"නොබැඳි ජාතීන්ගේ සංවිධානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ලිපියට කරුණු එක් කිරීම
ලිපියට කරුණු එක් කිරීම
22 පේළිය:
 
'''නොබැඳි ජාතීන්ගේ සංවිධානය''' ('''NAM''') යනු ලොව බල කඳවුරු සමග රූපාත්මකව තදින් බැඳීම හෝ එරෙහි වීම හෝ නොවීම සඳහා පිහිටුවා ගත් රාජ්‍යයන් සමූහයක එකමුතුවකි. 2012 වසර වන විට සංවිධානය සතුව සාමාජික රාජ්‍යයන් 120 දෙනෙකු සහ නිරික්ෂක රාජ්‍යයන් 17 ක් විය.<ref name=members>[http://www.nam.gov.ir/Portal/Home/Default.aspx?CategoryID=27f3fbb6-8a39-444e-b557-6c74aae7f75f "NAM Members & Observers"]. 16th Summit of the Non-Aligned Movement, Tehran, 26–31 August 2012. Retrieved 24 August 2012.</ref>
 
නොබැඳි ජාතීන්ගේ සංවිධානය 1961 වසරේ [[බෙල්ග්‍රේඩ්]]හීදී නිල වශයෙන් පිහිටුවා ගන්නා ලදී. සංවිධානය පිහිටුවීම සඳහා ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍ය, [[ජවහර්ලාල් නේරු]]; ඉන්දුනීසියාවේ ප්‍රථම ජනපති, [[සුකර්ණෝ]]; ඊජිප්තුවේ දෙවන ජනපති, Gamal Abdel Nasser; ඝානාවේ ප්‍රථම ජනපති ක්වාමේ න්කෘමාහ්; සහ යුගෝස්ලෝවියාවේ ජනපති, Josip Broz Tito යන නායකයින් මගපෙන්වූ බව සඳහන් වෙයි. දෙවන ලෝක යුද්ධය අවසන්ව [[සීතල යුද්ධය]] ඇරඹීමත් සමග [[සෝවියට් දේශය]] සහ [[ඇමරිකාව]] ලෝකයේ බල කඳවුරු දෙකක් වශයෙන් නැගී සිටීමත්, ඔවුන් විසින් ලොව අනෙකුත් නව නිදහස් ජාතීන් සිය කඳවුරු වෙත හරවා ගැනීමට උත්සාහ දැරීම නිසාත්, ඉන් එකදු බල කඳවුරකටවත් ගැති නොවී තම රටේ සුබ සිද්ධියට අදාලව ස්වාධීන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තුන්වන ලෝකයේ ජාතීන්ට උවමනා වූ අතර, ඒ වෙනුවෙන් සකසා ගත් ස්වාධීන ප්‍රතිපත්ති අනුගමනය කිරීම, නොබැඳි පිළිවෙත නම් වේ.
 
==නොබැඳි ජාතීන්ගේ සමුළුවාරයන්==
"https://si.wikipedia.org/wiki/නොබැඳි_ජාතීන්ගේ_සංවිධානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි