"ඉතාලි රාජධානිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
'''ඉතාලි රාජධානිය''' ({{බස-it|Regno d'Italia}}) යනු, 1861දී, සාර්ඩිනියාවේ [[දෙවන වික්ටර් එම්මැනුවෙල් රජ|දෙවන වික්ටර් එම්මැනුවෙල්]] රජු, [[ඉතාලියේ රජ]] වශයෙන් ප්‍රකාශයට පත් කිරීම හා සමගම ප්‍රතිස්ථාපිත රාජ්‍යයකි. එහි නෛතික පූර්වගාමී රාජ්‍යය වන් [[සාර්ඩීනියා රාජධානිය|සාර්ඩීනියා රාජධානියේ]] බලපෑම මත, [[ඉතාලියානු එක්සත් කිරීම |ඉතාලියේ එක්සත් කිරීමෙහි]] ප්‍රතිඵලයක් වශයෙන් මෙම රාජ්‍යය ප්‍රතිස්ථාපනය කෙරිණි. 1946දී [[ඉතාලියානුවෝ|ඉතාලියානුවන්]] විසින් [[ජනරජය|ජනරජ]] [[ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව|ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්]] සඳහා මනාපය පළ කරන තෙක් මෙය පැවතිණි.
 
[[ප්‍රශියානු රාජධානිය |ප්‍රශියාව]] හා සමග සන්ධානගතවූ ඉතාලිය, 1866දී [[ඔස්ට්‍රියානු අධිරාජ්‍යය|ඔස්ට්‍රියාවට]] එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේය: මෙහෙයුම අසාර්ථක වුවද, [[ඔටෝ ෆන් බිස්මාර්ක් |බිස්මාර්ක්ගේ]] ජයග්‍රහණය හා සමගම, එය වෙත [[වෙනිතෝ]] ප්‍රදේශය හිමි විය. ඉතාලි හමුදා 1870දී [[රෝමය|රෝමයට]] ඇතුළුවූ අතර, වසර එක්දහසකට වඩා වැඩි කාලයක් පැවති පාප් වහන්සේගේ ලොකායත්ත බලය කෙළවර විය. ඔවුනොවුන්ගේ යටත්විජිතමය ව්‍යාප්තියන් පිළිබඳ ප්‍රංශය හා සමග ඇතිව තිබූ දැඩි අසම්මතීන් නිසාවෙන්, [[ජර්මනිය]] සහ [[ඔස්ට්‍රියාව-හංගේරියාව]] හා සමගින් [[ත්‍රිත්ව සන්ධානය (1882)|ත්‍රිත්ව සන්ධානයකට]] එළඹෙන ලෙසින් 1882දී බිස්මාර්ක් සිදු කල යෝජනාව ඉතාලිය විසින් පිළිගන්නා ලදි. කෙසේවෙතත්, [[බර්ලිනය]] හා සමග සම්බන්ධතාවය ඉතා සුහදව පැවතියද, [[වියනා]] හා සමගින් සන්ධානය හුදු නාමමාත්‍රික ස්වභාවයක් ගත්තේ, [[ට්‍රෙන්ටීනෝ]] සහ [[ට්‍රියේස්ටා]] යන ඉතාලියානු භූමිප්‍රදේශ ඒ අවස්ථාව වන විටද ඔස්ට්‍රියා-හන්ගේරියානු පාලනය යටතේ පැවති නිසාය.
"https://si.wikipedia.org/wiki/ඉතාලි_රාජධානිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි