"කෘෂිකාර්මික ප්‍රතිපත්ති" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
21 පේළිය:
 
පෞද්ගලික ක්‍රියාකාරකම් තුළින් සමහර අවස්ථා වලදී අනෙකුත් පාර්ශවයන්ට සමාජ පිරිවැය දැරීමට සිදුවන බව ශුභ සාධන ආර්ථික න්‍යායෙන් පෙන්වා දෙයි. කාලීන කෘෂිකර්මය පලිබෝදනාශක දුෂණය හා නයිට්‍රේට් දුෂණය (Nitrate Pollutiol) හරහා සමාජ පිරිවැය ඇති කරයි. මීට අමතරව කෘෂිකර්මය විශාල ජලය ප්‍රමාණයක් භාවිතා කිරීමත් දුර්ලභ සම්පත් භාවිතා කිරීමත් මෙම තත්ත්වය තවත් ත්‍රීව කරයි. පලිබෝධ නාශක අඩු වශයෙන් භාවිතා කරන සහ නයිට්‍රේට් අඩු වශයෙන් පිට කරන කෘෂිකාර්මික කටයුතු සදහා බදු සහන ලබා දිය යුතු බව සමහර ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙයි. මෙවැනි කෘෂිකාර්මික කටයුතු සහනාධාර වලින් ශක්තිමත් කළයුතු බව ඔවුන්ගේ අදහසයි. 2002 වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපදයේ වාර්ෂික සහනාධාර වලින් 65% ක් එනම් දළ වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 16.5% ක් ඉහළම සිටින ගොවීන් 10% ක් අතරේ බෙදී යයි. එයට හේතුව සහනාධාර නිෂ්චිත පාරිභෝගික භාණ්ඩ හා සම්බන්ධ වී පැවතීමයි. අනික් අතින් කාබනික කෘෂිකර්මාන්තය සදහා උදවු වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 5 ක් ද අවුරුදු 5 ක කාලසීමාවක් සදහා වු පර්යේෂණ සදහා ඇමරිකන් ඩොලර් මිලියන 15 ක් ද ලබාදී ඇත.
 
==ආර්ථික ප්‍රතිපත්ති පාදක කරගත් ප්‍රතිපත්තිමය උපාය මාර්ග==
එක් එක් රාජ්‍යයන් දේශීය නිෂ්පාදන ධෛර්යමත් කිරීම සඳහා සහනාධාර ගෙවයි. නිෂ්පාදන වෙළඳ පොළෙහි නිදහස් වෙළදාම වෙනස් කිරීම සඳහා එවැනි සහනාධාර ගෙවීම් අවශ්‍ය වෙයි. මෙම වන්දි මගින් නිෂ්පාදකයින්ගේ ඇතැම් නිෂ්පාදන වියදම් රජයට මාරු කරයි. එසේ කරන්නේ එම නිෂ්පාදනවල වෙළඳපොළ මිළ පවත්වා ගැනීම සඳහාය. ලෝක මිළ අඩු කිරීමට දුන් බටහිර ආහාර සහනාධාරය ඩොලර් මිලියන 360 ක නාස්තියක් විය. දශක ගණනාවක් තිස්සේ තුන්වැනි ලෝකය එහි ප්‍රධාන නිෂ්පාදනය වූ ආහාර සඳහා උපයාගෙන ඇත්තේ නිදහස් වෙළඳපොළ මිලෙන් භාගයක් පමණි. පාරිභෝගික ද්‍රව්‍යය සඳහා දෙන සහනාධාර වෙළඳපොළ වෙනස් කිරීමට යොදා ගත හැක.
 
==මිළ පාලනය==
 
මිළ පහළ යාම සහ ඉහළ යාම නිෂ්පාදනයක අඩුම මිළ හා උපරිම මිළ නියම කරයි. මිළ පාලනයෙන් නිදහස් වෙළඳපොලේ ප්‍රතිඵල වෙනස් වේ. මිළ පහළ දැමීමෙන් පරිභෝජනය වැඩි වී භාණ්ඩ නිෂ්පාදනය වැඩි වීම දිරිමත් කරයි. ඉහළ දැමීමෙන් භාණ්ඩ පරිභෝජනය සීමා කෙරේ. මේ නිසා පහත සඳහන් ප්‍රථිඵල ඇති වේ.
 
1) වෙළඳාම බාධා ඇති වීම
 
2) තහනම් කරන ලද ක්‍රමයට මිළ දී ගැනීම සහ විකිණීම - පාලනය යටතේ ඔවුන් විකුණන බැවින් අනියම් ආකාරයට බෙද‍ා හැරීම කරති.
 
3) අඩු හුවමාරුව - මෙය සිදුවන්නේ ඉහත කී පාලනය හේතුවෙනි.
 
4) අතිරික්තය - මිළ පහළ බැසීම
 
5) හිඟය - මිළ ඉහළ යාම
 
==ආනයන තහංචි==
 
ආනයනය ද්‍රව්‍යය ඒම වැළැක්වීම සඳහා රජයකට වෙළඳ තහංචි දැමිය හැකිය‍. එසේ නැතහොත් ආනයන බඩුවල දේශීය මිළ ඉහළ දැමීමට නීති පැනවිය හැක. මෙසේ කිරීම දේශීය නිෂ්පාදකයින්ට පක්ෂපාතී වීමකි.
 
Reference:
"https://si.wikipedia.org/wiki/කෘෂිකාර්මික_ප්‍රතිපත්ති" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි