"ප්ලේටෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
41 පේළිය:
ප්ලේටෝ අතින් ලියැවෙන සංවාද කෘති අතරින් වැදගත් වූවක් සේ සැලකෙන '''ජනරජය''' කොටස් තුනකින් සමන්විතය. එහි පළමුවැන්නේ පරමාදර්ශ පොදු රාජ්‍යයක් ගොඩ නැංවීම ගැන සංවාද වෙයි. ඉන්පසුව ලෝකයේ බිහිවෙන දාර්ශනික මනෝරාජ්‍යය සංකල්පයන් හි පටන් ගැන්ම මෙය සේ සැලකේ. ප්ලේටෝ එළඹෙන එක් නිගමනයක් නම් පාලකයා දාර්ශනිකයෙකු විය යුතුය යන්නයි. එහි කාණ්ඩ දෙකක් "දාර්ශනිකයා" විග්‍රහ කරනු පිණිස ඔහු උපකාරී කර ගනියි. ඊ ළඟට ජනරජයෙහි අවධානය යොමු වෙන්නේ විවිධ ආණ්ඩු ක්‍රම හා ඒවායේ හොඳ නරක පිළිබඳ සාකච්ඡා වලිනි.
 
=== යුක්තිය ===
'යුක්තිය' යන වචනය අර්ථය විමසන ප්ලේටෝ යුක්ති සහගත මිනිසා යන්න විමර්ශනයට වඩා යුක්ති සහගත රාජ්‍යය විමසිල්ල වඩා සුදුසු යැයි සිතයි. ප්ලේටෝ සිය ජනරජය ආරම්භයේ දී ම එහි වැසියන් පංති තුනකට බෙදයි. පොදු ජනයා, යුද හේවායන් සහ ආරක්ෂකයන් යනු ඒ කොටස් තුන වෙති. ප්ලේටෝ දේශපාලන බලය දෙන්නේ අවසන් කොටසට පමණි. එසේම ඔහුට අනුව ඒ අවසන් කොටස සෙසු පංති දෙකට වඩා අඩුවෙන් සිටිය යුතු යැයි ද කියයි. ආරක්ෂකයන් සඳහා ඔහු යෝජනා කරන්නේ කුඩා ගෙවල් හා චාම් ආහාර, කණ්ඩායමක් ලෙසින් ජීවත්වීමයි. පෞද්ගලික දේපල හා රන් රිදී අහිමිය යනාදිය ඔවුන්ට ප්ලේටෝ නිර්දේශ කරයි. ඔවුන්ගේ කැමැත්ත තම පංතියේ සැපත නොව මුළු රාජ්‍යයේ ම යහපත බැවින් ඔවුනට ධනවත් නොවූව ද ප්‍රීතිමත් නොවීමට හේතුවක් නැතැයි ප්ලේටෝ කියයි. යුද භටයන්ට ස්පාර්ටාවේ වැනි හැදියාවක් ඔහු යෝජනා කරයි. ළාබාල දරුවන් යුද වල දී සටන් නොකළත් ඔවුන් සටන් නැරඹිය යුතු යැයි හේ කියයි. ආරක්ෂකයන් විසින් යුද හේවායන් පුහුණු කළ යුත්තේ පොදු සමාජයේ අනිසි ලෙස හැසිරෙන අයව පාලනයටයි. ඒ නිසා යුද හේවායන් ද යම් දුරකට මුදල් භාවිතයෙන් ඈත් වී, දේපල අයිතියෙන් ද අහක් වී කඳවුරක වාසයෙන් කණ්ඩායම් සැදී ආහාර ගනිමින් ජීවත් විය යුතුය. සෑම දරුවෙකුට ම අධ්‍යාපනය අනිවාර්ය කරන ප්ලේටෝ එක හා සමාන වූ අධ්‍යාපනයක් ගැහැණු පිරිමි දෙගොල්ලන්ට ම නිර්දේශ කරයි. සංගීතය, ශාරීරික අභ්‍යාසයන් හා යුද ශිල්පය ද සුදුසු යැයි කියයි. සෑම අතකින් ම ස්ත්‍රීන් හා පුරුෂයන් සම්පූර්න සමාන තත්වයක් ලැබීම හේ අනුමත කරයි. එසේම ජනරජයේ නීති සම්පාදකයා වැසියන් අතරින් ආරක්ෂකයන් හා යුද හේවායන් තෝරා ගැනීමෙන් පසුව ඔවුන් පොදු නිවාස, පොදු භෝජන හි නිරත වෙද්දී සංවාසය පිණිස ද කිසිවෙකුට තනි අයිතියක් නොලැබේ යැයි හේ කීය. සංවාසය සඳහා ඉඩ ලැබෙන්නේ පාලකයන් විසින් තීරණය කරන අන්දමට ය. අංගල විකල දරුවන්ව රහසිගතව කිසිවෙකු නොදන්නා තැනක දමන්නට ද හේ යෝජනා කළේය. මව්වරු වයස විස්ස හා හතළිහ අතරත් පියවරු වයස විසිපහ හා පනස් පහත් අතර විය යුතු බව කියූ ප්ලේටෝ ඒ වයස් වලින් බැහැරව සංවාසය තහනම් නැති නමුත් එයින් උපදින දරුවන්ට ගබ්සාව හා බාල ඝාතනය පවා නිර්දේශ කළේය. දාර්ශනික රජු හොඳ හා නරක අතර වෙනස දන්නා හෙයින් ඔහු යහපත් පාලකයෙක් වේ යැයි ප්ලේටෝ කීය.
 
Line 55 ⟶ 56:
දිගු කලක්‌ මු`ඵල්ලේ ස්‌පාර්ටන් වරුන් තමන් ගොඩ බිම අනගිභවනීය බව ඔප්පු කර දැක්‌ වූහ. ඔවුහු තමන් ගේ මේ ශ්‍රේෂ්ඨFවය ක්‍රි(පූර්ව 371 දී තීබන්වරුන් අතින් "ල්‍යක්‌ටා සටනේ" දී පරාජය වනතුරු රැක ගත්හ. ඔවුන්ගේ රණ ශ්‍රේෂ්ඨFවයේ අවසානය මෙය විය.
 
=== ප්ලේටෝ ගේ මනෝ රාජ්‍යය (UTOPIA) ===
 
ප්ලේටෝ ගේ කෘති අතරින් ඉතාමත් වැදගත් සංවාද කෘතිය වූ (REPUBLIC) සමූහාණ්‌ඩුව කෘතිය පෘථුල වශයෙන් කොටස්‌ තුනකින් සමන්විත ය. එහි පළමු වැන්න පරමාදර්ශ පොදු රාජ්‍යයක්‌ ගොඩ නැංවීම ගැන වූයේ ය. මනෝරාජ්‍යයන් (UTOPIAS) අතර පැරණිතම වූයේ එය යි.
 
93 පේළිය:
නූතන මනෝ රාජ්‍යයන් (UTOPIAS) මෙන් නොව ප්ලේටෝ ගේ සමූහාණ්‌ඩුව ඇතැම් විට ඇත්ත වශයෙන් ම පිහිටු වීමට අදහස්‌ කරන ලද්දකි. ස්‌වභාවයෙන් අපට පෙනී යනු ඇති පරිදි, එය එතරම් අරුම පුදුම වූවක්‌ හෝ කළ නොහැක්‌කක්‌ හෝ නොවේ. කිසිසේත්ම ක්‍රියාත්මක කළ නොහැකි අප සිතනු ඇති ඒවා ද ඇතුළත් එහි විධි විධාන රාශියක්‌ ස්‌පාර්ටාවේ සැබැවින්ම සාධනය කර ගන්නා ලදී. පෛතගෝරස්‌ විසින් දාර්ශනිකයන් ගේ පාලනය පිහිටු වීමට යත්න දරණ ලදී. ප්ලේටෝ සිසිලියට හා දකුණු ඉතාලියට පැමිණෙන විට පෛතගෝරියානු "ආර්කයිටාස්‌" තාරාස්‌ හි (නූතන තරන්කෝ) දේශපාලන වශයෙන් බලසම්පන්නව සිටියේය. පෞර රාජ්‍යයන් තමන් ගේ නීති සම්පාදනය අරභයා විශාරද පණ්‌ඩිතයෙකු යොදා ගැනීම සාමාන්‍ය සිරිතක්‌ව පැවැත්තේ ය. "සෝලන්" විසින් ඇතැන්ස්‌ පෞර රාජ්‍යය වෙනුවෙන් ද, "ප්‍රොටගෝරස්‌" විසින් තුරී රාජ්‍යය වෙනුවෙන් ද, නීති සම්පාදනය කර ලදී . ඒ කාලයේ දී යටත් විජිත තම මව් රාජ්‍යයන් ගේ පාලනයෙන් මු`ඵමනින්ම මිදී තිබුණේය. එබැවින් ප්ලේටෝනිකයන් කණ්‌ඩායමකට ස්‌පාඤ්ඤ වෙරළේ හෝ (GULA) ගෝල් වෙරළේ ජනරජය පිහිටු වීම පහසුවෙන්ම කළ හැකිව තිබූ කාර්යයකි. අවාසනාවකට මෙන්, ප්ලේටෝ ට අහම්බෙන් "සයිරක්‍යqස්‌" කරා යැමට සිදු විය. එය කර්තේ සමග දරුණු යුද වල යෙදී සිටි ශ්‍රේෂ්ඨ වෙළෝද පුරයක්‌ විය. එබ`දු වාතාවරණයක කිසිම දාර්ශනිකයකු විසින් වැඩි යමක්‌ ඉටු කර ගත හැකි නොවේ. ඊළ`ග පරම්පරාවේ දී මැසිඩෝනියාවේ නැගීම නිසා කුඩා රාජ්‍යය සියල්ල ම යල් පැනපු තත්ත්වයට වැටුණේය. එසේම ක්‍ෂුද්‍ර වශයෙන් කරන සෑම දේශපාලන පර්යේෂණයක ම නිෂ්ඵලතාව ද ප්‍රත්‍යක්‍ෂ විය.
 
=== සංකල්පවාදය ===
 
ප්ලේටෝ ගේ සමූහාණ්‌ඩුව (REPUBLIC) කෘතියේ පස්‌ වැනි කාණ්‌ඩයේ අග කොටසේ සිට හත් වැනි කාණ්‌ඩයේ අවසානය දක්‌වා වූ මධ්‍ය භාගය මූලික වශයෙන් කැප කොට ඇත්තේ දේශපාලන විද්‍යාවෙන් පරිභාහිර වූ හුදු දර්ශනය පිළිබ`ද ගැනය.
 
Line 113 ⟶ 112:
රිපබ්ලික්‌ (republic) හි හය වැනි හා හත් වැනි කාණ්‌ඩයන් හි ප්ලේටෝ ප්‍රශ්න දෙකක්‌ ගැන සිත යොමා ඇත. පළමුවැන්න, දර්ශනය නම් කුමක්‌ද යන්නයි. දෙවැන්න, සුදුසු ප්‍රකෘති මානසික ස්‌වභාව සහිත තරුණ පුරුෂයෙකු ට හෝ ස්‌ත්‍රියකට දාර්ශනිකයකු බවට පත් වන පරිදි උගැන්විය හැක්‌කේ කෙසේද යන්නයි.
 
ප්ලේටෝ දර්ශනය සැලකූයේ එක්‌ ආකාරයක දෘෂ්ටියක්‌ වශයෙනි. එනම් සත්‍යයේ දෘෂ්ටිය. වශයෙනි. එය වූ කලී ප්‍රඥවට ඇති ප්‍රේමය යි. ප්ලේටෝ REPUBLIC කෘතිය ලියන කල්හි තමා සම්පූර්ණයෙන් ම විශ්වාසය කළ දෘෂ්ටියේ ස්‌වභාව අන්‍යයනට වටහා දීම උදෙසා දෘෂ්ටාන්තයක්‌ එනම්, [[ගුහාවේ දෘෂ්ටාන්තය|'''ගුහාවේ දෘෂ්ටාන්තයේ''']] ආධාරය අවශ්‍ය විය. එහෙත්, ඔහු එයට බසිනුයේ, සංකල්ප ලෝකයේ අවශ්‍යතාව දැකීමට පාඨකයන් යොමු කරවීමේ පරමාර්ථයෙන් කරන ලද විවිධ ප්‍රාරම්භ සාකච්ඡා වලින් පසුව ය.
 
ප්‍රථම කොට බුද්ධිය පිළිබ`ද වූ ලෝකය ඉන්ද්‍රීය ප්‍රතිබද්ධ ලෝකයෙන් වෙනස්‌ කෙරේ. ඉක්‌බිති බුද්ධිය හා ඉන්ද්‍රීය සංජානනය එක එකක්‌ දෙවදෑරුම් කොට බෙදනු ලැබේ.
Line 121 ⟶ 120:
ප්ලේටෝ ගේ සංකල්ප සිද්ධාන්තයෙහි පැහැදිලි ලෙසම දෝෂ කිහිපයක්‌ අන්තර්ගත ය. එහෙත් මේ කෙසේ වෙතත් දර්ශනයෙ ඉතා වැදගත් ඉදිරි ගමනක්‌ ඉන් ප්‍රකාශ වේ. එය එසේ වනුයේ විවිධ ආකෘතිවලින් අද දක්‌වා ම නොනැසී පවත්නා සාමාන්‍යයන් පිළිබ`ද ගැටලුව අවධාරණයෙන් පවසන ප්‍රථම සිද්ධාන්තය එය බැවිනි.
 
=== ප්ලේටෝ ගේ අමරණීයවාදය ===
 
µSඩෝ (PHEADO) ගේ නමින් හ`දුන්වනු ලබන සංවාදය, කිහිප ආකාරයකින් සිත් ගන්නා සුළුය. එහි අභිප්‍රාය වශයෙන් ඇත්තේ සොක්‍රටීස්‌ ගේ ජීවිතයෙහි අවසාන මොහොත විස්‌තර කිරීමය. එ නම්, හෙම්ලොක්‌ විෂ බඳුන පානයට මොහොතකට පෙර හා පසුව ඔහු ගේ සිහිය නැති වී ගිය මොහොත දක්‌වා ඔහු කළ කථාව ය. උපරිම ප්‍රමාණයට යහපත් හා ප්‍රඥාවන්ත වූ ද, මරණ බිය බිඳකුදු නැත්තා වූ ද, මිනිසකු පිළිබ`ද ප්ලේටෝ ගේ පරමාදර්ශය මෙයින් ඉදිරිපත් කෙරෙයි. ප්ලේටෝ ඉදිරිපත් කරන පරිදි මරණාභිමුඛ වූ සොක්‍රටීස්‌, අතීත වර්තමාන කාලදේවයෙහි ම ආචාර ධර්මානුකූලව වැදගත් ය. ක්‍රිස්‌තුස්‌ වහන්සේ දුක්‌ඛ ප්‍රාප්තිය (පාස්‌කුව) හා කුරුසයේ තබා ඇණ ගැසීම පිළිබ`ද සුභාරංචි විස්‌තරය කිතුණුවන්ට යම් සේ වී ද, PHEADO කෘතිය මිථ්‍ය දේවතාවුන් අදහන්නන්ට හා නිදහස්‌ මතධාරී දාර්ශනිකයන්ට ද එබඳු විය යි බර්ට්‍රන්ඩ් රසල් සාමිවරයා සිය කෘතිය මගින් පෙන්වා දෙයි.
 
"https://si.wikipedia.org/wiki/ප්ලේටෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි