"අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
 
ඇමරිකානු සමාජය තුල අප්‍රිකානු ඇමරිකානුවනට හිමි ස්ථානය අවුරුදු ගණනාවක් තුල වෙනසකට භාජනය වී ඇති අතර අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යයේ කේන්ද්‍රය වී ඇත. 'සබ්ජර්න් ඔෆ් ස්ලේව් නැරටෙම්වස්' හි සදහන් කර ඇති ආකාරයට ඇමරිකානු සිවිල් යුද්ධයට පෙර අප්‍රිකානු ඇමරි‍කානු සාහිත්‍යය මුලික වශයෙන් ඉලක්ක ගිත වුයේ වහල් ජනතාවයග් ප්‍රශ්න පිළිබදවය. 20 වැනි හතවර්ෂ‍යත් සමගම ඩබ්ලිව්. ඊ.බී ඩ්‍රබොයිස් සහ බ්‍රකර් ටී වොශින්ග්ටන් වැනි ලේඛකයින්ගේ ග්‍රන්ථ මගින් ඇමරිකන් ජනපදයේ වර්ගවාදය පිළිබිද හැගීම් අභියෝග කරනවාද හෝ සතුටු කරනවාද ය්න්න පිළිබද තර්ක ඉදිරිපත් කළේය. ඇමරිකන් සිවිල් ව්‍යාපාර තුළින් රිචඩ් රයිට් සහ ග්වෙන්ඩොලින් බ්‍රාක්ස් වැනි කතුවරැන් ජාතිවාද වෙන් කිරිම් පිළිබිදව හා කථා දේශානුරාගය පිළිබද රචනා කළේය. ඉතා ඉහළ අලෙවියක් සහ සම්මානය දිනු අලෙක්ස් හාලි විසින් රචිත 'ද සාග ඔෆ් ඇමරිකන් ෆැමිලි' ඇලිස් වෝකර් විසින් රචිත ද කලර් පර්ෂල් බ්ලවස් විසින් රචිත 'ටෝනි මැරිසන් ' යන ග්‍රන්ථ මගින්, වර්තමානයේ අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය, ඇමරිකානු සාහිත්‍යයේ වැදගත් කොටසක් බවට පිළිගෙන තිබේ.
==පශ්චාත් වහල් යුගය==
වහල් සේවය අවසාන කිරීමෙන් පසු සහ ඇමෙරිකානු සිවිල් යුද්ධයෙන් පසු අප්‍රිකානු ඇමෙරිකන් ලේඛකයින් විසින් අප්‍රිකානු ඇමෙරිකානුවන්ගේ තත්වය ගැන ප්‍රබන්ධයන් නොවන කෘතින් ලීවිම ආරම්භ කළහ.
 
මෙම ලේඛකයින් අතරින් W.E.B බොයිස් (1868 - 1963) නම් NAACP යෙහි මුල්ම ආරම්භකයා ප්‍රමුඛත්වය ගත්තේය. ශතවර්ෂය අවසාන වන විට බොයිස් ඔහුගේ ‘ද සවුල්ස් ඔෆ් බ්ලැක් ෆෝල්ක්’ නැමැති රචනා එකතුවක් ප්‍රසිද්ධියට පත් කළේය. වර්ගවාදය ගැන කරුණු අඩංගු වූ එම ග්‍රන්ථයෙහි අප්‍රිකානු ඇමෙරිකානුන්, ඇමෙරිකානු සමාජය තුළ ජීවත්වූයේ කෙසේද යන්න පිළිබඳ ඩුබොයිස්ගේ පෞද්ගලික අත්දැකීම් ඇතුළත් විය. මෙම ග්‍රන්ථයෙහි ඩුබොයිස්ගේ ප්‍රසිද්ධ කියමනක් වූ “විසිවෙනි ශත වර්ෂයේ අර්බුදය නම් වර්ණහේදය පිළිබඳ අර්බුදයයි” යන්න අඩංගු වේ. අගතියට හා අසමානත්වයට එරෙහි සටන් කිරීමට අප්‍රිකානු ඇමෙරිකානුවන් එක්ව වැඩ කළ යුතුය යන්න ඔහුගේ විශ්වාසය විය.
 
මෙම යුගයේ සිටි තවත් ග්‍රන්ථ කතුවරයෙකු වූයේ බුකර්.ටී.වොෂින්ටන්ය (1856-1915). ඔහු කිහිප ආකාරයකින් ඩු බොයිස්ගේ අදහස් වලට ප්‍රතිවිරුද්ධ අදහස් නියෝජනය කළේය. වොෂින්ටන් අධ්‍යාපනඥයෙකු වූ අතර ඇලබාමා හි කලු ජාතික විද්‍යාලයක් වූ ටස්කෙජි (Tuskegy) හි ආරම්භකයාද වූයේය. ප්‍රසිද්ධියට පත් වූ ඔහුගේ කෘතින් වලින් කිහිපයක් නම් අප් ෆ්‍රොම් ස්ලේවරි (1901) ද ෆ්‍යුචර් ඔෆ් ද ඇමෙරිකන් නීග්‍රෝ (1899) ටස්කෙජි ඇන්ඩ් ඉට්ස් පීපල් (1905) සහ මයි ලාජර් එඩියුකේෂන් (1911) ය. ඇමෙරිකාව තුළ වර්ණභේදය තුරන් කිරීම සඳහා සටන්කාමී ආකල්ප දැරූ ඩු බොයිස් මෙන් නොව වොෂින්ටන් දැරුවේ ප්‍රතිවිරුද්ධ අදහසකි. වර්ණභේද වාදය තුරන් කිරීමට පළමුව කලු ජාතීන් සුදු ජාතීන්ගේ මට්ටමට දියුණු විය යුතු බව ඔහුගේ අදහස විය. එම යුගයේදි වොෂින්ටන්ගේ මෙම අදහස කලු ජාතිකයින් අතර (සුදු ජාතිකයින් අතලොස්සක් අතරද) ජනප්‍රිය වූ අතර ඔහුගේ දේශපාලන දර්ශනය පසු කලෙක යල් පිනු තත්වයට පත් විය.
 
මෙම කාලය තුල ජනතා අවධානයට ලක් වූ තුන්වැනි ලේඛකයා ජැමෙයිකානු ජාතික චර්කූස් ශාවේ (1887-1940) නැමැත්තාය. එක්සත් ජනපද පුරවැසියෙකු නොවු ඔහු පුවත්පත් ප්‍රකාශකයෙක්, පත්‍ර කලාවේදියෙක් සහ ඔහුගේ සංවිධානයක් වූ UNIA හරහා ඇමෙරිකන් අප්‍රිකානු වාදය සඳහා සටන් කළ අයෙකු ද විය. තමන්ගේ පාරම්පරික මව්බිම කෙරෙහි සුබවාදීව බැලීම සඳහා අප්‍රිකානු සම්භවයක් සහිත ජනතාව ධෛර්යමත් කළේය. ඔහු න්‍රීග්‍රෝ වර්ල්ඩ් නම් පුවත්පතට මෙම කරුණු මුල් කර ගනිමින් කතු වැකි ලීවේය. ඔහුගේ ප්‍රබන්ධයන් විධියට නොගැනෙන කෘතින් හා දේශපාලන වල අඩංගු වූ කරුණු ඔහුගේ දෙවැනි බිරිඳ වූ ඇම්. ජැකුවේ ගාර්වේ විසින් Philosopphy abd Opinion of Marcus Garvey නැතහොත් Africa for the Africans (1924) සහ More Philosophy and Opinions of Marcus Garvey (1977) යන නම් වලින් සංග්‍රහ කොට ප්‍රසිද්ධියට පත් කළාය.
 
සමකාලීන ග්‍රාමීය කලු භාෂා ශෛලියෙන් බොහෝ විට ලියු පෝල් ලෝරන්ස් ඩන්බාර් ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත් පළමු අප්‍රිකානු ඇමෙරිකන් කවියාය. ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය Oak and lvy 1983 වර්ෂයේ පල විය. ඔහුගේ When malindy sings (1906) වැනි ඩන්බාර්ගේ බොහෝ කෘතින් වලට හැම්ප්ස්ටන් ඉන්ස්ටිටියුට් කැමරා ක්ලබ් සහ ජොගින් ආර්ලෝන්ග් විසින් ගන්නා ලද ඡායාරූප ඇතුලත් විය. මෙම ඡායාරූප වලින් එම යුගයේ අප්‍රිකානු - ඇමෙරිකන් ගැමි ජිවිතය පිළිබිඹු කෙරුනි. තරුණ කාලයේදීම ඔහු මිය ගිය නමුත් ඔහු අති සාර්ථක කවියෙකු රචකයෙකු, නවකථාකරුවෙකු මෙන්ම කෙටි කථාකරුවෙකුද විය. (ඔහුගේ නවකථා අතරට The Uncalled, 1898 සහ The fanatics 1901ද ගැනේ)
 
ඩු බොයිස්, වොෂින්ටන් සහ ගාර්වේ යන තිදෙනා ප්‍රධාන පෙලේ අප්‍රිකානු ඇමෙරිකානු බුද්ධිමතුන් මෙන්ම එම යුගයේ ග්‍රන්ථ කතුවරුන් වූවත් ඒ අතර ප්‍රසිද්ධියට පත් වූ වෙනත් අප්‍රිකානු ඇමෙරිකානු ලේඛකයින්ද වූහ. මොවුන් අතර චාර්ලිස් ඩබ්ලිව්.චෙස්නට් නම් ලේඛකයාද එක් අයෙකි.
 
 
== හාලෙම් පුනරුදය ==
හාලෙම් පුනරුදය ක්‍රි.ව 1920 සිට 1940 දක්වා අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍යය කෙරෙහි නව අවධානයක් ඇති කරලීය. හාලෙම් පුනරුදයට පාදක වුයේ අති විශාල සංස්කෘතිකමය හා සමාජීය වර්ධනයක් සහිත නිව්යෝර්ක් හි හාලෙම් හි ජන සමාජයයයි. මෙයට නොයෙක් කළු ජාතික ‍කළාකරුවෝ, සංගීතඥයෝ සහ තවත් සම්භාව්‍ය කළාකෘති (ජෑස් හා වේදිකාව ඇතුලත්ව) අයත් විය. මෙම පුනරුදය වඩාත්ම ප්‍රචලිත වූයේ එයින් බිහි වූ සාහිත්‍යය නිසා යැයි සැලකේ.
"https://si.wikipedia.org/wiki/අප්‍රිකානු_ඇමරිකානු_සාහිත්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි