂයේ ඉදිකොට ඇති නුවරඑළිය පිහිටි [[තැපැල් කාර්යාලය]] මෙරට ඉදිකරන ලද පැරණිතම තැපැල් කාර්යාල අතුරින් එකක් ලෙස සැළකේ.
*[[වික්ටෝරියා උද්‍යානය, නුවරඑළිය|වික්ටෝරියා උද්‍යානය]] - නුවරඑළිය නගරයේ ඉදි කොට ඇති, මහජන උද්‍යානයක් වේ. 1987 වර්ෂයේ යෙදී තුබුණු [[වික්ටෝරියා රැජින]]ගේ දියමන්ති සංවත්සරය සිහිවීම වෙනුවෙන්, උද්‍යානය ''වික්ටෝරියා උද්‍යානය'' ලෙස නම් කොට තිබේ.
 
===වෙනත්===
*[[විලියම් රොජර්ස් සොහොන]] - ගොල්ෆ් පිටියක කෙලවරේ පිහිටා ඇති බ්‍රිතාන්‍ය‍ ‍‍ආණ්ඩුකාරවරයෙකු වූ මේජර් විලියම් රොජර්ස් ගේ සොහොන් කොත බොහෝ දෙනෙකු නොදන්නා එක් විෂේෂ ස්ථානයක් වේ[http://www.bonzer.org.au/?p=13874]. ඔහු ප්‍රසිද්ධ අලි ඇතුන් දඩයම් කරුවකු වූ අතර අලිඇතුන් දහස් ගණනින් මරා ඇතැයි කියවේ. ජනශ්‍රැත වල කියවෙන පරිදි ඔහු මිය ගොස් ඇත්තේ හපුතලේ දී අකුණක් වැදීමෙනි. තමා සිදු කළ විශාල පාපය නිසා ඔහුගේ සොහොන් කොතට සෑම වසරකදී ම අකුණු සැර වදින බව කියවේ. කෙසේ වුවද වර්තමානයේ මෙම ස්ථානය සංචාරකයන්ට විවෘත නොවේ.
 
==සිතියම්==
"https://si.wikipedia.org/wiki/නුවරඑළිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි