"නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: gd:Lagh
No edit summary
1 පේළිය:
[[ගොනුව:JMR-Memphis1.jpg|thumb|300px|right|]]
[[ගොනුව:Law_Policy.jpg|right|200px]]
[[Image:JMR-Memphis1.jpg|thumb|Lady Justice,ධර්මාධිකරණයේ සංකේතයයි ]]
 
== හැඳින්වීම ==
'''නීතිය''' යන්නට නිශ්චිත අර්ථකථනයක් නැත. නීතිය යනු කුමක්ද යන්නට ලැබෙන පිළිතුර පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව වෙනස් වේ. නීතිය පිළිබඳව දක්වන අදහස් වලට අනුව එය ප්‍රධාන කොටස් හතරකට බෙදේ.
 
ආයතන ගණනාවක් මඟින් පනවනු ලබන රීතීන් පද්ධතියක් නීතිය ලෙස හැඳින්වේ. එය විවිධාකාරයෙන් දේශපාලනය ආර්ථිකය සහ සමාජය හැඩ ගස්සවයි. ගිවිසුම් නීතිය බස් ටිකට් පතක් මිල දී ගැනීමේ සිට කොටස් වෙළඳ පොලේ කොටස් හුවමාරු කිරීම දක්වා සියලු දේ දේපළ නීතිය මඟින් පුද්ගලික සහ නිශචල දේපළ පැවරීම සහ හිමිකම සම්බන්ධ අයිතීන් සහ බැඳීම් විස්තර කරනු ලබයි (නිවසක් කුලියට දී ම හෝ උකස් කිරීම). භාර නීතිය ආයෝජන සහ මූල්‍යමය සුරක්ෂිතභාවය සඳහා දේපළක අයිතිය දරා සිටිම (විශ්‍රාමික අරමුදල) ද සිවිල් වැරදි නීතිය යම් පුද්ගලයෙකුට තුවාල සිදු වීම හෝ දේපළමට හානි කිරීම වන්දි බලා ගැනීමට අවකාශ සලසයි. එලෙස හානි සිදු කිරීම දණඩ නීතියේ දක්වා ඇත්නම් අපරධකරුට එරෙහිව රජය විසින් නඩු පවරා දඬුවම් නියම කරනු ලබයි. ආණ්ඩක්‍රම ව්‍යවස්ථා නීතිය මඟින් නීති සෑදීම, ජනතාවගේ මානව අයිතිවාසිකම් සහ දේශපාලන නියෝජිතයන් තෝරා පත්කර ගැනීම, සඳහා රාමුවක් සැපයයි. පරිපාලන නීතිය රාජ්‍යය පරිපාලන ආයතන සම්බන්ධ කටයුතු සඳහා ද ජාත්‍යන්තර නීතිය ස්වෛරී රාජ්‍යයන් අතර වෙළඳාමේ, පරිසරයේ සිට හමුදාමය ක්‍රියා මාර්ග දක්වා කටයුතු හසුරුවනු ලැබේ. ශ්‍රේෂ්ඨ ගී්‍රක දාර්ශනික ඇරිස්ටෝටල් පැවසූවේ නීතියේ පාලනය තනි පුද්ගලයකුගේ පාලනයට වඩා හොඳ බවයි. නීත්‍යානුකූල අයිතිචාසිකම් සහ වගකීම් ලොව පුරා පවතින නීති පද්ධතීන් මඟින් විවිධාකාරයෙන් විස්තර කොට ඇත. ප්‍රධානතම වෙනස වන්නේ සිවිල් නීති සහ පොදු නීති සම්ප්‍රදායන්ගේ විනිශ්චයන් හී දීය. සමහර රටවල් වල නීතිය ආගමික මුල ග්‍රන්ථ මත පදනම් ව ඇත. විශාරදයන් නීතියේ සම්භවය සබන්ධයෙන් නීති ඉතිහාසය, දර්ශනවාදය, සමාජ විද්‍යාත්මක වැනි විවිධ දෘෂ්ටි කෝණයන් ඔස්සේ පර්යේෂණ සිදු කරන ලදී. නීතිය පිළිබඳ සිදු කරන ලද අධ්‍යයනයන් ට අනුව සමානත්වය, සාධාරනත්වය සහ යුක්තිය සම්බන්ධයෙන් නැඟෙන ප්‍රශ්ණ සරල ඒවා නොවේ. නීතියේ වැදගතාම ආයතන වන්නේ අධිකරණය, ව්‍යවස්ථාදායකය, විධායකය, එහි නිලධාරීන් කාර්්‍යය මණ්ඩලය, හමුදව, පොලීසිය, නීති වෘත්තිය සහ සිවිල් සමාජයයි.
== නීතිය පිළිබඳව දක්වන අදහස් ==
 
ඒ අනුව එය ප්‍රධාන කොටස් හතරකට බෙදේ.
# ස්වාභාවික නීති ගුරුකුලය (''Natural Law School'')
# නෛතික ප්‍රත්‍යක්ෂවාදි ගුරුකුලය (''Legal Positivistic School'')
Line 8 ⟶ 15:
# සමාජ විද්‍යාත්මක ගුරුකුලය (''Sociological School'')
 
ඉහත ගුරුකුල හතර නීතිය පිළිබඳව ප්‍රධානවම අදහස් දක්වන ගුරුකුල වන අතර මීට අමතරව අදහස් දක්වන පශ්චාත් නූතනවාදය,පරිපූර්ණ නීති න්‍යාය, කාන්තාවාදය ආදී විවිධ ගුරුකුලයන් ද දක්නට ඇත.
 
== නීතියේ ඉතිහාසය ==
 
[[Image:Milkau_Oberer_Teil_der_Stele_mit_dem_Text_von_Hammurapis_Gesetzescode_369-2.jpg|thumb|හමුරාබි රජු නීති සංග්‍රහය ප්‍රකාශ කරන අයුරු දැක්වේ ]]
 
නීතියේ ඉතිහාසය මානව ශිෂ්ටාචාරයේ සංවර්ධනය සහ ඉතා සමීපව බැඳී පවතී.පුරාණ ඊජිප්තු නීතිය ක්‍රි.පූ. 3000 තරම් ඈත අතීතයක් දක්වා දිවෙන අතර එය මාට් නමින් හැඳින්වුණු සංකල්පයක් මත පදනම්ව ඇත. පාරම්පරික අලංකාරෝක්ති සහිත දේශන, සමාජ සමානාත්මතාවයන්, සහ අපක්ෂපාතීත්වය යන ලක්ෂණයන් අන්තර්ගත ව ග්‍රන්ථ දොළහකින් යුත් සිවිල් නීති සංග්‍රහයකින් සමන්විත විය. ක්‍රි.පූ. 1760 දී පමණ හමුරාබි රජු සමයේ දී පුරාණ බැබිලෝනියානු නීතිය සංග්‍රහගත කොට ගල් පුවරුවක කැටයම් කර මහජනතාවට දැක ගැනීම සඳහා පොදු ස්ථානයක තබන ලදී. කෝඩෙක්ස් හමුරාබි නමින් හැඳින්වීය. කෙසේ නමුත් ඊජිප්තු නීතිය සේම ඉතිහාසඥයින් විසින් කොටස් වශයෙන් එකතු කර ගන්න ලද නඩු වාර්තා කාලයාගේ අවෑමෙන් අස්ථානගතවී ඉතිරිව ඇත්තේ ස්වල්පයක් පමණි. පසු කාලීනව බිහිවූ ශිෂ්ටාචාර කෙරෙහි මේවායින් ඇති වූ බලපෑම ඉතා අල්පය. ක්‍රි. පූ. 1280 තරම් ඇත කාලයකදී බිහි වූ පුරාණ ගිවිසුම නව නීති පද්ධතීන් සඳහා තවමත් අදාළ වන පැරණිතම නීතිය විය හැකිය. එහි යහපත් සමාජයක් සඳහා නිර්දේශ ලෙස අත්‍යාවශ්‍යයෙන්ම අන්තර්ගත විය යුතු සදාචාරයන්ගෙන් සමන්විත විය. කුඩා ග්‍රීක පෞර රාජ්‍යයක් වූ පුරාණ ඇතෑන්ස් නගරය ක්‍රි.පු. 8 වැනි සියවසේ දී පමණ පුරවැසි සංකල්පය පුළුල් ලෙස ඇතුළත් වූ ප්‍රථම සමාජය වූ අතර එම තත්ත්වයෙන් කාන්තාවන් සහ වහලුන් බැහැර කර තිබිණි. නමුත් පුරාණ ග්‍රීක නීතිය ප්‍රජාතන්ත්‍රවාදයේ වර්ධනයට දායක වූ නව ව්‍යවස්ථාපිත සොයා ගැනීම් වලින් යුක්ත විය.
 
ග්‍රීක ඉගැන්වීම් රෝම නීතිය සඳහා තදින්ම බලපා ඇත. එය සියවස් ගණනාවක් මුළුල්ලේ රෝම අධිරාජ්‍යයේ නැගීම සහ බැසීම අතරතුර කාලයේදී වර්තමාන ලෝක නීතිය සඳහා තනන ලද පාලමක් වැනිය. පළමුවන ජස්ටීනියන් අධිරාජ්‍යාගේ සමයේ දී රෝම නීතිය Theodosius II , Justinian I නමින් සංග්‍රහගත කරවන ලදී. එය අඳුරු යුගයේ දි අස්ථානගත වී 11 වැනි සියවසේ දී නැවත සොයාගනු ලැබීය. මධ්‍යකාලීන නීති විශාරදයන් තම මතවාදයන් යොදාගෙන රෝම නීති සංග්‍රහයන් පිළිබඳ පර්යේෂණයන් සිදු කළහ. මධ්‍යකාලීන එංගලන්ත රජුගේ බලවත් විනිසුරුවන් විසින් පොදු නීතිය බවට පත් කරන ලද පූර්වගාමී ව්‍යුහයක් වර්ධනය වීම ඇරඹිණි. නමුත් යුරෝපය පුරා Law Merchant(වෙළෙඳ නීතිය) බිහිවීමත් සමඟම වෙළෙන්ඳන්හට හුරුපුරුදු සම්මතයන්ට අනුව කටයුතු කළ හැකි විය. Law Merchant නව වෙළෙඳ නීතියේ පූරෝගාමිය වන අතර එමඟින් ගිවිසුම් නිදහස සහ දේපළ පැවරීම පිළිබඳ අවධානය යොමු කරන ලදී. 18 සහ 19 වැනි සියවස්වල දී සිදු වූ ජාතිකත්වයේ වර්ධනයත් සමඟම Law Merchant නව සිවිල් නීති සංග්‍රහ ලෙස නීති ගත කරන ලදී. ප්‍රංශ නැපෝලියන් සංග්‍රහයේ බලපෑම තදින්ම දැනෙන්නේ ජර්මනියටය. නඩු තීන්දු ගණනාවකින් සමන්විත වන එංගලන්තයේ පොදු නීතිය මෙන් නොව මෙම නීති සංග්‍රහයන් කුඩා ග්‍රන්ථවල අන්තර්ගත කොට ඇති නිසා විනිසුරුවන් හට ඒවා භාවිතය ඉතා පහසුය. කෙසේ වෙතත් වර්තමානයේ සිවිල් සහ පොදු නීතිය අභිසරනය වෙමින් පවතී. යුරෝපා සංගම් නීතිය ගිවිසුම් මඟින් සංග්‍රහ ගතකොට යුරෝපා අධිකරණයේ පූර්වගාමී නඩු තීන්දු මඟින් වර්ධනය වේ.
 
පුරාණ ඉන්දියාවේ සහ චීනයේ වඩා වෙනස් වූ නීති සම්ප්‍රදායන් නියොජනය කරන ඓතිහාසික ව ස්වාධීන නීතිමය සිද්ධාන්ත සහ භාවිතයන් පැවතුණි. ක්‍රි. පූ. 100 දී පමණ සම්පාදිත අර්ථ ශාස්ත්‍රය සහ ක්‍රි.පූ. 100 සහ 300 අතර කාලයේ සම්පාදිත මනුස්මෘතිය ඉන්දියාව තුළ භාවිතා වූ මූලික ග්‍රන්ථයන් වූ අතර ඒවා බලය ලත් නීති මඟපෙන්වන්නන් ලෙස සලකන ලදී. මනුගේ කේන්ද්‍රීය දර්ශනය වූ සාධාරණත්වය සහ බහුත්වවාදය අග්නි දිග ආසියාව දක්වා පැතීරුණි. ඉන්දියාව බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයේ කොටසක් බවට පත්වූ පසු මෙම හින්දු සම්ප්‍රදායත් ඉස්ලාමීය නීතියත් වෙනුවට පොදු නීතිය ආදේශ විය.
 
== ස්වාභාවික නීති ගුරුකුලය ==
Line 33 ⟶ 51:
නියමිත අර්ථකථනයක් නොමැති බවත් එය පුද්ගලයාට, සමාජයෙන් සමාජයට, රාජ්‍යයෙන් රාජ්‍යයට වෙනස් වන බව පෙනේ.
 
== අධිකරණය ==
 
[[Image:Public_hearing_at_the_ICJ.jpg|thumb|අන්තර්ජාතික අධිකරණයේ විනිශ්චයකරුවෝ ]]
 
නීතිය - අධිකරණය අධිකරණය යනු මහජනයාගේ ආරවුල් සඳහා මැදිහත් වීම සහ ඒවායේ විපාක කවරේ ද යන්න තීන්දු කිරීම සඳහා විනිසුරුවන්ගෙන් සැදුම් ලත් මංඩලයකි. බොහෝ රටවල ඉහළම අධිකරණ දක්වා අභියාචන කළ හැකි වන අභියාචන අධිකරණ පද්ධතියක් ද ඇත. උදා ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය, ඕස්ට්‍රේලියාවේ මහාධිකරණය, එක්සත් රාජ්‍යයේ සාමි මංතී්‍ර මණ්ඩලය. කෙසේ වෙතත් බොහෝ යුරෝපා රටවල ලක්ස්ම්බර්ග් හි පිහිටුවා ඇති යුරෝපා අධිකරණය යුරෝපා ව්‍යවස්ථාව අදාළ වන විට ජාතික නීතිය අභ්භවා යයි. යුරෝපා කවුන්සිලයේ සාමාජික රටවල පුරවැසියන් හට මානව හිමිකම් සම්බන්ධ ගැටළු ස්ට්‍රාස්බර්ග් හි පිහිටුවා ඇති යුරෝපා මානව හිමිකම් අධිකරණය වෙත ගෙන ආ හැකිය. සමහර රටවල ව්‍යවස්ථානුකූල නොවන නීතින් ඉවත් කර දැමීම සඳහා උපරිමාධිකරණයට බලය ලබා දී ඇත. ඇමරිකා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය ූඔඑ ව. ීඅඩඑ නඩුවේ දී ගබ්සා කිරීමේ දී කාන්තාවන්ට සහය වීම තහනම් කර තිබූ ටෙක්සන් නීතිය ඉවත් කර දමන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන සංශෝධනය ඇමරිකානුවන්ට පුද්ගලිකත්වයේ අයිතිය ලබා දී ඇත බවට අරථ කථනය කරමින් කාන්තාවන්ට ගබ්සාවක් සිදු කර ගැනීමට අයිතියක් ඇති බව ප්‍රකාශ කරන ලදී. ව්‍යවස්ථාදායකය තරමටම අධිකරණයත් ෙසෙද්ධාන්තිකව ව්‍යවස්ථාව මඟින් සීමා කරනු ලබයි. බොහෝ රටවල විනිසුරුවන් ව්‍යවස්ථාව සහ අනෙකුත් නීති පමණක් අර්ථකථනය කරනු ලබයි. නමුත් පොදු නීති සම්ප්‍රදා අනුගමනය කරන රටවල ව්‍යවස්ථානුකූල ගැටළු පූර්වගාමී සංකල්පය යටතේ අධිකරණය නීති අසම්පාදනය කරනු ලබයි. නමුත් එක්සත් රාජ්‍යය, ෆින්ලන්තය සහ නවසීලන්තය යන රටවල තවමත් පාර්ලිමේන්තුවේ පරම අධිකාරීත්වය තරයේ පිළිගන්නා අතර එමඟින් ප්‍රජාතන්ත්‍රවාදී ව තෝරා ගනු ලැබූ ව්‍යවස්ථාදායකය මඟින් සම්මත කරන ලද නීති තෝරාපත් කර නොගත් අධිකරණයකට ලබා නොදේ.
 
== නීතිමය නිලධාරීවාදය ==
 
[[Image:UN_Headquarters_2.jpg|thumb|නිවුයොර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධාන මුලස්ථානයේ සිටින සිවිල් සේවකයන් සමාජික රාජ්‍යයන් 192 කට සේවය සපයයි.
]]
 
නිලධාරීවාදය එනම් 'බියුරකරණීය" යන වදන ප්‍රංශ බසින් "කාර්යාලය" ට යොදන "බියුරෝ" යන වචනයේත් , ග්‍රීක් බසින් "බලය"ට යෙදෙන "ක්‍රටෝස්' යන වචනයේත් එකතුවෙන් සෑදුණකි. හමුදා,පොලිසිය මෙන්ම, රජයේ සේවකයන් හා සමුහයන්ට අයත් සියලුම නිලධාරින් පාලක පක්ෂයේ අභිමත ක්‍රියාවට නංවයි.මේ සියල්ලෝ නිලධාරිවාදියෝය.
 
මෙම සංකල්පයට මුලිකම නිර්දේශණයක් 1795 දී ප්‍රංශයේ විසු ජර්මන් ජාතික " බාරෝන් ඩී ග්‍රිම්" විසින් ඉදිරිපත් ‍ක‍ළේය. එහි ‍මෙසේ සඳහන් වේ.
 
"ප්‍රංශයේ හිටපු පාලකයෙක් වු මොන්සේ ඩි ගෝරනේ විසින් වැඩි වශයෙන් පැමිණිලි කරන ලද්දේ, ප්‍රංශයේ නීතිවල නියමඅර්ථය වු "නිලධාරි වාදය පිළිබඳවයි. මෙහි කාර්යාල ලිපිකරුවන්, කාර්යාංශ පරික්ෂකවරුන් පත්වන ලද්දේ මහ ජනතාවගේ ලාභ ප්‍රයොජන සඳහා නොවේ. සැබවින්ම මහජන උනන්දුව ස්ථාපනය වී ඇති බව පෙනී යාම නිසාවෙන් එම කාර්යාලවල පැවත්ම සිදුවුණි. තවමත් "නිලධාරින්ගේ ක්‍රියා කලාපය තුළ ඉහළින් සිදුවන නරුම වදය" සුලභව දක්නට ලැබේ. තවද ලාභ වලින් අභිප්‍රේරණය වී සිටින පෞද්ගලික ව්‍යවසායකයින් හා නියමානුකූලව මහජන සේවකයේ නියැළෙන්නන්ගේ ක්‍රියා කලාපය අතර පැහැදිලි වෙනසක් තිබෙ. ඇත්ත වශයෙන්ම කියතොත් පෞද්ගලික අංශයේ මහා පරිමාණ සමාගම් වලද " නිලධාරීවාදය" දක්නට ලැබෙන අවස්ථා පවතී. හුවමනා රෙගුලාසි ආදියේ සෘණාත්මක හැඟීම් පසෙකලූ කල පොදු ජන සේවාවන් වන අධ්‍යාපනය, සෞඛ්‍ය, පොලීසිය, පොදු ප්‍රවාහනය ආදිය තීරණාත්මක තත්ත්වයක ක්‍රියාත්මක වනුයේ " මහජන නිල බල ක්‍රමය ", ආණ්ඩුවේ බලය යොදන පාදය හෝ ස්ථානයක් බවට පත් කරමිනි.
 
විසි වැනි ශත වර්ෂයේදී ලේඛක " මැක්ස් වේබර්" ලියා දක්වා ඇති පරිදි,නිල බල ක්‍රමයෙන් ලැබෙන සහයෝගය ඕනෑම දියුණු ජනපදයක දක්නට ලැබෙන නියත ලක්ෂණයකි. තවදුරටත් ඔහු කියා සිටින්නේ නිලධාරීවාදයේ ආවේනික ලක්ෂණ වනුයේ “නිලධාරින්ට තම මෙහෙයුම පැහැදිලි කිරිමත්, ඉහළ සිට පහලට වන තෙක් සියළු ශ්‍රේණිවල අය කළමණාකරණය කිරිමට හැකිවන පරිදි වෘත්තිය විශේෂඥයන් තැනීමත්, ලිඛිත සන්නිවේදනය තුළින් මහජන සේවකයන්ගේ අභිමතයන් නීති වලින් බැඳ තැබිමත්ය”.
 
== නීතියේ ආර්ථික විශලේෂණය ==
 
[[Image: Richard-A-Posner.jpg|frame|thumb|රිචඩ් පොස්නර්]]
නීතියේ ආර්ථික විශලේෂණය යනු නීතිමය සිද්ධාන්ත ආර්ථික විද්‍යාවේ සංකල්පයන් සහ ක්‍රමවේදයන් නීතිගත කිරීමේ සහ නීතිය සඳහා යොදා ගැනීමේ ප්‍රවේශයයි. රිචඩ් පොස්නර් සහ ඔලිවර් විලියම්සන් වැනි බලගතු යෝජකයින් ඇතුළුව සහ මිල්ටන් ෆ්රීඩ්මන් සහ ග්රේ බෙකර්ද, චිකාගෝ ආර්ථික විද්‍යාඥයින් සහ නීතිඥ විද්‍යාලය විසින් සාමාන්‍යයෙන් පාලන රීති හා සීමා ඉවත් කිරිම සහ පුද්ගලීකරණය සම්බන්ධයෙන් උපදෙස් දෙනු ලබයි. එමෙන්ම රාජ්‍යය යාමනයට එදිරිව හෙවත් ඔවුන් දකින ආකාරයට නිදහස් වෙළෙඳ පල තුළ ක්‍රියාත්මක වීම සීමා කිරීමට විරුද්ධව ක්‍රියා කරයි. 1991 දී නොබෙල් ත්‍යාගලාභී රොනල්ඩ් කෝස් විශිෂ්ට ආර්ථික නීති විශ්ලේෂකයෙකු ලෙස හඳුන්වා දිය හැකිය. ඔහුගේ The Nature of the Firm (1937) නමැති ලිපියෙන් සමාගම්වල පැවැත්ම සහ ගණුදෙනු වියදම්වලට හේතු ඉදිරිපත් කරන ලදී. බුද්ධිමත් පුද්ගලයින් ද්වී පාර්ශ්වික ගිවිසුම් මඟින් විවෘත වෙළෙඳ පළේ ගණුදෙනු පිරිවැය මධ්‍යස්ථ අගයක් ගන්නා තුරු සහයෝගීතාවයන් භාවිතයෙන් පිරිවැය වඩා ඵලදායී වන අන්දමින් නිෂ්පාදන සිදුකරනු ලබයි. ඔහුගේ දෙවන ලිපියෙන් (The Problem of Social Cost 1960) ගණුදෙනු පිරිවැයක් නොමැති ලොවක ජීවත් වන්නේ නම් දේපළ ආරවුල් සම්බන්ධ අධිකරණ තීන්දු නොතකා ජනතාව සම්පත් බෙදා හදා ගැනීම සඳහා එකිනෙකා හා හෙට්ටු කරන තත්ත්වයක් නිර්මාණය වන බවට තර්ක කරන ලදී.
 
 
== මේ අඩවිත් බලන්න ==
"https://si.wikipedia.org/wiki/නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි