"උෂ්ණත්වය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 95 interwiki links, now provided by Wikidata on d:q11466 (translate me)
සංස්
2 පේළිය:
 
 
'''උෂ්ණත්වය''' උණුසුම හා සීතල හඟවන පද්ධතියක වූ භෞතික ගුණයකි. උණුසුම් දේවල්වල සාමාන්‍යයෙන් වඩා ඉහළ උෂ්ණත්වයක් පවතී. විශේෂයෙන් උෂ්ණත්වය යනු ද්‍රව්‍යයකට අදාල ගුණාංගයකි. උෂ්ණත්වය යනු තාප ගති විද්‍යාවේ ප්‍රධාන පරාමිතීන්වලින් එකකි. අන්වීක්ෂීය පරිමාණය මත උෂ්ණත්වය අර්ථ දක්වනුයේ සුචලන අංකයට පද්ධතියේ තනි අංශුවක අන්වීක්ෂීය චලිතයේ සුචලනය අංක 1ට මධ්‍යන්‍ය චාලක ශක්තිය ලෙසයි. මහේක්ෂ පරිමාණයේ දී උෂ්ණත්වය යනු අද්විතීය භෞතික ගුණයක් වන අතර එය තාපජ ස්පර්ශක තබා ඇති වස්තු දෙකක් අතර තාපය ගැලීමේ දිශාව නිර්ණය කරයි. තාප ගැලීමක් සිදු නොවේ නම් වස්තු දෙකට සමාන උෂ්ණත්වයන් පවතී. එසේ නොමැති නම් උණුසුම් වස්තුවේ සිට සිසිල් වස්තුව දෙසට තාපය ගලා යයි. මෙම මූලික සංකල්පයන් දෙක පිළිවෙලින් තාපගති විද්‍යාවේ ශුන්‍යාදී නිය‍මයේ සහ තාප ගති විද්‍යාවේ දෙවන නියමයේ සදහන් කෙ‍ෙරයි. ඝන සදහා මෙම අන්වික්ෂීය චලිතයන් යනු ප්‍රධාන වශයෙන් ඝනය තුළ ඒවායේ පරමාණු ඒවායේ මධ්‍ය පිහිටීම වටා සිදුකරන කම්පනයයි. ඒක පරමාණුක උච්ච වායු සදහා අන්වීක්ෂීය චලිතයන් යනු සංඝටක වායු අංශුවල උත්තාරණ චලිතයන් වේ. බහු පරමාණුක වායු සදහා කම්පන හා වෘත්තයක චලිතයන් දෙකම ඇතුළත් විය යුතුය.
 
විවිධ වූ උෂ්ණත්ව පරිමාණවලින් ක්‍රමාංකිත උෂ්ණත්වමාන මඟින් උෂ්ණත්වය මනිනු ලැබේ. ලෝකයේ බොහෝ රටවල (එක්සත් ජනපදය , ජැමෙයිකාව හා තවත් රටවල් කිහිපයක් හැර) බහුලව උෂ්ණත්ව මැනීම සදහා සෙල්සියස් පරිමාණය භාවිතා කරයි. විද්‍යාත්මක ලෝකයේ දී (එක්සත් ජනපදය ඇතුළත්ව) සෙල්සියස් පරිමාණය භාවිතයෙන් උෂ්ණත්වය මනින අතර තාපගතික උෂ්ණත්වය කෙල්වින් පරිමාණය භාවිතයෙන් මනිනු ලබයි. මෙහිදී සෙල්සියස් උෂ්ණත්වය කෙල්වින් උෂ්ණත්වය මගින් ගත් කළ oK = -273.150C හෝ නිරපේක්ෂ ශූන්‍ය වේ. එක්සත් ජනපදයේ උසස් තාක්ෂණික ඉංජිනේරු ක්ෂේත්‍රවල ද සෙල්සියස් හා කෙල්වින් පරිමාණ යොදා ගැනේ. කෙසේ නමුත් එක්සත් ජනපදය යනු තවමත් බහුතරයක් ගෘහස්ත ජනතාව , කර්මාන්ත හා කාළගුණික කටයුතු හා රජය විසින් ෆැරන්හයිට් අංශක උෂ්ණත්ව පරිමාණය භාවිතා කරන අවසාන ප්‍රධානතම රටයි. එක්සත් ජනපදයේ වෙනත් ඉංජිනේරු ක්ෂේත්‍රවලදී යෙදෙන , දහනය වැනි තාපගති විද්‍යාවට සම්බන්ධ කාර්යයන්වලදී රැන්කින් පරිමාණය (වෙනස් කළ ෆැරන්හයිට් පරිමාණය) භාවිතා කරයි.
"https://si.wikipedia.org/wiki/උෂ්ණත්වය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි