"එක්සත් ජාතික පක්‍ෂය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
11 පේළිය:
website = |
}}
'''යු.එන්.පී.''' හෝ '''එ.ජා.ප.''' ලෙස බොහෝවිට හැඳින්වෙන '''එක්සත් ජාතික පක්ෂය''' [[English Language|ඉංග්‍රීසි]]: United National Party (ශබ්ද නැගීම ''යුනයිටඩ් නැෂනල් පාටි'' ), [[Tamil language|දෙමළ]]: ஐக்கிய தேசியக் கட்சி (ශබ්ද නැගීම ''ඓක්කීය දේසීය කච්චි'' ), [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] ප්‍රධාන [[දේශපාලන පක්ෂය]] කි . [[රනිල් වික්‍රමසිංහ]] ගේ නායකත්වය යටතේ මෙම පක්ෂය දැනට [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] ප්‍රධාන විපක්ෂය ලෙස ක්‍රියාකරයි . දකුණට බර, ව්‍යාපාරිකයනට හිතැති ප්‍රතිපත්තියක් අනුගමනය කරන පක්ෂයක් ලෙස එ. ජා. ප. සැලකේ.
 
[[2004]] [[අප්‍රේල් 2]] දින පැවැත්වූ, ශ්‍රී ලංකාවේ [[ව්‍යවස්ථාදායකය]] සඳහා වූ අවසන් [[ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක මැතිවරණය, 2004|මැතිවරණ‍යෙහි]] දී, මහජන ඡන්දයෙන් 37.8% හා පාර්ලිමේන්තුවේ ආසන 225 අතුරින් 82 ක් දිනා ගැනීමට සමත් වූ [[එක්සත් ජාතික පෙරමුණ]] හි ප්‍රමුඛ කොටස් කරු වූයේ එ. ජා. ප. යයි. ඡන්දයෙන් 45.60% ක් දිනා ගත් වාමාංශයට බර පක්ෂ එකමුතුවක් වන [[එක්සත් ජනතා නිදහස් සන්ධානය]] ට පමණක් එය දෙවැනි විය . ඉහතදී 2001 දෙසැම්බර සිට 2004 අප්‍රේල් දක්වා, එයට ආසන 109 ක් හිමි ව තිබියදී, රනිල් වික්‍රමසිංහ [[අගමැති]] තනතුරෙහි හොබවා තබමින් පාර්ලිමේන්තුවෙහි බහුතතරය භුක්ති විඳීමට එ. ජා. පෙරමුණ ට හැකි විය. මින් ඉහතදී 1947 සිට 1956 දක්වාද, 1965 සිට 1970 දක්වා සහ 1977 සිට 1994 දක්වාද ආණ්ඩු පක්ෂය ලෙස හෝ ආණ්ඩු පක්ෂ එකමුතුවක කොටස් කරුවෙකු ලෙස හෝ රාජ්‍ය පාලනය සිදුකිරීමට එ. ජා. ප. සමත් වී ඇත. (ඉහතදී ලංකාව ලෙස හැඳින්වුනු) ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ගතවූ වසර 59 අතුරින් මුළුමනින් වසර 33 ක කාලයක් තුල රට පාලනය කිරීමට එ. ජා. ප. යට වරම් ලැබී ඇත. 1978 දී ස්ථාපිත විධායක [[ශ්‍රී ලංකාවේ ජනාධිපති | ජනාධිපතිධූරය]] 1994 දක්වා හැසිරවීමටද එ. ජා. ප. යට හැකි විය.
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජාතික_පක්‍ෂය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි