"බැක්ටීරියා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
34 පේළිය:
[[Thermotogae]]
}}
[[ජීවීන්]] බෙදා ඇති [[රාජධානි]] පහෙන් පළමුවැන්න වන මොනෙරා රාජධානියට අයත් වන, [[ප්‍රාග් න්‍යෂ්ටික]] සෛලීය සංවිධානයක් ඇති [[ක්‍ෂුද්‍රජීවීන්]] වේ. [[ඇන්ටන් වැන් ලියුවෙන්හුක්]] විසින් ප්‍රථමවරට නිරීක්‍ෂණය කොට සොයාගන්නා ලදී. 0.1mmට වඩා කුඩා ය. දර්ශීය බැක්ටීරියා 25 - 5 මයික්‍රොමීටර වේ. විෂමපෝෂී ය. චල හෝ අචලාකාර වේ. ඒක සෛලීය හෝ ගණාවාසී වේ.
 
අයත්වන ජීවීන් සංඛ්‍යාව අනූව මිහිතලය මත ජීවත් වන විශාලතම සජීවී කාණ්ඩය මොවුන්යවේ.
 
== පරිසරය ==
46 පේළිය:
 
== ව්‍යුහය ==
බැක්ටීරියාවන්ගේ දේහය 0.1 mmට වඩා කුඩා බැවින් පියවි ඇසට දර්ශනය නොවේ. දර්ශීය බැක්ටීරියාවක් මයික්‍රොමීටර 25 - 5 පමණ විශාල වෙයි. ඒක සෛලීය හෝ ගණාවාසී ලෙස ජීවත් වේ.
[[සෛල බිත්තිය|සෛල බිත්තියේ]] සංඝටක ලෙස [[පෙප්ටිඩෝග්ලයිකෑන්]] ඇත. සෛල ප්ලාස්මයේ [[ලිපිඩ]]වල [[හයිඩ්‍රොකාබන්]]දාම ශාඛනය වී ඇත. [[RNA]] [[එන්සයිම]] එක් වර්ගයක් පමණක් ඇත. චලනය සඳහා කශිකා/පිලයි ඇත. 70s [[රයිබොසෝම]] වේ.
 
බැක්ටීරියාවන් සතුව සංවිධානය වූ න්‍යෂ්ටියක් සහ පටලමය ඉන්ද්‍රයිකා රහිත දේහයක් පවතින බැවින්, ප්‍රාග් න්‍යෂ්ටිකයෝ ලෙස හැඳින්වෙයි. ඔවුන් සතු ඉන්ද්‍රයිකා ලෙස 70s [[රයිබොසෝම]] පවතියි. න්‍යෂ්ටික ද්‍රව්‍ය ලෙස හිස්ටෝන ප්‍රෝටීන රහිත, එනම් ව්‍යාජ චක්‍රීය DNA අණුවක් පිහිටයි. සමහර බැක්ටීරියාවන්ගේ ප්ලාස්ම පටලයේ අවතලන ලෙස මීසසෝම ඇත.
 
[[සෛල බිත්තිය]] ප්‍රධාන ලෙසම සෙලියුලෝස් රහිත මියුරීන් වලින් සෑදී තිබෙයි. ඇතැම් බැක්ටීරියාවන් සතුව සෛල බිත්තියට පිටතින්, පොලිසැකරයිඩ වලින් නිර්මාණය වූ නානුමය ආවරණයක් (ප්‍රාවරය) පවතියි.
 
චලනය සඳහා ඇතැම් බැක්ටීරියාවන් සතුව කශිකා (භාහිර පටලයකින් ආවරණය නොවූ) සහ පිලයි පවතී. සමහර බැක්ටීරියාවන්ට නයිට්‍රිජන් තිර කිරීමේ හැකියාවද පවතියි.
 
== වර්ගීකරණය ==
ව්‍යුහාකාර අනුව සතරාකාර වේ.
* කොකුස
"https://si.wikipedia.org/wiki/බැක්ටීරියා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි